සමගි සන්ධානය දෙදරයි එජාපය වෙනම ආණ්ඩුවකට යයි
පැවැති පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති ඇති තත්වයන් මත එහි නායකත්වය සම්බන්ධයෙන් ගැටළු මතුවී ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ අනුව පසුපෙළ මන්ත්‍රීවරුන් සදහන් කොට ඇත්තේ එජාප නායකත්වය වෙනස් කොට දෙමළ සන්ධානයේද සහයෝගය ඇතිව ආණ්ඩුව පිහිටුවීමට සැලසුම් සකස් කළ යුතු බවයි. කෙසේ නමුත් මේ වන තෙක් එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් වන බවට කිසිදු ප්‍රකාශයක් සිදුකොට නොමැති වුවත් වෙනම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවද වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් දෙමළ සන්ධානය සමග සාකච්ඡා කොට සුළු තර ආණ්ඩුවක් ගොඩ නැගීමට එජාපයේ බොහෝ ඇමතිවරු හා මන්ත්‍රීවරුන් එකගතාවය පළ කොට ඇති බවද වාර්තාවේ.