වෛද්‍ය සභාවේ මුල් පුටුවට ගැත්තෙක් , කාලෝ ගෙදර යවයි
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වර්තමානයේ නිර්මාණය වී ඇති විරෝධාවන්ට ආණ්ඩුව මුහුණ දීම සදහා සයිටම් ආයතන නීත්‍යාණුකූල කිරීම සදහා ඉඩක් සකසා ගැනීම සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා අද (30) දින එම ධුයෙන් ඉවත් කර තිබේ.
කෙසේ නමුත් ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා තවමත් සභාපතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නැත.
මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එම පුද්ගලික ආයතනය නීතිගත කිරීමට ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහයට කාලෝ ෆොන්සේකා මහතා දැඩි සේ විරුද්ධත්වය ප්‍රකාශ කළ අයෙකි.
තමන් සිටි ස්ථාවරයේම ඉදිරියටත් වෛද්‍ය සභාව කටයුතු කරනු ඇතැයි තම අපේක්ෂාව යැයිද ඒ මහතා ප්‍රකාශ කරයි.
එහෙත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මිලඟ සභාපතිවරයා ලෙස සයිටම් ආයතනයට හිතවාදී පුද්ගලයෙකු පත්කිරීමේ සැලසුමක ආණ්ඩුව සිටින බවය.