Datsun redi-go ගැන යමක්

අද අපි බලමු ලංකාව තුල වැඩියෙන් ජනප්‍රිය වන තවත් බජට් මෝටර් රථයක් වන Datsun Redigo රථය පිළිබද

ප්‍රථමයෙන් බලමු මෙම මෝටර් රථයේ ඇති වාසි මොනවාදැයි කියා..

Datsun Redigo රථය අනෙක් බජට් රථ වලට වඩා වැඩි සිත් ඇදගන්නා සුලු වර්ණ වලින් නිෂ්පාදනය කර ඇති නිසා පාරිභෝගිකයන් හට කැමති වර්ණයකින් මිලදි ගත හැක.

ඇල්ටෝ,මරුටී වලට වඩා ඉඩකඩක් පිටුපස ඇත, Boot space එක වැඩිය,එම නිසා පිටුපස වැඩි භාණ්ඩ ප්‍රමානයක් ගෙන යා හැක.ඇල්ටෝ එකෙහි මෙම ඉඩකඩ ලීටර් 172 වන විට Redigo රථයේ ලීටර් 222 ලෙස නිර්මාණය කර ඇත.

මෙහි ඉල්ලුම ඉහල යාමට බලපාන ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙහි වගකීම් කාලය වසර 5 හෝ 100000 KM ලබා දී ඇති නිසාය.

දැන් අපි බලමු මෙහි අවාසි

ඇල්ටෝ වලට හා ක්විඩ් රථයට තරග කිරිමට මෙය නිර්මාණය කලත් දෙදරුම හා ශබ්දය කැබින් එක තුලට දොරවල් සියල්ල වැසුවත් ඇසෙයි.

මෙහි අභ්‍යන්තර පෙනුම බොහෝ විට බාලය, ක්විඩ් රථයේ මෙන් ස්පර්ශ සංවේදි ප්ලේයර් එකක් නොමැත,තවද ඇතුලත සිත් ඇදගන්නා සුලු ලෙසද නොමැත.

ආරක්ෂාවද බොහෝ අඩුය, ABS, Air Bags නොමැත,

තනි වයිපරය හා ඇතුලත ප්ලස්ටික් ක්ලැඩින් තුලින් බාල පෙනුමක් ඇත.

ඉන්ධන ටැංකියද 28 L ය.

මෙම හේතු නිසාවෙන් මෙම රථය ඇල්ටෝ,ක්විඩ් වලට වඩා පසුපසින් සිටි…

ඔබගේ වාහන තක්ෂණික තොරතුරු විස්තර සදහා අප සමග සම්බන්ද වන්න Tharindu Auto Engineering Mahiyangana ..
සටහන – දර්ශන් තරිදු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *