ඉන්දියාවට අවශ්‍ය පරිදි කටයුතු කරන පක්ෂයක් උතුරට අවශ්‍ය නෑ – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

දැනට දෙමළ ජාතික සන්ධානය දේශපාලනික වශයෙන් බංකොලොත් වෙමින් පවතින නිසා ජනතාවගේ අවශ්‍යතා හඳුනන නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන් ක්‍රියාකරන බව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා දෙමළ මාධ්‍යයන්ට ප්‍රකාශ කොට ඇත.

උතුරේ නව දේශපාලන පක්ෂයක් ඇරඹිය හැකි වාතාවරණයක් දැන් නිර්මාණය වී ඇතැයි පවසන ඒ මහතා තම පක්ෂය පසුව නැගෙනහිරටද ව්‍යාප්ත කළහැකි බව කීය.

දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ තුන අතරින් දැනට මදක් හෝ පණනල රැඳී ඇත්තේ ඉලන්කෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට පමණක් බවත් නමුත් ඔවුන් ක්‍රියා කරන්නේ ඉන්දියාවේ ප්‍රබල දේශපාලඥයන්ට අවශ්‍ය පරිදි මිස උතුරේ ජනතාවට අවශ්‍ය පරිදි නොවන බවද කීය.

දෙමළ ජාතික සන්ධානයට අයත් පොලොට් සහ ටෙලෝ යන දේශපාලන පක්ෂ මේ වන විට හොඳටම ගරා වැටී ඇති බැවින් තවදුරටත් දෙමළ ජාතික සන්ධානයට උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි පසුබිමක තම නව දේශපාල පක්ෂය අරඹන බව ප්‍රේමචන්ද්‍රන් මහතා උතුරේ මාධ්‍යයන්ට පැවසීය.

ලක්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *