හිත නිවන මිනිස්සු අඩුයි

හිත නිවන මිනිස්සු හරි අඩුයි. ඒක හරියට කළුනික හොයනවා වගේ වැඩැක්. බහුතරයක් කරන්නෙම අවස්ථාවක් ආපු ගමන් තව කෙනෙක්ගෙ හිත අවුළන එක. එහෙම ඇවිළෙච්ච හිත් තත්පරයෙන් තත්පරය දැවෙමින් නිවීමක් හොයනවා. එතනදි තමයි මනුස්සයෙක් අසරණ වෙන්න පුළුවන් උපරිම විදියට අසරණ වෙන්නේ.

කාලයත් එක්ක ඒ මිනිස්සු තේරුම් ගන්නවා ඇවිළුණ තැනින්මයි නිවීමක් හොයා ගන්න පුළුවන් කියලා. මොකද ගිණ්නකට වුණත් ඇවිලෙන්න පුළුවන් කාලයක් තියෙනවා.  මිනිස්සු බලන් ඉන්නේ අපි ඇවිළිලා නිවිලා යනකම්. ඒ මිනිස්සු අපේ දිහා බලන් ඉන්නේ ඉටිපන්දමක් දිහා බලන් ඉන්නවා වගේ. ඉටිපන්දම පිච්චිලා පිච්චලා ඉවර වෙන කොට තමයි මිනිස්සු තෘප්තිමක් වීමක් ලබන්නේ. ඒත් ඒ මිනිස්සුන්ට අමතක වෙනවා ඉටිපන්දම පිච්චෙනකොට බේරෙන ඉටිකරි වලින් අලුතින්ම ඉටිපන්දමක් හදා ගන්නත් පුළුවන් කියලා. ඉටිපන්දමේ ආයු කාලය එතනින් ඉවර වෙන්නේ නෑ කියලා ඒ මිනිස්සුන්ට ඉඹේටම අමතක වෙනවා..
හිතක් වුණත් වේදනාවකින් පිච්චිලා ගියාම ඒක අවසානයක් කියන්න බෑ. හිත හොද මිනිස්සුන්ට හැමදාම සතුටයි, සැනසීමයි හරි ඈතයි. ඒ මිනිස්සුන්ට ලැබෙන්නෙම දුකයි, වේදනාවයි, ප්‍රශ්නයි විතරමයි. හැබැයි ඒ මිනිස්සු ඒ විඳවීම තුළින් විඳීමක් හොයා ගන්නවා. හිත පුච්චන අයට හිත පුච්චන්නත් දෙනවා.  හැබැයි වේදනාව කෙළවර වෙනකම්ම ඉවසලා ඉවසලා ඒ මිනිස්සු යමක් අවබෝධ කරගන්නවා.
 ඒ,
අපිව රිද්දන අයට අපි පිච්චුනා කියලා දැණෙන්නේ අපි පිච්චුනා කියලා කෑ ගැහුවොත් විතරයි.. අපි පිච්චිලත් නො  පිච්චුන ගාණට ඉවසීමෙන් දරාගෙන හිටියොත් අන්න එතනදී අපිව ගිණි තියපු ගිණ්නෙන්ම ඒ මිනිස්සු පිච්චෙන්න ගන්නවා.. !!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *