මැයි දිනය අයිතිකම්කරුවාට එජාප – ශ්‍රිලනිප එයට අපහාස කරනවා – ටිල්වින් සිල්වා

එජාපයත් ශ්‍රීලනිපයත් සිය පාක්ෂිකයන්ට මත්පැන් ලබාදී මැයිදිනය පාරේ බජව්වක් පවට පත්කරලා මැයි දිනයට අපහාද කන්නේ නැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
මැයි දිනය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේ ,

“මෙවර මැයි දිනය වැඩකරන ජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඉතා වැදගත් මැයි දිනයක්. මේ වනවිට ආණ්ඩුවත් සමාජයත් ආර්ථික, සංස්කෘතික, සමාජයීය බරපතළ අර්බුදයක් හමුවේ තිබෙන අවස්ථාවක්. ඒ නිසාම ජනතාවටත් රටටත් වෙනසක් අවශ්‍ය මොහොතක්. පාලනයේ කිසියම් වෙනසක් ඕන අවස්ථාවක්. ඒ වෙනුවෙන් ජනතා බලවේග බලමුළු ගැන්වීමේ අරමුණින් තමයි මෙවර ජනතා විමුක්ති පෙරමුණ මැයි රැලිය සංවිධානය කොට තිබෙන්නේ. මෙවර ජනතා විමුක්ති පෙරමුණ විසින් මැයි දින රැලි දෙකක් සංවිධානය කරනවා. එකක් සුපුරුදු පරිදි කොළඹදී පවත්වන අතර උතුරේ ජනතාව සම්බන්ධ කර ගනිමින් යාපනයේදී මැයි දින රැලියක් පවත්වනවා. කොළඹදී පවත්වන මැයි රැලිය “ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැලිය” යන තේමාවෙන් යුතුව බී.ආර්.සී. පිටියේදී පවත්වනවා. පෙළපාලිය දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයෙන් දහවල් 12.00ට පමණ ආරම්භ කරනවා. අෙප්‍ර්ල් 30වැනිදා යාපනයේ මුට‍්‍රවේලි පිටියේදී මැයි රැලියක් පවත්වන අතර එහි තේමාව “ජාතික සමගිය වෙනුවෙන් සමාජවාදය” යන්නයි. පෙළපාලිය යාපනය දුම්රියපොළ අසලින් ආරම්භ කරන අතර ගොවි සංවිධන, ධීවර සංවිධාන විශ්විද්‍යාල ආචාර්යවරුන් කලාකරුවන් ඇතුළු සංවිධාන ගණනාවක සහභාගිත්වයෙන් එය පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *