මරණ අය තෝරන්න ජනපතිට බෑ
මහාධිකරණය මරණීය දණ්ඩනය නියම වන පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය ලබා දීම සඳහා ජනාධිපතිවරයාගේ අත්සන යෙදීමට පෙර පත් කරන විශේෂ කමිටුවක් මගින් ඔහුට දී තිබෙන තීන්දුව පිළිබඳව යළි සලකා බලන බවත් එසේ සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයා අත්සන් කරන බව එම ආරංචිමාර්ග මගින් අනාවරණය වෙයි.
ජනාධිපතිවරයා පත් කරන කමිටුවේ සාමාජිකයන් අතරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙක් හා මානසික වෛද්‍ය වරයෙක්ද ඇතුළත් වෙයි.
මරණීය දණ්ඩනය ලබා තිබෙන පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට පෙර ඔහුට දී තිබෙන තීන්දුවේ ලිපිගොනුවලට අදාළ කරුණු කාරණා මෙම කමිටුව මගින් ගැඹුරින් සැලකිල්ලට භාජනය කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ අත්සන ලබා ගැනීමට නියමිතව තිබෙයි.