ඔයාට සෙක්ස් ගැන හිතුනේ කවද්ද – 07

මේ කතාව කියන්න මම මෙහෙම ප්‍රශ්ණයක් අහන ගමන් පටන් ගන්නම් ඔයාගේ ජීවිතේට ආදරේ ආවේ කවදද?ටිකක් හිතලා බලද්දී සමහරු කියයි…පාසල් යන කාලේ කියලා(අනේ අම්මෝ ඔය කාලේ ආදරේ කරන බව දැන ගත්තොත් ඉස්කෝලෙනුත් දොට්ට දාන සයිස් එකක් තියෙන්නේ)….තවත් සමහරු කියයි ඉස්කෝලෙන් අයින් වෙලා කැම්පස් ගියාම ,අලුත් රැකියා ස්ථානයේදි කියලා.කලාතුරකින් කියයි බැන්දට පස්සේ කියලා.ඒ එක්කම මම අහනවා ඔයාට සෙක්ස් ගැන හිතුනේ කවදද කියලා.ඒකට සමහරු උත්තර දෙයි ඒත් සමහරු ලැජ්ජාවෙන් ඇඹරෙයි.මේ ලව් එහෙමත් නැත්තම් සෙක්ස් කියද්දී විවෘතව කතා කරන්න බැරුව අපේ සබකෝල ඇඹරුම ඇති කරලා තියෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය කියලා මගේ හැම ලිපියෙදිම වගේ මෙතනදිත් සඳහන් කරනවා.මොකද සමාජයක් ගොඩ නැගෙන්නට පෙර මුලික අඩිතාලම දැමෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්, ඒ බව දැන දැනත් ආදරය,ලිංගික අධ්‍යාපනය හංගලා ශිෂ්ඨාචාර ගත වුනා කිය,කිය ගල් යුගයේ ලිංගික සංතෘප්තීන් ඉටු කර ගන්න ගැණු කියන්නේ ලිංගික මැෂිමක් ගානට දාලා සමාජයේ බොහෝ දෙනා හැසිරීමම කොයි තරම් තුච්ච ක්‍රියාවක්ද කියලා මේ අවස්තාවෙදී මතක් කල යුතුයි.

ඔබ ඔබෙන් අහන්න ගැහැණු ,පිරිමි බේදයකින් තොරව ඔබ ප්‍රොන් විඩියෝ එකක් මුලින්ම බලපු දවස මතකද? මේකට උත්තර දෙන පිරිමි පාර්ශවයේ කීප දෙනෙක් ඔව් කියයි.ඒත් ගැණු පාර්ශවයේ අය නම් අපෝ කියලා හුල්ලලා මොනාද අප්පා මේ අහන්නේ කියයි.
ඇත්තටම ප්‍රෝන් විඩියෝ වල මොනාද තියෙන්නේ බලපු අය ටිකක් හිතලා බලන්න නොබලපු අය බලන්න.මොකද බලන්න කියන්නේ එතකොට මං ලියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි.

ගැහැණියෙක් පිරිමියෙක් සමඟ ලිංගිකව හැසිරිම විකෘතියක් කරලා නෙවේද ඔය විඩියෝ හදන්නේ ? ලොකු පුරුෂ ලිංගේන්ද්‍රයක්, ජෙල් බෑක් දාලා හදපු ගෑණු පියයුරු යම්යම් උත්තේජක භාවිතා කරලා පැය ගනන් ලිංගිකව හැසිරෙන මිනිස්සු….ඒ මදිවට අම්මා පුතත් එක්ක ලිංගිකව හැසිරෙන ,තාත්තා දුවත් එක්ක ලිංගිකව හැසිරෙන, සහෝදර සහෝදරියන් ලිංගිකව හැසිරෙන බව පෙන්වන සමාජයේ මානව සබඳතා බිඳ දමන මනස විකෘති මට්ටමකට ඇද දමන විඩියෝ නෙවේද මේ ප්‍රෝන් විඩියෝ කියන්නේ …ටිකක් හිතලා බලන්න අපි සැබෑ ජීවිතේදී කල යුත්තේ අපි ආදරේ කරන කෙනා වෙනුවෙන් බොහෝම සංවේදි අවස්ථාවයන්හී උපදින ලිංගික හැඟීම් ඉතාමත් විනීතව කිසිම කලබලයකින් තොරව ආදරණියව ස්පර්ශ ,ඉරියව් මගින් සංතර්පනය කර ගැනීමක් නොවේද ? ඒත් මේ ප්‍රෝන් විඩියෝවකින් ඔබේ මනසේ තම පෙම්වතා හෝ පෙම්වතිය ගැන මේ ලිංගික ක්‍රියාව මේ විදිහට හති දාලා වුනාම,ගෑණු පාර්ශවයට රිදෙන්න හැසිරුනාම හරි ශෝක් කියලා අදහසක් නොවේද දෙන්නේ..

..මෙහෙම ප්‍රෝන් විඩියෝ කිහිපයක් බලන පිරිමි පාර්ශවයේ සමහර පුද්ගලයන් තම පෙම්වතියගෙන්, බිරිඳගෙන් ඒ දේවල් ඒ විදිහටම වඳ දි දී බලාපොරොත්තූ වීමම අර කාන්තාව අපහසුතාවයට පත් කිරිමක් නොවේද? එමෙන්ම තම බිරිඳ, පෙම්වතිය ප්‍රෝන් විඩියෝ වල ඉන්න කාන්තා පාර්ශවය හා සංසන්දනය කර බැලීම තරමටම සමහර පිරිමි පාර්ශවයන්ගේ මනස විකෘති තත්වයෙන් පසු වනවා.

දෙදෙනෙක් තුල උපදින ඒ සෙනෙහසින් ලිංගිකව හැසිරිම එකිනෙකාට පහසු රුචි අරුචිකම් මත ගලාගෙන යෑම අපූරුයි කියලා මට හිතෙනවා. අපි මේ ලෝකෙට බිහි වෙද්දි අපි කවදාවත් දැනන් උන්නේ නෑ අපේ අම්මගේ තන පුඩුව උරන්න…එහෙම උරලා එන කිරි ටික ගිලලා මාස කිහිපයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් දැනන් උන්නේ නෑ ඉතින් එහෙම ස්වභාවයෙන් අපිට පිහිටපු ඒ ක්‍රියාවන් ලිංගික ජිවිතේදිත් තම සහකරුවා හෝ සහකාරිය ලඟදි ඉබේම සිදු නොවෙයි කියලා හිතනවද? නෑ තම හදවතේ ප්‍රේමණීයව උපන් විවෘත අදහස් හුවමාරුවක් ඔස්සේ මේ හැමදේම හරි සැහැල්ලුවෙන් සිදු වෙනවා. නමුත් මම මෙතන දී කියන්නේ නෑ ලිංගිකත්වය හංගලා තියලා ඉබේ වෙන දෙයක් වෙන්න දෙන්න කියලා. හැම කෙනෙක්ගෙම ජීවිතේට ලිංගික අධ්‍යාපනයක් අවශ්‍යයි. එතකොට තමා ඕනම මිනිහෙක් තමන්ගේ ලිංගික ජීවිතේ සාර්ථකම ඵල නෙලා ගන්නේ. ඒ හා එකාබද්ධව තම ජිවිතේ තෘප්තීමත් මිනිසෙක් ලෙස සමාජයෙත්,තම ආදරණීයන් ලගත් හැසිරෙන්නට අවස්ථාව නිරායාසයෙන් උදා වේ.

S H A N U W I J E T H U N G A ®️

ශානූ විජේතුංග®️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *