රවීට නැවතත් ඇමති තනතුරක්

මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියන් යන අය සමග ගණුදෙනු කරමින් බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධව නැගූ චෝදනාවන්ට අදාළව එල්ල විවේචන හමුවේ සිය ඇමති තනතුරින් ඉල්ලා අස්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට නැවතත් ඇමති ධූරයක් පිරිනැමීමේ සැලසුමක් පිළිබද වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන තොරතුරක් පසුගියදා වාර්තා වූ අතර එයට මූලික හේතුව වී ඇත්තේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පිහිටුවනු ලැබූ කොමිසම් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව ඒ මත පදනම්ව රවී කරුනානායකගේ නීතිඥයින් විසින් දැක්වූ කරුණු පදනම් කොටගෙන බවද වාර්තාවේ.

නීතිඥයින් විසින් සදහන් කොට ඇත්තේ රවී කරුණානායක විසින් කොමිසම හමුවේ කරුණු තහවුරු කරනු ලැබූවේ ඒ සදහා සහායක් වීමට වන අතර එහිදී දැක්වූ කරුණු මත හිටපු ඇමතිවරයා කිසිසේත්ම චෝදනාවකට වරදකරු වී නොමැති බවත්ය. එසේම ඔහුට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ඔප්පු කොට නොමැති තත්වයක් තුළ කොමිසම් සභාවද නොමැති තත්වයක් තුළ රවී කරුණානායක කිසිසේත්ම වරද කරුවෙකු නොවන බවයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහල නිළයන්ගෙන් ලැබුනු ප්‍රතිචාර මත නුදුරේදී රවී කරුණානායකට වගකිව යුතු ඇමති ධූරයක් පිරිනැමීමේ හැකියාව පිළිබද කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *