ෆොන්සේකාට අපි සලකන්නේ ඔහු හමුදාවට කළ සේවය නිසා මිස දේශපාලනය නිසා නෙවෙයි – හමුදාපති

පසුගිය කාලයේ මාව පයින් ගසා එළවද්දී කිසිම මොහොතක හමුදාවට විරුද්ධව කතා කළේ නැහැ. මා යළි යළිත් ඉල්ලනවා පෞද්ගලික අමනාපකම්වලට යුද්ධ හමුදාව සම්බන්ධ කරගන්න එපා කියලා. ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඉකුත් සමයේ තානාපති ධුරයක කටයුතු කළා. ඔහුගේ සේවා කාලය අවසන් වෙද්දී යුද අපරාධ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිල්ලක්‌ ලැබෙනවා. එතකන් ඔය පැමිණිල්ල ලැබිලා තිබුණේ නැහැ . ඔය කාගෙ කාගෙත් ප්‍රශ්නවලට උත්තරීතර හමුදාව සම්බන්ධ කරගන්න එපා.

ජගත් ජයසූරිය මහතා හමුදාපති තනතුරේ සිටියදී මට සිදු වූ අසාධාරණකම්වලට මං ඔහුට දොස්‌ කියන්න ගියේ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාව සම්බන්ධ කරගෙන කළ ප්‍රකාශයට හමුදාව අප්‍රසාදය පළ කරනවා. ත්‍රස්‌තවාදීන් සමඟ පැවැති යුද්ධයෙන් හමුදාවේ 28,000‌ පමණ මියගියා. ඒ 50,000 පමණ සෙබළුන් තුවාල ලැබුවා. ආබාධිතයන් වුණා. හමුදාව යුද්ධයේදී ජීවිත පරිත්‍යාග කළේ මේවා අහන්නද? උත්තරීතර ආරක්‍ෂක හමුදාව කිසි විටෙක මානව හිමිකම් කඩ කළේ නැහැ. අපි ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සලකන්නේ ඔහු ආරක්‍ෂක හමුදාවට කළ උසස්‌ සේවය නිසයි. නැතුව දේශපාලනය නිසා නොවෙයි.”

මෙම සංවේදී ප්‍රකාශය සිදු කලේ වත්මන් යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතායි. ෆොන්සේකා විසින් දිගින් දිගටම සිදු කරනු ලබන පාවාදීම් ප්‍රකාශ නිසා මුළු මහත් හමුදාවම අපකිර්තියට පත්වන බවද පුද්ගලික අමනාපකම් මෙලෙස ප්‍රසිද්ධියේ විවේචනය කිරීම මුළු මහත් ආරක්ෂක හමුදාවටම කැළලක් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *