කුණු කන්ද ඉවත් නොකළ යුතුය – ( කුණු කන්දේ political 02 )

කොලොන්නාවේ කුණු කන්ද හෙවත්, මීතොටමුල්ලේ කුණු අසල පංදිචිව හුන්, සංචාරක ක්ෂේශ්ත්‍රයට මෙන්ම වමේ පක්ෂයකට සම්බන්ධ මිතුරෙක්, මේ ආකාරයෙන්ම කුණු කන්ද ගැන ආරෝවක් ඇති උන වෙලේ, මාතලන්ට කතා කළේ, මාතලන්ගේ බ්ලොග් කෙරුවාව ගැනත දැනගෙන උන් නිසාවෙන්මය. එදින පැවති රැස්වීම එකම කාළගෝට්ටියක් වූ අතර, මාතලන් කළේ මිතුරාද කැටුව ඔහුගේ නිවසට ගොස් අනුමත වීමට කටයුතු කිරීමයි. එහිදි සුරයන්ගේ පානයක් වන සුරාව හා ගෝලිප් වලින් සන්තර්පනය වූ මුත්, කිසිම කට ගැස්මක් උගුරෙන් පහළට නොගියේ එහි ඇති දුර්ගන්ධය නිසාමය.
ඌ මගෙන් ඇසුවේ කරන්නේ කුමක්දැයි කියාය. මාතලන් දුන් උපදේශය වූයේ, කුණු කොල්ලයට හෝ නිවස විකුණා, මේ අපායෙන් පිටව යන ලෙසයි. මෙයට කිසිදා විසඳුමක් නොලැබෙන බවත්, මෙය තනිකර දේශපාලන මඩ ගොහොරක් බවත්, කාළකන්නි දේශපාලුවන්, පාතලය හා කුණු බිස්නස් කාරයන්ගේ මාෆියාවක් බවත්, එදා සඳහන් කළෙමු.
ඉන් පසු වෙනත් ප්‍රදේශයකට ගිය මිතුරාට, ආයෙත් කරුමය පාත් වූයේ, කොළඹට ගංවතුර ගැලූ දවසේය. එදිනද මාතලන් ඇමතු ඌ කින්ඩියට ඇහුවේ, දැන් කරන්නේ මක්කාද කියාය. එදිනද මාතලන් කියා සිටියේ, මුන් මෙයට කිසි දින විසඳුමක් නොදෙනා බවත්, යලිත් අනිවාරයයෙන් මෙලෙසම කොළඹ නඟරය යටවන බවත්, ගංවතුරේ ආතල් ගන්න අවශ්‍යම නම් පමණක් දැන් සිටිනා නිවසේ සිටිනා ලෙසත්, එසේ නොමැති නම් ඔය නිවසද විකුණා වෙනත් නිවසකට යන ලෙසත්ය. එලෙසම වෙනත් නිවසකට ගිය මා මිතුරා, අද මට පින් දෙන්නේ මීතොට මුල්ලෙන් අපව පිට කලාට මාතලන් තොට බොහෝම පින් කියලාය.
මේ කතාව ගැන බ්ලොග් පෝස්ට් එක දමන්නට සිටියදි, බ්ලොග් ලියනා ගුරුතුමියක් වන “සොසී” බුකියේ පෝස්ටුවක් දමමින් සැමගෙන් විමසා සිටියේ, ඇය උගන්වන පාසලේද නාය යාමේ සළකුණු පෙන්වන බවත්, කළ යුත්තේ කුමක්දැයි කියාත්ය. මාතලන් සඳහන් කර සිටියේ, වහාම වෙනත් පාසලක් සොයා ගෙන යන ලෙසය. එහිදි පිළිතුරු කොමෙන්ටුවෙකින් දමා ගැසූ සොසීට මාතලන් කියූ දේ ඇත්තයි කියා සුළු මොහොතකින් තේරුම් යන්නට ඇතිය.
මාතලන් එසේ කීවේ, මේ කාළකන්නි මළ මූසල කුණු ජරා වී ඕජස් ගලන තුප්පහි රටේ, උපදෙස් දෙන්නට ඕනා තරම් හාල්පාරුවන් උන්නද, ඒවා ක්‍රියාත්මක ක්‍රීමට එකෙක්වත් නොමැති බව, දශක 50 ක් තිස්සේ අම්මට සිරි ලංකව පිළිබඳ ජීවිතාබෝධයෙන්ම ලබා ඇති ඇක්ස්පීරියන්ස් නිසාමය. මේ කාළකන්නි නියපොත්තෙන් කඩා දැමිය හැකිව යුද්ධයක් අවුරුදු 30 තිස්සේ එය අදායමක් කරගෙන ජීවත් වූ කාළකන්නීන්ය. මේ කුණු කන්ද නාය යන බවට නොයෙකුත් විශේෂඥ්ඥයින් සඳහන් කළද පයිසෙකට මායිම් නොකලේය. ඊළඟට එන්නේ අයිසීස් ප්‍රශ්ණයය.
ඉසුර දේවප්‍රිය කියන්නේ ඇත්ත නම්, මාතලන් එදා මාතලන්ගේ මිතුරාට පවසා සිටි සියළුම දෑ අද ඔහු තහවුරු කර ඇත. ඔහු කියන්නේ ඇත්තක් නම්, ජනපති හා අගමැතිද සිටිය යුත්තේ වැලිකඩය. ඔහු කියනා පරිදි නොයෙකුත් හේතුන් උඩ ඔහු ගෙන ආ යෝජනාව සියල්ලෝම පයිසෙකට මායිම් කර නැත. රජයට සතයක්වත් වියදම් නොවනා ආකාරයට කසළ කළමණාකරනය කිරීම සඳහා ඔහු ඉල්ලා ඇත්තේ පර්චස් 60 ක ඉඩමක් පමණි. අනෙක් සියල්ලම කරන්නේ ආයෝජ්කයන්ය. එදා සිටම මේ කුණු ප්‍රශ්ණයට සිඳු වූයේ මෙයයි. මේ කුණු කන්දෙන් ජීවත් වන බැක්ටීරීයාවන්ට වඩා ආතල් එකක් ගන්නේ, කාළකන්නි දේශපාලුවන් හා නිළධාරින් බවත් එවාට මහාම උන් හවුල් බවත් කියන්නේ, අප නොව බස්නාහිර මහ ඇමතියා වන ඉසුර දේවප්‍රියමය.
ඔහු කියන්නේ බොරුවක් නම්, චෝදනා එල්ලවන ඇමතිවරුන් මෙන්ම අගමැති මෙන්ම ජනපතිද මේවාට පිළිතුරු දිය යුතුය. විශේෂයෙන් පරිසර ඇමති වන ජනපති, පත්ත්‍රේ හෝ බලා මෙයත් කාපට් අස්සේ දමා කින්ඩි හිනාවකින් හා කිසිදා වාර්ථා එලි නොදක්වන කොමිටි පත් කර ජනතාවට ජෝක් දමා තමාත් ජෝකර කෙනෙක් වන්නේ නැතිව, මෙළෝ දෙයක් නොකරපු එකේ කුණු ප්‍රශ්ණයවත් විසඳනවා නම් බොහෝම හොඳය. ඒත් ඉතින් පක්ෂේ තියෙන කුණු ටික ඉවත් කර ගන්න බැරි වාහේ, කොළඹ කුණු වලට පිලියමක් දෙයි කියා අප නම් හීනෙන්වත් සිතන්නේ නැතිය.
ඒ නිසා මාතලන් නම් කියන්නේ ඔය එක එකා කීවාට කුණු කන්ද ඔතනින් ඉවත් කරන්න ඔනෑම නැත කියාය. එතකොට ඕකෙන් කන කෑම එහෙම පිටින්ම නවතිනවාය. එයින් ජීවත් වන බැක්ටීරීයාවන් හා දේශපාලුවන්ට ඉන් හානි සිඳුවන්නටද ඉඩ ඇත්තේය. ඒ නිසා, ඒ අවට බිලි පූජා සඳහා වෙන් කර ඇති පිරිස් වෙනත් කොහේට හෝ ගාල් කොට, කුණු කෑමේ තරඟය දිගටම හා ජයටම කරගෙන යාමට ඒ පුණ්‍යකර්මයට දායක වූ සියළුම මහ උන්ට මෙන්ම පොඩි එකාටත්, දෙවියන්ගේ ආශිර්වාදය හා රත්නත්තරේ පිහිට ආරක්ෂාව ලැබේවායි කියා පතා මේ හෑල්ල මෙතනින් නවතා දමනවාය.
ඒ අස්සේ සිඟිති ආතල් දෙන මැටි මෝල් පරිසරවේදින් කියන්නේ මීතොටමුල්ලේ ඛේදවාචකයට අපද සම්මාදම් වී ඇති බවත්, අපි ඉවත දැමූ ටොපි කොලේ හා කෑම කොල නිසා මේ මිනිසුන් මිය ගිය බවත්ය. මේ බබාලාගේ කටට ටොපියක් දමා, කොලේ සාක්කුවට දමා අපට කීමට ඇත්තේ, අපට කුණු කන්න බැරි නිසා විසිකරනා බවත්, ඒවා කළමණාකරණය සඳහා වැට් වලට අමතරව වරිපනම් ගෙවනා බවත්, ඊටත් අමතරව කුණු එකතු කරනා පිරිසටද මසකට වෙනම මුදලක් ගෙවනා බවත්ය. ඔහේලාට ඕනා නම් කුණු කෑවාට අපට නම් අවුලක් ඇත්තේ නැතිය.

මාතලන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *