කුණු ප්‍රශ්නයෙන් මහජන පීඩා ඇති කරන්නේ ආණ්ඩුව – රවින්ද්‍ර මුදලිගේ
කුණු ප්රශ්නය විසඳීමට බල කරමින් උද්ඝෝෂණය කරන ජනතාව මහජන පීඩාව සිදුකරන බව පවසමින් ඔවුන්ව අධිකරණයට පැමිණවීමට රජය කටයුතු කළද, කුණුකඳු ගොඩගැසීම හරහා මහජන පීඩාව සිදුකරන්නේ ආණ්ඩුවම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.
ඊයේ (23) කොළඹදී එම පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවීන්ද්‍ර මුදලිගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකය පිළිබඳව මීට කලින් ජනතාව විසින් ආණ්ඩුවට අනතුරු ඇඟවුවද නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමට අපොහොසත් වූ රජය දැන් කරදියාන, දොම්පෙ ආදී ප්‍රදේශවල තවත් කුණුකඳු ගොඩගැසීමට කටයුතු කරන බව මුදලිගේ මහතා පවසයි. එහෙත් සිදුකළ යුත්තේ කසල ප්රතිචක්රීයකරණය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීම බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙන්නේ.
පසුගිය වසර 10 ක කාලය තුළ කසල ප්‍රශ්නයට ප්‍රබල වගඋත්තරකරුවකු වූ වත්මන් මෙගාපොලිස් අමාත්‍ය චම්පික රණවක මහතා ජනතා විරෝධය මර්දනය කර හෝ කරදියාන හා දොම්පෙ ප්‍රදේශවල කුණු ගොඩගසන බව පවසන බව පෙන්වා දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ දැන්වත් මෙයට ස්ථිර විසඳුමක් ඉදිරිපත් කර යුතු බවයි.
LNW