නායකත්වය විවේචනය කිරීම ගැන හිරුණිකාට විනය පරීක්ෂණ

එජාප රත්මලාන ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ ඇය පක්ෂයේ අනුමැතියකින් තොරව පක්ෂ නායකත්වය විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙනි.

පසුගියදා ඇය මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, එජාප නායකයා සහභාගි වන රැස්වීම් වර්ජනය කරන බවයි. එජාප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඇස්බැන්දුමක් බවත් එජාප නායකත්වය වෙනස් වීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. මෙය තමාගේ පෞද්ගලික තීරණයක් නොවන බවත් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සාමූහික තීරණයක් බවත් එහිදී ඇය ප්‍රකාශ කළාය.

මේ අතර එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ යම් හෙයකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඒ සඳහා තමන් දැඩි විරෝධය පළකරන බවයි. පක්ෂයේ අර්බුද පක්ෂය තුළ විසඳා ගැනීමට ඉවසීමෙන් කටයුතු කළ තමන්ට ඒ සඳහා නිසි පිළිතුරු නොලැබුණු බවත්, නායකත්වය පිළිබඳ අර්බුදය පක්ෂයෙන් පිටතට ගෙනයෑමට සිදු වූයේ ඒ නිසා බවත් එම මන්ත්‍රීවරු පිරිස සඳහන් කරයි.

පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදය විසඳීම පසෙක තබා මන්ත්‍රීවරුන්ගේ කට වැසීමට පක්ෂ නායකත්වය කටයුතු කරන්නේ නම් තමන් ඊට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවයි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පවසන්නේ.
LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *