Huawei සිය සාර්ථකත්වයේ පස්වන වසර සමරයි

මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛතම සමාගමක් මෙන්ම ලොව ප්‍රමුඛ සන්නාම රැසක ශ්‍රී ලංකාවේ බෙදාහැරීම් නියෝජිතයා වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ශ්‍රී ලංකාවේ ප්‍රබල ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei සමඟ වන ව්‍යාපාරික සහයෝගීතාවයේ අති සාර්ථක පස්වන වසර සමරයි. සිංගර් සමාගම Huawei ස්මාර්ට්ෆෝන් සහ අනිකුත් උපාංග සඳහා මෙරට බෙදාහැරීම් නියෝජිතයා වෙයි.

වසර 2012 දී ඇරඹි සිංගර් සහ Huawei අතර වන ව්‍යාපාරික සබඳතාවය තුළින් අති සාර්ථක ලෙස Huawei ස්මාර්ට්ෆෝන් මෙරට පාරිභෝගිකයා අතරට ගෙනයන්නට සිංගර් සමාගම සමත් වූ අතර දිවයින පුරා විහිදුනු සිංගර් බෙදාහැරීම් ජාලය උපයෝගී කරගනිමින් Huawei ස්මාර්ට්ෆෝන් සහ උපාංග බෙදාහැරීමට සිංගර් සමාගම සමත් විය. එම අලෙවි ක්‍රියාන්විතය හේතුවෙන් වසර 2015 දී මෙරට ස්මාර්ට්ෆෝන් සන්නාම අතර 2 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත්විය. සිංගර් සමාගමේ ස්මාර්ට්ෆෝන් අලෙවිය සහ Huawei අතර වන සහයෝගීතාව හේතුවෙන් මෙරට ස්මාර්ට්ෆෝන් පාරිභෝගිකයින්ගේ නොමඳ ආකර්ෂණය දිනා ගැනීමට Huawei සන්නාමය සමත් ව තිබේ.

Huawei සමාගම සමඟ වසර 5ක සබැඳියාව පිළිබඳව අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ Huawei සන්නාමය සමඟ පසුගිය වසර 5 තුල සම්බන්ධ වී ඉතා කෙටි කාලයක් තුළ Huawei සන්නාමය මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත් කිරීමට ලැබීමත්, සිංගර් සමාගම මෙරට ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් අලෙවි කරු බවට පත් වීමත් පිළිබඳ හෙතම ඉතා සතුටට පත්වන බවයි.

පාරිභෝගික විශ්වාසය තහවුරු කරගනිමින් සහ අලෙවි ක්‍රමෝපාය මැනවින් යොදාගනිමින් Huawei මෙරට සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන ඇති අතර වසර 2016 දෙසැම්බර් මාසය වනවිට සිංගර් විසින් රුපියල් බිලියනයක සීමාව ඉක්මවමින් Huawei ස්මාර්ට්ෆෝන් අලෙවි කර තිබේ. එමෙන්ම මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළ තුල 30% ක ප්‍රතිශතයක් Huawei විසින් අත්පත් කර ගැනීමද සිංගර් Huawei සබඳතාවයේ ප්‍රතිඵලයකි. මෙම සබඳතාව ඔස්සේ වසර 2017 වන විට මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳ පළේ 50% ක ප්‍රතිශතයක් අත්පත් කර ගැනීම සිය මීළඟ ඉලක්කය බවට පත්කරගනිමින් Huawei මේ වනවිට කටයුතු කරයි.

Huawei සහ සිංගර් අතර මෙම සබැඳියාව පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමෙන් ලද දායකත්වයට සිය ස්තූතිය පිරිනැමූ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ අතර මෙරට පාරිභෝගික හදවත් පහසුවෙන් දිනා ගැනීමට Huawei සන්නාමයට හැකිවූයේ සිංගර් ශ්‍රී ලංකා සමාගම සමඟ වන සබඳතාව නිසා බවයි. ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් අතර ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසාදය දිනූ ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වීමට Huawei ස්මාර්ට්ෆෝනයට හැකිවූයේ සිංගර් ශ්‍රී ලංකා සමාගම සතු පුළුල් වෙළඳ ජාලය නිසා බව ද හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේය.

වසර 2016 දී Huawei සිය ආදායමින් 14.6% ක ප්‍රමාණයක් සමීක්ෂණ සහ සංවර්ධන කටයුතු සඳහා යොදවනු ලැබීය. එම ප්‍රමාණය වීන යුවාන් බිලියන 76.4 කි. පසුගිය දශකය පුරාම මේ ආකාරයට සමීක්ෂණ හා සංවර්ධන කටයුතු සඳහා Huawei වැය කර ඇති සම්පූර්ණ මුදල චීන යුවාන් බිලියන 313 කි. එම සමීක්ෂණ සහ සංවර්ධන සඳහා කළ වැයකිරීම් වල ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් විශිෂ්ට මාදිලියේ ස්මාර්ට්ෆෝන් පෙලක් නිපදවීමට Huawei සමාගමට හැකිවී තිබේ. HUAWEI P10 සහ P10 Plus වැනි නවතම තාක්ෂණික පහසුකම් සහිත ස්මාර්ට්ෆෝනය දක්වා නව නිෂ්පාදන පෙළක්ම හඳුන්වා දුන්නේ එම සමීක්ෂණ පදනම් කර ගනිමිනි.

ලෝ ප්‍රකට Forbes ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වටිනාතම සන්නාම 100 අතරට එක්වීමට Huawei මෑතකදී සමත් වූ අතර එය Huawei හි සාර්ථකත්වයේ පියවරකි. Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහය පසුගියදා නිවේදනය කළේ 2017 පළමු කාර්තුව වන විට ස්මාර්ට්ෆෝන් මිලියන 34.55 ක් අපනයනය කර ඇති බවයි. මෙය වසරින් වසර වර්ධනයක් ලෙස සැලකූ විට 21.6% ක වර්ධනයකි. IDC වාර්තා වලට අනුව Huawei හි ජාත්‍යන්තර වෙළඳ පළ ප්‍රතිශතය 9.8% කින් වර්ධනය වී තිබේ. ඒ අනුව Huawei සන්නාමය ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාම ත්‍රිත්වය අතරට එක්වීමට සමත් වී තිබේ. ලොව ප්‍රකට Interbrand’s හි 2016 ශ්‍රේණිගත කිරීම් අනුව ලොව ප්‍රමුඛතම සන්නාම 100 අතර 72 වන ස්ථානය හිමිකරගැනීමට Huawei සමත් වී තිබේ. මේ අතර BrandZ’s හි ලොව වටිනාතම සන්නාම 100 අතර 50 වන ස්ථානය හිමිකර ගැනීමට ද Huawei සමත් ව තිබේ.

Huawei ස්මාර්ට්ෆෝන් සඳහා වරප්‍රසාද රැසක් පිරිනමමින් සිංගර් සමාගම දිවයින පුරා සෑම නගරයකම පාහේ පිහිටි ශාඛා ජාලය ඔස්සේ Huawei ස්මාර්ට්ෆෝන් බෙදාහරිනු ලබයි. මේ නිසා පාරිභෝගිකයාගේ සිතැඟියාව පරිදි අතේ ඇති මුදලට සරිලන ස්මාර්ට්ෆෝනයක් මිළදී ගැනීමේ අවස්ථාව සිංගර් විසින් සලසා දී තිබේ. මූලික අවශ්‍යතාවන්ට සරිලන ස්මාර්ට්ෆෝනයේ සිට ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනය දක්වා දිවයින පුරා පිහිටි 400 කට අධික සිංගර් අලෙවි සැල් සහ 1600 කට අධික ඩිජිටල් මාධ්‍ය අලෙවි සැල් ඇතුළු 2000 කට අධික අලෙවි සැල් වලින් මිළදී ගැනීමට හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *