Turtles can fly

සිනමාව තුළින් යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කරයි. එසේ යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමට යොදාගන්නා ආඛ්‍යානය හෝ ශෛලිය සිනමාකරුවාට අනන්‍ය වේ. කුමන හෝ ශෛලියක්, ශානරයක් හෝ ආඛ්‍යානයක් තුළින් සිනමාකරුවා තම අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරමින් සමාජගත කරයි. මෙහිදී සෑම විටම පාහේ පේ‍්‍රක්ෂකයා තම ජීවිතය තම පෞද්ගලික අත්දැකීම් සහ අත්වි`දීම් තමාට පරිබාහිර පිටස්තරයෙකුගේ දෘෂ්ටියෙන් නරඹයි. තළු මර මරා රසවි`දියි. සිනාසෙයි. අඬයි. ඇතැම් විට සංකීර්ණ ගැටලූ ඇති බව වටහා ගනියි. සිනමාව යනු නිර්වින්දකයක් ලෙස හඳුන්වා දෙන්නේ මේ නිසාය. සිනමාව යන්න ලොව පුරා සෑම රටකම පාහේ වඩා ප‍්‍රබල කලා මාධ්‍ය බවට පත්ව ඇත. එම නිසා අනෙකුත් කලා මාධ්‍ය සමග සසඳන කල සිනමාවට ඇති වාරණ ප‍්‍රමාණය ද අති විශාලය.

කෙසේ නමුත් සිනමාව ප‍්‍රමුඛ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් ඉරානය, ඉරාකය ප‍්‍රමුඛ මැදපෙරදිග රටවල නීති ඉතා දැඩිය. යුද්ධය කෙතරම් විපතක් වුවත්, සමාජ ක‍්‍රමය කෙතරම් අවුල් සහගත වුවත් එය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරී එම කලාපයේ වෙසෙන නිර්මාණකරුවන්ට අකැප ක‍්‍රියාවකි. එම කලාපයේ වෙසෙන සිනමාකරුවෝ ඉතා දක්ෂ නිර්මාණකරුවන් වන්නේ මේ නිසාය. මන්ද යත් ඔවුන්ට අලූතින් කතා නිර්මාණය කිරීමට අවශ්‍ය නැත. කිරීමට අවශ්‍ය වන්නේ සමාජ යථාර්ථය වාරණයෙන් රිංගා යා හැකි පරිදි නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමය. ඒ අනුව මෙම කලාපයේ බෙහෝ විට දක්නට ලැබෙන්නේ ළමයින් පාදක කොටගත් කතා පුවත්ය. ළමයා සම්බන්ධ තේමාවන් වලට වාරණයෙන් රිංගා යාම පහසු ක‍්‍රියාවකි. එම නිසා බොහෝ නිර්මාණකරුවන් කරනුුයේ පවත්නා සමාජය ළමයාගේ දෘෂ්ටියෙන් හෝ ළමයා වෙසෙන සමාජය විවේචනයට හසු කර ගැනීමයි. මෙහිදී බහ්මාන් ගොබාදි, මජීඞ් මජීඩි, ජෆර්පනාහීර්, සිද්ඩික් බර්මාක් සහ සමීරා මක්මල්බෆ් ආදී සිනමාකරුවන් ප‍්‍රමුඛ පෙළේ නිර්මාණකරුවන් ගණයෙහි ලා සැලකිය හැකිය.

මේ නිර්මාණකතරුවන් අතරින් වන බහ්මාන් ගොබාදි විසින් නිර්මාණය කරන ලද ”ඔමරඑකැි ජ්බ කෙහ” (ඉබ්බන්ට ඉගිලෙන්න පුළුවන්* සිනමා නිර්මාණය වඩාත් කතාබහට ලක් වූ සහ පේ‍්‍රක්ෂකයා කම්පනයට ලක් කරන්නා වූ සිනමා නිර්මාණයක් ලෙස හැ`දින්වීමට හැකිය. මේ චිත‍්‍රපටය පුරාවටම සිටින්නේ ළමුන් පමණි. එය ළමුන්ගේ ලෝකයකි. සාමාන්‍ය ළමුන් නොව අබ්බගාත ළමුන්ගේ ලෝකයකි.ඔවුන් මුදල් සෙවීමට වෙහෙසෙති.පවුල් නඩත්තු කරති. තමන්ගේම ආහාර සපයා ගනිති. අවධානම යන්න කුමක්ද යන්න ඔවුන් නොදනිති. බිය ඔවුන්ගේ ජීවිත වලට පත්තියම් වී ඇත. එම නිසා බිය යනුවෙන් බාහිර ලෝකයාට දැනෙන දේ ඔවුන්ට දැනෙන්නේ නැත. ඔවුනගේ රැකියාව වන්නේ ම`ළු ප‍්‍රදේශය පුරාම වළලා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමයි. ඔවුන්ව සේවයේ යොදවන අතරමැදියා ද ළමයෙකි. ඔහු අන් අය මෙන් අබ්බගාත නොවන බයිසිකලයක් ද හිමි ළමයෙකි. ඒ නිසා අන් අය අතර බලවතා ඔහුය. අන් අයට මෙන් නොව ඔහුට තවත් රැුකියා ඇත. ඔහු මුළු පළාතටම සැටලයිට් සපයන්නා ද වෙයි. එම නිසාම ඔහුගේ නම සැටලයිට් වන අතර ඔහු තම කලාපයෙන් එපිට ලොකය ගැන යම් දැනුමක් ඇත්තෙක් ද වෙයි. ඔහුගේ සිහිනය දිනෙක ඇමරිකාවට යාමයි. නැතිනම් අඩු තරමේ ඇමරිකන් හමුදාව ගාම්භීරව ප‍්‍රදේශය පුරා ඇවිදිනු දැකීමයි. ආසියාතික කලාපයේ රටවලට ඇමරිකාව යනු සිහිනයකි. මන්ද යත් ඇමරිකාව පිළිබ`ද සියලූම දෙනාට තිබෙන්නේ ඇමරිකාව විසින් ම ඇමරිකාව පිළිබ`දව ගොඩනගන ලද මාධ්‍ය ප‍්‍රතිරූපයකි.

මෙම චිත‍්‍රපටය තුළ තවත් ප‍්‍රධාන චරිත ද්විත්වයක් දක්නට ලැබේ. එනම් තුඩා දරුවෙක් කරෙහි එල්ලා ගත් කුඩා දැරියක් සහ ඇගේ අබ්බගාත සොහොයුරාය. දැරියට වයස අවුරුදු දොළහක් පමණ ඇත. ඇගේ කර මත වන දරුවාට අවුරුද්දක් පමණ වයසය. එසේම ඇගේ සෙහොයුරා ද වයස අවුරුදු දහ හතරක පමණ අයෙකි. ඔහුගේ දෑතම අහිමිය. ඔවුන් වෙනත් ප‍්‍රදේශයක සිට මෙම ප‍්‍රදේශයට සංක‍්‍රමණය වුවන්ය. මෙම ප‍්‍රදේශය පුරාම සිටින්නේ දරුවන්ය. චිත‍්‍රපටයේ විශෙහ්ෂත්වය වන්නේ ද එයයි. එනම් මෙහි එක`දු තරුණයෙකු – තරුණියක හෝ මැදිවියේ මිනිසෙකු පෙනෙනන්නට නොමැත. ඇත්තේ ගෙවී අවසන් වූ ජීවිත සහිත මහලූ මිනිසුන් සහ ජීවිතය යනු කුමක්දැයි යන්නවත් නොදත් කුඩා දරුවන් පමණි. සැබවින්ම යුද්ධය ඉතිරි කරන්නේ ද මෙපමණකි. එනම් ගෙවී ගිය කාලයක මතක-නෂ්ටාවශේෂ සහ අ`දුරු අබ්බගාත අනාගතයකි. සුන්දර තාරුණ්‍යයක් හෝ සොදුරු මතක සහිත පැවැත්මක් සහිත ජීවිත යුද්ධ අභිමුව නැත්තේය.

චිත‍්‍රපටය ධාවනය වන්නේ මෙම අබ්බගාත-අනාථ දරුවන් විසින් ජීවත් වීමට දරන අරගලයත් සමගය. ඔවුහු යුද්ධය කුමන අවස්ථාවක දී හෝ ආරම්භ වන ප‍්‍රදේශයක ක`දවුරු ලා ජීවත් වෙති. ඔවුන් ළමයින් වූ පමණින් ඔවුන්ට ළමා කාලයක් ලැබී නොමැත. යුද්ධය ඔවුන් වගකීම් සහගත නොවැඩුණු මිනිසුන් බවට පත් කොට ඇත. ඔවුන්ට ඇත්තේ තම ජීවිතය පිළිබ`ද වගකීම පමණකි. තමුත් කරමත තවත් දරුවෙක් හොවාගත් දැරියක් කතාවට එකතු වෙයි. ඇය දැරියකි. එසේම මවකි. ළදරු මවකි. කරමත සිටින දරුවා ඇගේ බාල සොහොයුරා ලෙසට අනෙක් ළමෝ හ`දුනාගනිති. නමුත් පේ‍්‍රක්ෂකයා වඩාත් කම්පනයට ලක් කරමින් චිත‍්‍රපටයේ මැද වන විට ඒ දරුවා ඇගේ දරුවා බවට පසක් කරලයි. ඇය දරුවෙක් පිළිබ`ද වගකීමක් ගත හැකි වයසක පසුවන දැරියක් නොවේ. දෑතම අහිමි අබ්බගාත සොයුරු ඔවුන් දෙදෙනා පිළිබදවම වගකීම කරමත පටවාගෙන සිටියි. නමුත් ඒ ස`දහා ඔහුද කුඩා වැඩිය. දැරිය විටෙක තම කුඩා පුතු ඝාතනය කිරීමට තැත් කරයි. ඔහු ජීවත් වුවද අනාගතය අස්ථාවරය. කුඩා පුතු අන්ධයෙකි. විටෙක ඇය විසින් සියදිවි නසා ගැනීමට තැත් කරයි. ඇගේ සොහොයුරා කිහිප විටෙකම ඇයව ඉන් ගලවා ගනියි. යුද්ධය සම`ග වන පීඩාකාරී අත්දැකීම්- ඝාතන – දූෂණ ඇයට දරාගත නොහැකි වේ. ඇය ඔවුන්ගේම හමුදා සෙබළු අතින් සමූහ දූෂණයට ලක් වේ. ඇයට ඉන්පසු කිසිදිනෙක සැනසිලිදායක නින්දක් අත්වි`දීමට නොහැකි වේ.
යුද්ධය විසින් නූපන් හෙට සහ ජීවත් වන අද විනාශ කොට හමාරය. යුද්ධයට මැදි වූවන් හට ඇත්තේ පණ ගැහෙන හදවතක් පමණි. වියළී ගිය හැ`ගීම් සහ අස්ථීර හෙටක් හැරුණු කොට වෙනත් යමක් ඔවුන් ළ`ග නැත්තේ ය.

ජනප‍්‍රිය හොලිවුඞ් සිනමාව තුළ යුද්ධය යනු විනෝද මාධ්‍යයකි. එහි වීරයා ජයග‍්‍රහණය කොට දුෂ්ටයා පරාජය වන කතාන්දරයක් ඇත. හොලිවඞ් සිනමාව තුළ යුද්ධයේ වීරයා ඇමරිකාවයි. දුෂ්ටයා සැමවිටම ඉරානය-ඉරාකය ප‍්‍රමුඛ මැදපෙරදිගයි. ඔවුහු යුද්ධය සාධාරණීකරණය කරති. ඔවුන්ට අනුව ඇමරිකාව යනු ශිෂ්ට ලොකයයි. ඇමරිකාවට සාපේ්ක්ෂව ආසියාතික කලාපය අශිෂ්ටය. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව එම අශිෂ්ට ලෝකය ඇමරිකාව මෙන් ශිෂ්ට සම්පන්න කිරීමය. උදාහරණයක් වශයෙන් ගොපළු චිත‍්‍රපට ශානරය (කව්බෝයි චිත‍්‍රපට) තුළින් මොවුන් කළේ ද ස්වදේශික ජනතාව පළවා හැර අලූතින් ජනාවාස ඉදිකරගත් යුරෝපානුවන්ගේ ක‍්‍රියාකලාපය සාධාරණීකරණය කිරීමයි. නමුත් අධිපති රටක් දේශපාලන සහ ආර්ථික වාසි පෙරදැරි කොටගෙන තවත් කලාපයක් කෙරෙහි ඇත් කරන්නා වූ යුද්ධයක් කුමන දෘෂ්ටිකෝණයකින් වුවත් සාධාරණීකරණය කළ හැකි ද? එම වෛරය නවතින්නා වූ තැනක් පිළිබ`දව කවරෙකුට හෝ අනාවැකි පළ කළ හැකිද? මීට හොදම උදාහරණය වන්නේ සැප්තැම්බර් 11 ප‍්‍රහාරයයි. ලෝකයේ වඩා ආරක්ෂාකාරීම ස්ථානය ලෙස නම් දරා තිබූ ඇමරිකාවේ පෙන්ටගනයට බෝම්බ ගැසීමෙන් අනතුරුව ඔසාමා බිනා ලාඩන් කරන ලද ප‍්‍රකාශය කෙරෙහි ලෝකයේ ම අවධානය යොමු විය. ”2004-10-29 දින අල් ජසීරාවට නිවේදනයක් නිකුත් කරමින් සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ වගකීම භාර ගන්නා බින් ලාඩන් පවසා සිටියේ ඇමරිකානු ආරක්ෂාව ර`දා පවතින්නේ බුෂ් මත- ජෝන් කෙරී මත හෝ අල් ඛයිඩා සංවිධානය මත නොව ඇමරිකානු ප‍්‍රතිපත්තිය මත බවයි.” (විකිලික්ස් හෝරාව – මහින්ද පතිරණ) මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවට බැලූබැල්මට වුව ද පෙනේ. ඇමරිකානු ලිබරල් ප‍්‍රතිපත්තිය මත සැබවින්ම වාසි සැලසෙන්නේ ඇමරිකාව වෙතට පමණි. ඒ ස`දහා ඔවුන් අනෙක් කලාපයන් ස`දහා එල්ල කරන්නා වූ පීඩනය සුළුපටු නොවේ.

නමුත් මෙය තළු මරමින් – යුද්ධය විනෝද මාධ්‍ය කරගෙන නැරඹිය හැකි – ඇ`ග කිළිපොලා යන ත‍්‍රාසජනක අත්දැකීම් සහිත – යුධ වීරයන් සහිත ජනප‍්‍රිය තලයේ හොලිවුඞ් චිත‍්‍රපටයක් නොවේ. හෙටක් පිළිබ`ද අපේක්ෂාවක් පමණක් ඉතිරි යුද්ධයට මැදි වූ අබ්බගාත අනාගතය පිළිබ`ද කටුක සත්‍ය තත්ත්වයකි.එම නිසාම මෙම චිත‍්‍රපටය වර්ණවත් බවින් තොරය. සියල්ල දූවිල්ල සම`ග මිශ‍්‍ර වූ කර්කශ වූ දෑය. මෙහි නාමය වන්නේ ඉබ්බන්ට ඉගිලීමට හැකිය යන්නයි. ඉගිලූණු ඉබ්බන් පිළිබ`ද අප කුඩා කාලයේ දී ම අසා ඇත්තෙමු. ඔව්. ඉබ්බන්ට ඉගිලීමට හැකියි. ඉගිලීමට හැකි කොක්කුන් ඔවුන්ව ඉගිල්ලවන තෙක්. නමුත් එය කොන්දේසි සහිතයි. ඉබ්බන්ට ඉගිලීමට අවශ්‍ය නම් ඔවුන් කට නොඇරිය යුතුය. කොක්කු පිළිබ`දව සම්පූර්ණ විශ්වාසය රඳවා ගෙන සිටිය යුතුය. යන තැන තීරණය කරන්නේ කොක්කුය. ඉබ්බා නොවේ. ඉසබා කොක්කුන්ගේ අණසක විවාදයෙන් තොරව පිළිපැදිය යුතුය. නැතිනම් ඉබ්බා මිය යා යුතුය. යුද්ධයේ සාධාරණත්වය රාඳ පවතිනුයේ එසේය. එනම් බලවතාටය.

2004 වසරේ දී නිල වශයෙන් තිරගත වූ මෙම චිත‍්‍රපටය සම්මාන රැසකට පාත‍්‍ර වූ නිර්මාණයකි. ඒ අතරින් බර්ලින් ජාත්‍යන්තර සම්මාන උලෙලේ සාම චිත‍්‍රපට සම්මානය ද – චිකාගෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙලේ විශේෂ ජූරි සම්මානය ද විශේෂ ස්ථානයක් හිමි කර ගනියි. නමුත් මෙම චිත‍්‍රපටය තුල වැදගත් වන්නේ එය හිමි කර ගත් සම්මාන හෝ සම්මාන ගණන නොවේ. චිත‍්‍රපටය විවේචනය කල සමාජ තත්ත්වය මන: කල්පිතයක් නොවන නිසා යුද්ධය සහ සමාජය ඉතිරි කරන්නා වූ අදුරු අනාගතය කෙබදු වේ ද යන්නයි.

By – koshila suriyarathna 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *