තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් ලංකාවටම තෙල් නෑ

ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය කැබිනට් පත්‍රිකාවක් හරහා ඉන්දියාවට පැවරීමට ආණ්ඩුව සුදානම් වන බවත් ඊට එරෙහිව ඛනිජ තෙල් සේවකයෝ දැවැන්ත වැඩවර්ජනයකට සුදානම් බවත් ඛනිජතෙල් පොදුසේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අශෝක රන්වල මහතා මේ බව පැවසූ අතර එළඹෙන 28 වැනි දින එම ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවද එහිදී ඒ මහතා අනාවරණය කර සිටියේ ය.

රජයේ සම්පතක්ව පවතින චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීමට ආණ්ඩුව සුදානම් වුවහොත් පිරිපහදුවේ සිට ගුවන් ගමන් සඳහාද ඉන්ධන ලබා දීම අත්හිටුවන බවයි හෙතෙම අවධාරණය කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසූවේ ඛනිජ තෙල් සේවකයන්ට ආණ්ඩුව ඇහුම්කන් නොදුන්නොත් රටේ සෑම ක්ෂේත්‍රයක්ම අඩපණ වනු ඇතැයි පෙන්වා දුන් රන්වල මහතා කියා සිටියේ කිසිලෙසකින්වත් අනාගත පරම්පරාවේ දේපළ සුරක්ෂිත කිරීමේ වෑයම අත්නොහරින බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *