සයිටම් කළුපටි වැඩපලටත්

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ සයිටම් (SAITM) උපාධි කඩයට විරෝධය පලකිරීමේ සටනට සහයෝගය දැක්වීම සඳහා පෞද්ගලික සමාගම් හි සේවය කරන අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයෝ අද (27) කළුපටි බැඳ සේවයට වාර්තා කළහ.

අන්තර් සමාගම් සේවක සංගමයේ වෘත්තීය සමිති ශාඛා පවතින සිලෝන් බිස්කට් සමාගම, පේන්ට් ඇන්ඞ් ජෙනරල්, ලංකා ටයිල්ස්, කොකා-කෝලා සමාගම, මීපේ වෝල්ටයිල්ස්, දංකොටුව පෝසිලේන්, එවරි ඩෙනිසන්, ඇක්වා පැකේජිං, සියාම් සිටි සිමෙන්ති (හොල්සිම්) ගාල්ල, මැක්සීස් ඇන්ඞ් කම්පණි, සියැට් කැලණි, රොෂෙල් බාත්වෙයාර් ආදී ප‍්‍රධාන පෙලේ සමාගම් ඇතුලූ ආයතන විශාල සංඛ්‍යාවක සේවකයෝ මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියහ.

‘‘නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් වනසන සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු’’ යන විරෝධතා සටන්පාඨය සහිත කළුපටියක් අතේ බැඳගනිමින් උදේ 6.00 සිට සියලූ සේවා මුරයන් ආවරණය වන පරිදි මෙම විරෝධතාවය කි‍්‍රයාත්මක විය. රජයේ වෛද්‍ය විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම විරෝධතාවයට සහභාගි වී සිටි සේවකයන් හමුවී අන්‍යොන්‍යය සුහදත්වය හා සහෝදරත්වය වර්ධනය කරගැනීම ද විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *