මෛත්රීට ඇනයක් වූ සෝලංගගේ රුසියා ගමන
කොළොන්නාව ප්රා දේශීය සභාවේ සභාපති ප්රසංන්න සෝලංග ආරච්චි හදිසියේ තවත් මිතුරන් දෙදෙනෙකු ද සමග රුසියාවේ සංචාරය කොට ඇත. මෙම සංචාරය හා ජනාධිපති මෛත්රීපාල සිරිසේනයන්ගේ නිළ රුසියානු සංචාරය අතර කිසිදු සම්බන්ධයක් නැතත් ඔවුන් පිරිස කල්තියාම ජනාධිපතිවරයා සිටින හෝටලයේම කාමර වෙන්කොට ගෙන සිට ඇත.
කෙසේ නමුත් මේ වනවිට ජනාධිපතිවරයාගේ නිළ උත්සව හා හමුවීම් සිදුවන අතර ඒ අතර තුරට සෝලංග ආරච්චිද පැමිණීම ජනාධිපතිවරයාට මෙන්ම අනෙකුත් සංචාරය සදහා සහභාගී වූ ඇමැතිවරුන්ටද හිසරදයක් ව ඇත.
කෙසේ නමුත් කිසිදු සම්බන්ධයක් නැතිව ජනාධිපතිවරයාගේ සංචාරය සමග මෙය යොදා ගැනීම සෝලංග ගේ කූඨෝපක්රමයක් බවට සැක පළවී ඇත.