Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei හි නවතම ස්මාර්ට්ෆෝනය වන Huawei GR3 2017 ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. Google හි Android 7.0 මෙහෙයුම් පද්ධතියකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය තවත් විශේෂාංග රැසකින් යුක්ත වෙයි.

කාර්යක්ෂමතාව සහ පහසුව අතින් නවීන උපාංග සැපයීමේ Huawei හි අරමුණු මුදුන්පත්කරමින් නිර්මාණය කර ඇති නව Huawei GR3 2017 අතින් හොඳින් අල්ලා ගත හැකිවන ප්‍රමාණයේ නිපදවා තිබේ. රන්වන් , කළු සහ නිල් වැනි වර්ණ රැසකින් මිලදී ගත හැකි Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය 5.2 inch FHD In-cell IPS තිරයකින් යුක්ත වෙයි. මෙහි ඇති ඒකක 5ක බහුකාර්ය ස්පර්ශකය පහසුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා 2.5d වක්‍ර වූ ස්පර්ශක තිරය IPS FHD 1920-1080 තත්වයේ රූප රාමු සහ 16M වර්ණ පද්ධතියකින් සමන්විත වෙයි.

නවතම ඇඟිලි සළකුණු තාක්ෂණයෙන් යුක්ත වන Huawei GR3 2017 ඉතා වේගයෙන් තිරය ක්‍රියාත්මකකරවා ගැනීමේ පහසුකම් වලින් සහ ඇප්ස් ක්‍රියාත්මක කරවා ගැනීමේ පහසුකම් වලින් යුක්ත වෙයි.අවශ්‍ය නම් පාරිභොගිකයින් වෙත සැපයෙන Huawei ID පහසුකම ක්‍රියාත්මක කරවා ගැනීම තුළින් ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ඇමතුම්වලට පිළිතුරු දීම, ඡායාරූප සෙවීම මෙන්ම එලාර්ම් එක ක්‍රියාත්මක කරවා ගැනීමේ පහසුකම මෙම ස්මාර්ට්ෆෝනය සතුවෙයි. මෙහි ඇතුළත් නවතම විශේෂාංගය වන Noise canceling technology යටතේ වන FM තාක්ෂණය හා මුසුවූ ද්විත්ව මයික්‍රෆෝනය මඟින් බාහිර ශබ්ද අවම කරමින් සන්නිවේදනයේ නිරත වීමට අවකාශ සකස් කර දෙයි.

Kirin 655, 4*2.1GHz A53 & 4*1.7GHz A53 ප්‍රොසෙසරයකින් සහ 3GB RAM එකකින් සමන්විත මෙම ස්මාර්ට්ෆෝනය අධිවේගී LTE ජාලය යටතේ 150Mbps/50Mbps වේගයකින් ක්‍රියාකරයි. නවතම GR3 2017 ස්මාර්ට්ෆෝනය ස්වංයක්‍රියව නාභිගත වන 12MP පසුපස කැමරාවකින් සහ LED Flash+ 8MP ඉදිරිපස කැමරාවකින් යුක්ත වෙයි. මෙහි පසුපස කැමරාව විශාල 1.25um pixels ප්‍රමාණයේ ඡායාරූප ලබාදෙන අතර අඩු අලෝක තත්වයකදී වුව ඉතා හොඳින් ක්‍රියාකරන අතර වීඩියෝ පටිගත කිරීම් වලදී අමතර ශබ්ද වලින් වන හානිය ඉවත් කරයි.

මෙහි ඉදිරිපස කැමරාව අංශක 83⁰ පුළුල් කෝණයකින් ආවරණය වන ප්‍රදේශයක් ඡායාරූප ගත කළ හැකි අතර F2.0 aperture එකකින් ද සමන්විත වෙයි. පසුපස කැමරාව light painting, time-lapse, panorama, HDR, ආදී වශයෙන් වන විශේෂාංග රැසකින් සමන්විත වන අතර සප්ර්ශ කරමින් සහ හඬ මගින් පාලනය කළ හැකිවීම මෙහි ඇති විශේෂතා වෙයි. මෙහි Wi-Fi පහසුකම් 802.11 b/g/n ධාරිතාවකින් යුතු වන අතර accelerometer, proximity sensor, ambient light sensor සහ magnetometer (compass) ආදී පහසුකම් වලින් ද මෙම ස්මාර්ට්ෆෝනය යුක්ත වෙයි. මෙම ස්මාර්ට්ෆෝනය ලිතියම් පොලිමර් බැටරියකින් සමන්විත වන නිසා මෙම ස්මාර්ට්ෆෝනය දිගු වේලාවක් සක්‍රිය ව තබාගැනීමේ හැකියාව සහිත වෙයි.

දේශිය වෙළඳ පලට මෙම නවතම ස්මාර්ට්ෆෝනය හඳුන්වා දෙමින් අදහස් දැක්වූ Huaweiස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලාකික ස්මාර්ට්ෆෝන්ලෝලීන් වෙත නවතම ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් තිළිණ කිරීම සඳහා Huawei GR3 2017 හඳුන්වාදෙන බවයි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ ජීවන රටාවට ගැලපෙන ආකාරයේ ස්මාර්ට්ෆෝන් විසඳුම් රැසක් Huawei විසින් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් හෙන්රි ලියු මහතා තම කැමැත්ත පරිදි ස්මාර්ට්ෆෝන් තෝරාගැනීමට Huawei වෙතින් අවස්ථාව සලසා දී ඇති බවද පෙන්වා දුන්නේය.

Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනය Huawei හි ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා හා එක්ව මෙරට බෙදාහරිනු ලබයි. සිංගර් ශ්‍රී ලංකා ප්‍රදර්ශණාගාර සහ තොරාගත් වෙළඳ නියෝජිතයින් වෙතින් මෙන්ම Huawei Experience centres රුපියල් 31,900 කට Huawei GR3 2017 ස්මාර්ට්ෆෝනයක් මිළදී ගත හැකිය.

2016 වසරේ Brand Finance වාර්තා වලට අනුව ලොව හොදම සන්නාම අතර 47 වන ස්ථානය හිමිකර ගැනීමට Huawei සමත් වූ අතර ශ්‍රී ලංකාවේ හොඳම සන්නාම ශ්‍රේණිගත කිරීම සඳහා Interbrand සැකසූ වාර්තාවට අනුව Huawei 72 වන ස්ථානය හිමිකරගෙන සිටියි. එමෙන්ම GfK වාර්තා වලට අනුව මෙරට් ස්මාර්ට්ෆෝන් වෙළඳ පළින් 30% ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින Huawei මෙරට අංක 2 ස්මාර්ට්ෆෝනය වෙයි.

2017 වසරේ පළමු කාර්තුව තුළදී Huawei විසින් ස්මාර්ට්ෆෝන් මිලියන 34.55 ක් අපනයනය කර ඇති අතර එය වසරින් වසර වර්ධනයක් ලෙස සැලකූ විට 21.6% ක වර්ධනයක් බව Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහය නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර දත්ත සංස්ථාව (IDC) දක්වා ඇත්තේ Huaweiහි ජාත්‍යන්තර ස්මාර්ට්ෆෝන් වර්ධනය 9.8% ක් බවයි. මේ අනුව ජාත්‍යන්තර මට්ටමින් 3 වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන්නේ Huawei සන්නාමයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *