හැමෝම කතා කරන Renault Kwid මෝටර් රථය – තරිදු දර්ශන්

අපි බලමු වෙළදපොලට ටික කලකට පෙර පැමිණි මෙම මෝටර් ⁣රථයේ හොද නරක පිළිබද

හොද……

මෙම රථය ලංකාව වැනි රළු ගොඩැලි සහිත පාරවල් සදහා යෝග්‍ය ලෙස Ground clearance එක 180 mm පරතරයක් තබා නිර්මාණය කර ඇත.ජපන් මෝටර් රථ වල මෙතරම් Ground clearance එකක් බොහෝ විට නැත,

තවද මෙහි ඇතුලත ස්පර්ශ සංවේදි තිරයක් සහිත ප්ලේයර් එකක් සවිකර සිත් ඇදගන්නා ලෙස නිර්මාණය කර ඇත

වෙනත් මෝටර් රථ වලට වඩා වෙනස් ලෙස SUV පෙනුමක් ලබා දීම මගින් වාහනයට වෙනම ආකර්ෂණ ලබා දී තිබේ.

මෙහි යොදා ඇති 3rd party accessories වලින් වාහනයේ පෙනුම තවත් ඔප් නංවා ඇත.

…..දැන් අපි බලමු මෙම රථයේ ඇති දෝෂ…

මෙහි මරුටී ඇල්ටෝ වලට වඩා බර අඩු නිසා ⁣ඉන්ධන පිරිමැසුම ඉහල යන ලෙස නිර්මාණය කලත් රථයට එයින් ලැබි ඇත්තේ බාල පෙනුමකි.

ප්ලාස්ටික් පැති කණ්නාඩි වීල් නට් 4 වෙනුවට 3ක් සහ එන්ජින් සම්ප් එක ප්ලස්⁣ටික් නිසා වහනය තුල විශ්වාසය තැබිමට බොහෝ විට නොහැකිය.

තවද මැනුවල් රථ වලට එන විශේෂම උපාංගයක් වන RPM meter එක නෙමැති වීම තවත් වාහනයේ තත්වය බාල වීමට බලපායි.

වෙනත් මෝටර් රථ වලට වඩා මෙහි දෙදරුම හා ශබ්දයද වැඩිය.

මෙහි ස්ටියරින් වීල් එක සැකසීමේ පහසුකම නොමැති නිසා උසින් අඩු පුද්ගලයන්ට පැදවිමට අපහසුය …..

ඔබ මෙම මෝටර් රථය මිලදි ගැනිමට අදහස් කර සිටී නම් මේ පිළිබද සැලකිලිමත් වන්න….

වාහන පිළිබද තොරතුරු හා නවතම තාක්ෂණික තොරතුරු දැනගැනිමට පිවිසෙන්න Tharindu Auto Engineering Mahiyanganaya අපගේ facebook පිටුවට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *