A.I. Beauty තාක්ෂණය සමග oppo වෙළඳපොල ආක්‍රමණය කරයි

2017 නොවැම්බර් 08, කොළඹ:Selfie කලාවේ පුරෝගාමියා සහ ප‍්‍රමුඛයා වන OPPO සමාගම නව OPPO F5 දුරකථනය නිල වශයෙන් මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. ඊට අමතරව, ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ තමන් ලද සාර්ථකත්වය සංකේතවත් කරමින් .’Selfie Expert and Leader’. ලෙස නව සන්නාම පාඨයක්ද එහිදී හඳුන්වා දෙන ලදි. මේ වනවිට OPPO දුරකථන රටවල් 28 ක තරුණ තරුණියන් මිලියන 200 කගේ පමණ හදවත් දිනාගැනීමට සමත් වී තිබේ. ශ‍්‍රී ලංකාවේදී OPPO දියත් කරන FHD සහ Full Screen තිරයක් සහිත ප‍්‍රථම දුරකථනය මෙම ත්‍5 දුරකථනය වන අතර,Selfie ඡායාරූප තවතවත් අලංකාර කරන පුරෝගාමී තාක්ෂණයක් වන A.I. Beauty තාක්ෂණයද මීට ඇතුළත් ය. මෙම තාක්ෂණය Selfie කලාව නව මානයකට රැගෙන යනු නිසැක ය.
රු. 47,990 කට මිල නියම කර ඇති OPPO F5 දුරකථනය නොවැම්බර් මස 11 දින දිවයින පුරා අලෙවිසෑල් වලින් මිලදීගත හැකි වනු ඇත. OPPO රසිකයන්ට මාදිලි කිහිපයක් අතරින් තමන් කැමති මාදිලිය තෝරාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා F5 6GB සහ ත්‍F5 Youth එය ලෙස තවත් මාදිලි දෙකක්ද හඳුන්වා දෙනු ලබන අතර මෙම මාදිලි එළඹෙන දෙසැම්බර් මාසයේ සිට මිලදීගැනීමේ අවස්ථාව හිමි වේ.
මීට අමතරව දැනට oppo සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන දීපිකා පදුකෝන්ට Deepika Padukone) අමතරව තවත් බොලිවුඞ් තරුවක් වන සිද්ධාර්ත් මල්හෝත‍්‍රාද (Sidharth Malhotra) සන්නාම තානාපතිවරයෙකු ලෙස oppo හා එක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *