වැලන්ටයින් සැබෑව….

ආදරවන්තයින්ගේ දිනය හෙවත් ශුද්ධ වූ වැලන්ටයින්ගේ දිනය සමරනු ලබන්නේ පෙබරවාරි මස 14 වන දිනයේදීය.
කවුද මේ වැලන්ටයින්?
ශාන්ත වැලන්ටයින් සාමිවරයා පිළිබඳ විවිධ වූ පුරාවෘත්ත පවතී. එයින් එකක් වන්නේ සිරගත කරන ලද කිතුනු පුජක වරයකුගේ සහ ඔහුගේ ජේලර්වරයා ගේ දියණිය සමඟ පෙමින් බැඳුනු කතාවකි. ඔහුගේ මරණයට පෙර ඔහු ලියන ලද ආදර හසුනෙහි “ඔබගේ වැලන්ටයින්” ගෙන් ලෙස තැබූ සටහන එයයි.

අනෙක් පුරාවෘත්තය නම් දෙවන ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ සමයේ තරුණ සොල්දාදුවන්ට සිය විවාහයන් තහනම් කිරීම නොසලකා හරින ලද පූජකවරයකුගේ කතා පුවතයි. ඔහු සිය දිවිය අවසානය තෙක් ආදරයෙන් බැඳුනු යුවලවල් විවාහ කිරීම වෙනුවෙන් කැපවූ අයෙකි.

නූතන ඉතිහාස කතාවන් පිළිබඳ විමසීමේ දී මුල්ම වැලන්ටයින් සමරුම් පත කියැවූ ප්‍රසිද්ධ පුද්ගලයා බවට පත් වන්නේ විසි එක් හැවිරිදි චාල්ස් ඔර්ලියන්ස් ආදිපාදවරයා යි. 1415 දී ඔහු ලන්ඩන් ටවර් හි සිරගතව සිටියදී සිය බිරිඳ වන බෙනා හට ආදර සමුගැනීම farewell to love නමින් කවියක් යවා ඇත

. Chaucer සහ shakespeare වැනි කර්තෘවරයන් වැලන්ටයින් සමරුම් නිර්මාණකරණය ප්‍රසිද්ධ කර්තෘවරුන් ලෙස සැලකේ.
කෙසේ වුවත් නූතනය වන විට මෙම දිනය නවීන පාරිභෝගික යොමුවීම් මාදිලියකි.

පොදු ජනයා තම අනාගත රොමැන්තික හවුල්කරුවන් හා හුවමාරු කරගන්නා චොක්ලට් ඇසුරුමෙහි සිට සුපිරි හෝටල් කාමරය දක්වා වෙළදපළ හැරවුම් ලක්ෂයකට මේ දිනය අද පත්ව ඇත.

ජනප්‍රිය පරිභෝජනයත් සහ සංස්කෘතීන් හුදෙක් ඍජු මාධ්‍ය සැකසුම් වලට අනුරූපව පාරිභෝගිකයන් නොදැනුවත්ව මෙහි කතා කරුවන් බවට පත් කරමින් පවතී. පශ්චාත් කාර්මික සමාජයන්හී ලෝක වලද බලවතුන්ගේ නව වෙළෙඳපළ සොයාගැනීම් සඳහා භාවිත කළ ක්‍රමවේද ඇතුලත් ගෝලීයකරණ කාර්යයෙහිලා ජනසන්නිවේදන මාධ්‍යට හිමි වන්නේ අතිශය වැදගත් ස්ථානයකි. ඒ අනුව නූතන ගෝලීයකරණ ප්‍රවාහය තුළ ජනප්‍රිය සුඛ ආස්වාදනය සඳහා වන නව අත්පත්කර ගැනීම් සඳහා සියල්ලෝ වෙහෙසෙති. ඒ අතර නව යොවුන් ආදරවන්තයෝ ප්‍රමුඛ වනවාට කිසිදු සැකයක් නැත.

තියඩෝර් අඩොර්නෝ දක්වන්නේ ජනමාධ්‍යවේදය බහුජන සංස්කෘතිය හා ජනප්‍රිය සංස්කෘතිය ඒකාකෘත ව්‍යාප්ත කිරීම තුලින් පුද්ගල භාවයක් වෙනස් කිරීමට සමත්වන බවයි. විශේෂයෙන් රූපවාහිනියෙන් සමාජ ජාල අඩවි ගුවන්විදුලි ඇතුළු ජනප්‍රිය මාධ්‍යයන් තුළින් බහිර්වර්තනීය අවිවේචනාත්මකවාදි පුද්ගල භාවයක් බිහිවීම වලක්වන නොහැක්කකි. හේතුව නුතන ධනවාදී වෙළෙඳපොළ උපක්‍රමික යන්ට අප නොදැනුවත්ම හසුව ඇති බැවින.ි පශ්චාත් නූතනවාදී විග්‍රහයන්ට අනුව මෙකී මාධ්‍යයන් යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම අතික්‍රමණය කරමින් අධියථාර්තයක් නිර්මාණය කරනු ලබයි. ගෝලීය සමාගම් අලෙවිකරණ යාන්ත්‍රණයන් වැලන්ටයින් සැමරීම වෙනුවෙන් විවිධ රසයන් හා රුචිකත්වයන් taste and choices නිර්මාණය කරයි. කාඩ්පත් චොක්ලට් මල් සහ ස්වර්ණාභරණ සිට හමුවීම් සඳහා වන ලැගුම්හල් ඒ අතර වේ. එපමණක් නොවේ වැලන්ටයින් විරෝධීන් හා තනිකඩයන් සඳහා හමන ඇන්ටි වැලන්ටයින් භාන්ඩයන්ද වෙළඳපල ග්‍රහණය කරගෙන හමාරය.

ආදර සැමරුම් වලදී සමීප බව පෙන්වීම අරඹයා සැමරුම් තෑගි ලබාදීම ඕනෑම මනුෂ්‍ය ස්වභාවයකි. අපි ආදරය කරන දෑ අප කිසිවෙකුටත් නොදීමටත් අපගේ සමීපතමයන්ගෙන් තෑගි ලබන්නටත් අපි වඩාත් ප්‍රිය කරන්නෙමු. නමුත් සැබැවින්ම ආදරය ප්‍රමුඛ හැඟීම් පවා භාණ්ඩීකරණයට commodification ලක් වී හමාර බව අපට පිළිගන්න වන්නේ නො කැමැත්තෙනි. නූතන මිනිසා හා ස්ත්‍රිය අරභයා වන ආදරවන්තයින්ගේ දිනය පමණක් නොව භෞතික හා මූල්‍යමය සාධකයන්ට පරිබාහිරව කිසිදු සම්බන්ධතාවයක් නූතනයේ නොමැති තරම්ය. එය රොමැන්තිකයට පමණක් සීමා නොවන්නකි. නොඑසේනම් සියලු ගණයේ සම්බන්ධතාවන් කොන්දේසි ක සබඳතාවන් conditional ralationship බවට පරිවර්තනය වී හමාරය. ඒ එවැනි පසුබිමක ආදරය පමණක් කොන්දේසි ක නොවන සබඳතාවන් බවට පත් වන්නේ කෙසේද යන පැනය අප තුළ ඉතුරු කරවයි.

කෙසේ වෙතත් ආදරවන්තයින්ගේ දිනය සමරනවා ද නැද්ද සමරන්නේ නම් ඒ කෙසේද යන්න පුද්ගල මනෝභාවයන් පදනම් වූවකි. සැබෑ ආදරය නූතන ගෝලීය භෞතික සාධකයන්ට හසු කරනවාද නැතිනම් එය හදවත් හි ලැගුම් ගත් සොදුරුම වු හැඟීමක් ම පමණක් කරගන්නවාද යන්න ද පුද්ගල තේරීමකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *