ආදරණීය සොමායා – නිරෝෂා සුමුදුනී

සොමායා
බුර්කාවෙ කළු පාට
තවමත්
නුඹ වෙලාගෙන කුමක්
සඟවයිද සොමායා

පුරා හඳ නැගි විලස
පෙර සිනාසුණු නුඹට වාගෙම
නුඹේ දූ වුණු පවට
පණ පිටින් දැවෙන්නට
සිදු උණා ඒ කෙලි පොඩිත්තට

ඔව් ඇත්ත උන් උන්ව
සතපවා ගන්ටවත්
කවුරුත් ම එන්නෙ නෑ
දැන් උඹව සිප ගන්න

නුඹෙ මුහුණ දියවී
මාංශය කඩා හල
නුඹේ හිමි වීසිකල
සාපලත් ලෝ දිය වතුර
නුඹේ ජීවිත වසා
ගලා ගොස් අහවරය

දැන් ඉතින් කළු සළුවෙන්
මුහුණ වසා හිඳින්
සොමායා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *