ධවල පුෂ්ප – 1 – කොටස

ධනවංශ තම දරුවන් දෙදෙනා සෙල්ලම් කරන දෙස බලා සිටියේ දරුසෙනෙහස උතුරා යන සිතින්ය.මොන තරම් අගහිඟ කම් තිබුනත් ඔහුතම දියනියට සහ පුතුට එය දැනෙන්නට ඉඩ හැරියේ නැත.කතාවේ නායිකාව මධූය….
පුංචි මධූ තම මවට වඩා පියාට බෙහෙවින් ආදරය කලේය..ඇය තම පියාව දුටු විගස සෙල්ලම නවත්වා දිවගොස් ධනවංශගේ සරමේ කොනක එල්ලුනි.

අප්පච්චි … ඔයාමට කොච්චර ආදරෙයිද කියන්නකෝ..
මොකද මගේ චුට්ටියෝ මේ..මම මගේ දෝනියට මගේ පනටත් වඩා ආදරෙයි..ඇය සද්දෙන් හඬනගා සිනාසුනේ ය..අප්පච්චි ලෝකේ කොච්….චර ලොකුද?.ඇය ධනවංශගෙන් සුරතලයෙන් ප්‍රශ්න කරයි..අනේ…..මගේ පංඩිත කෙල්ල. ලෝකෙ කොච්චර ලොකුද නම් මම දන්නෑ මේ අප්පච්චි සුදු දෝනිට පනටත් වඩා ආදරෙයි..එසේ කියමින් ඔහු පුංචි මධු වඩාගෙන ආදරයෙන් උඩදැම්මේය. හා හා මොකද මේ තාත්⁣තගෙයි දුවගෙයි හුරතලේ ..එසේ කියමින් ධනවංශගේ බිරිඳ මැණිකේද එතනට පැමින තම වැඩිමහල් පුතු අසලින් ඉඳගත්තේ ආදරයෙන් පුතුගේ හිස අතගාමිනි…

මේ වන විට මැණිකේ සිය තුන්වැනි දරුවා ප්‍රසූත කිරීමට සූදානම්ව සිටියේය. කැදැල්ලට එන අමුත්තා වෙනුවෙන් කැදැල්ල සැරසුනි.ධනවංශගේ ප්‍රධාන ජීවනෝපාය වුනේ ගඬොල් කැපීමය.ඔහු තම පවුල වෙනුවෙන් නිතරම වෙහෙසුනේය.මැණිකේද ධනවංශගේ වැඩ කටයුතු වලට පුළුවන් සෑම වෙලාවකම උදවුකලේ ධනේ මහන්සි වෙනවා බලා සිටිමට බැරි නිසාවෙනි..ඔවුන් දෙදෙනා දරුවන් සමඟ ගොඩක් ආදරයෙන් සතුටින් කාලය ගතකලේය. තනියම වැඩ කරනවා දැක මැනිකේද එතනට ආවේ කහට කොප්පයක්ද අතැතිවය. ඇය මොහොතක් ඔහු දෙස බලා හිඳ දිග සුසුමක් හෙලුවේය.ධනේ…… මේ කහට කොප්පෙ බීලා හිටියා නම් නිමෙන්නට කලින්. ඉදින් මැණිකේ මම එන්නම්.. ඔහු පසෙක තිබූ ලිදෙන් වතුර බාද්දියක් ඇද අතපය සෝදා ගත්තේය..මැනිකේ ඇය අත තිබු කහට කොප්පය හා සීනි අල්ල ධනේට දිඟු කර ආදරයෙන් සිනාසුනේ දුක හද පත්ලේ රදවාගෙනය. ධනේ කහට කෝප්පය එක උගුරට බී ගෙන ගොස් සීනි අල්ල කටට හාලා ගත්තේ කහට එක ඇල්වී තිබුන නිසාවෙනි..මැණිකේ මැටි කැපු වල ලග තිබු වතුර කලය පස්ගොඩට හලා හිස් කරේ ලිදෙන් වතුර ඇඳ මැටි පොඟවන්නට සිතාය. ඉඳින් මැණිකේ මම වතුර ඇද ගන්නම් .ඔය බඩත් උස්සන් මහන්සි වෙන්න හොඳ නැහැ නොවැ.දැන් ඉතින් අදද හෙටද කියන්න බැහැ.මම කොහොමද බං උඹ මහන්සි වෙනවා බලන්නේ..මම මේ ⁣දඟලන්නේ අපේ පැටවු වෙනුවෙන්.අහකට වෙලා ඉදින් ඕං මගෙ තනියට.ඔහු මැනිකේ දෙස බලා එසේ කියමින් දිගු සුසුමක් පිට කලේය..

දින සති ගෙවි ගියේය.මැනිකේ සිය තුන්වෙනි දරුවාද බිහිකලේය.පුංචි සුරතලාගෙන් කැදැල්ලේ සතුට පිරී ඉතිරි ගියේය.ගෙපැල තවත් සිරියාවන්ත විය..පරිසරයද කුරුල්ලන්ගේ කිචි බිචි නාදයෙන් රැව් පිලිරැව් දෙද්දි ඒ නාද පරදා සිඟිත්තාගේ සුරතල් සිනාහඩ සුළගේ මුසුව ගියේ හරිම ආදරනීය ලෙසය. මැණිකේ සහ ධනේ දරුවන් තිදෙනා සමඟ දුක සැප අතර කාලය ගතකලේ හරිම සතුටින්ය..
පුංචි මධූ තම පියාට මවටත් වඩා බෙහෙවින් ආදරය කලේය.ඇය හැමදාමත් අප්පච්චිගේ පපුව උඩ රැය පහන්වන තුරු නිදා ගැනීම හා ඔහු නිවසේ නොමැති අවස්ථාවල කෑම කැම පවා ප්‍රතික්ෂේප කලේ ඇයට තම ආදරනීය අප්පච්චි නැතුවම බැරි කෙනෙකු නිසාවෙනි.
… කාලය ගෙවී ගියේය. හත් හැවරිදි මධුගේ වැඩි මහල් සොහොයුරාට අවුරුදු නවයකි ⁣මල්ලීට අවුරුදු පහකි. මැණිකේ තව දරුවෙකු බහිකිරීමට සූදානම්ව සිටියේය දැන් ධනවංශට පවුලේ වගකීම් වැඩිය. දරුවන් තිදෙනා කුසගින්නේ නොතබා කන්න දෙන්න හා හොඳට ඉගැන්වීමට ඔහු නිරතුරු මහන්සි ගත්තේය.
දිනක් සවස් යාමයේ ⁣ඔවුන් දෙදෙනා ගෙවත්ත සුද්දකරමින් සිටියේ සිංහල අළුත් අවුරුදු කිට්ටුවෙමින් තිබු නිසාය. වේලාව සවස හය පසුවී හිරු බැස යාමට ආසන්න වෙමින් තිබුනේය..මහා රෑස්ස ගස් වල එල්ලී සිටි වවුලෝ එකා දෙන්නා ඉගිලී ගියේ උන්ගේ කෑම සොයන කාලය බව අඟවමින්ය…

දෙවැට දිගේ කලබලයෙන් නිවස දෙසට දිව ආවේ ධනේට දැක පුරුදු ඇති මිනිසෙකි.. ඔහු දුටු විගස ධනේට මතකයට නැඟුනේ මීට මාස හය හතකට පෙර සිදුවූ සිදුවීමකි…

මෙම පුද්ගලයා ගමේ ටිකක් හිතවත් පුද්ගලයෙකි.නම්න් වැලිපිටියේ ගෙදර ලොකු මහතාය.ඔහුත් ඔහුගේ සොහොයුරාත් බැංකුවක් මංකොල්ල කා නිවස අසලින් යද්දී ධනේගේ නෙත ගැටුනේය..ඔවුන් මෙම සිදුවීම කිසිවෙකුට නොපවසන ලෙස බැගෑපත් වූයේය.ඒ වාගේම මේ පිලිබඳ කිසිවෙකු දැන ගත්තොත් එදාට බලාගමු යැයි තර්ජනයද කලේය..කෙසේ හෝ මොවුන් නීතියේ රැහැනට කොටුවී මාස හයක් හිරබත්ද කෑවේය..පොරොන්දු වූ ලෙසට ධනේ මෙම සිදුවීම රහසක් ලෙස රැක්කේය. තම ආදරනීය බිරිඳට වත් නොකීවාය.
ආ……. ධනේ. බරටම වැඩ වගේ.ඔහු බුලත්කෙල පහරක් බිමට ගහන ගමන් වටපිට බැලුවේය. ලොකු මහත්තයා කාලෙකින් නේද කවද්ද නිදහස් උ⁣නේ ධනේ කටහඬ අවදි කලේ නලල පුරා රැදි දා බිදු දබරැගිල්ලෙන් පිසදාන ගමන්ය.

ඉතිරිය ලබන සතියට..

මම – චතුරිකා රණසිංහ

lankatarget.com

2 thoughts on “ධවල පුෂ්ප – 1 – කොටස

  • July 25, 2018 at 4:03 pm
    Permalink

    great!
    cannot complain at all.

    Reply
  • July 25, 2018 at 5:38 pm
    Permalink

    හැඟිමි බර කථාවක්.
    තව තවත් ලස්සනට ලියන්නට
    ඔබට ශක්තිය ලැබෙවා.
    එ වගෙම මා ආසාවෙන් කතාව රස වින්දා
    තවත් බොහොමයක් අය ඇත ඊළඟ කොටස එනකම්
    රස විඳින්නට දිගටම ලියන්න
    තවත් කිව යුතුම දෙයක් ඇත
    මම පොඩි කාලේ කියෙව්ව පොතක තිබුණා විදුලි බල්බය හොයාගත්තු තෝමස් අල්වා එඩිසන් මහත්මයා කිව්ව බොහොම ප්‍රසිද්ධ කතාවක්.
    බොහෝ දෙනෙක් සිදුකරන වරදක් නම් සාර්ථකත්වය පෙනි පෙනී උත්සහය අතහැරීමයි.
    ඔබගේ ආරම්භය ඉතාමත් සාර්ථකයි
    ඔබට හදවතින්ම සුබ පැතුම් ❤️❤️❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *