ඇලෝසියස් මගෙ මිත්‍රයෙක් මිත්‍රයෝ කතා කරන්න බැරිද ?
අර්ජුන් ඇලෝෂියස් මගේ පැරණි මිත්‍රෙයක් බවත් ඔහු බැදුම්කර නඩුවට පැටලෙන්නට පෙර තමන්ගේ මිත්‍ර යෙක් බවත් ඒ අනුව ඔහු සමග කතා කිරීමේ වරද කුමක් ද ? යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඔහු මේ බව පැවසුවේ ඔහු සහ අර්ජුන ඇලෝසියස් සමග පැවැත්වූයේයැයි කියන දුරකථන සංවාද සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීය .
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසීය. අර්ජුන ඇලෝෂියස් මගේ පැරණි මිත්‍රෙයක් එබැවින් මා ඔහු සමග කතා කිරීමේ වරදක් නෑ එසේම ඔහු ඒ වන විට බැදුම්කරය සදහා අදාළ නොවූ බවත් පසුව විටින් විට බැදුම්කර ගැන පොඩි පොඩි දේවල් ඇසු බවත් සදහන් කොට සිටියේය.
මේ නිසා තමන්ට චෝදනා එල්ල කිරීම වැරදි බවත් මිනී මරුවෙක් සමග වුව කතා කිරීමට තමන් නිවැරදි නම් හැකි බව ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේය.