පමා නොවී – ඉනෝකා ස්වර්ණමාලි වීරමන්

නිදහසේ ඉගිලියන්
මගේ නැහැ අමනාපයක්
පියාපත් ලද එහින්
පිටව ගොස් කූඩුවෙන්…

වළාවෙන් එහා හිම
අල්ලපන් ඉර හදම
වෙහෙස දැනුනු කල
පැමිණියන් මා වෙතම….

පිලිගන්න මඟ බලන්
හිඳිමි මම කල්පයක්
නුඔට නොතේරෙන ආදරේ
කියා දෙන්න විගසින්ම….

පමා වී නොපැමිණියන්
හිත හරිම මටසිළුටුය
මගේ ආදරය ශුන්‍ය කර
වෙන්නම් දයාලු රැජිනක්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *