ක්‍රිකට් ආයතනයේ ලොක්කෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතු මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියාව ඊයේ (22) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම, ගලවිල වත්ත පදිංචි දිසානයක විමල් නන්දික දිසානායක (42) යන පුද්ගලයෙකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට විකාශන අයිතිය හිමිව ඇත්තේ සෝනි පුද්ගලික ආයතනයටය. එහිදී එකී ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ අදියර තුනකිනි.
එනම් මෙරට ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට දින නියම වූ විට සියයට පනහක්, අදාල තරගාවලියේ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙරටට පැමිණි පසු සියයට තිස් පහක්, ක්‍රිකට් තරගය නිමා වූ පසු සියයට පහළොවක් වශයෙනි.
ඉකුත් දිනවල දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙරටට පැමිණ තරගාවලිය නිමා කළ පසු ගෙවිය යුතු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට නොව වෙනත් ගිණුම් අංකයක් ලබා දි ඊට බැර කරන ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මුල්‍ය නිලධාරියා සෝනි ආයතනයට දන්වා තිබේ. මෙකී ගිණුම ඇමෙරිකාවේ පවතින ගිණුමකි.
එමෙන්ම එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණි පසු ගෙවිය යුතු මුදල්ද ඉහත කී ගිණුම් අංශයට බැර කරන ලෙස දන්වා තිබේ.

මේ පිළබඳ සෝනි ආයතනයට යම් සැකයක් ඇති වි ඒ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව දැනුවත් කර තිබේ.
ඒ අනුව ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කර ඔහුගේ උපදෙස් මත ‍පොලිස් මූල්‍ය කොට්ඨාශය වෙත පැමිණිලි කරනු ලැබුයේ ආයතනයට හිමිවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමේ උත්සහය සම්බන්ධයෙනි.
ඒ අනුව විමර්ශන පැවැත් වූ ‍පොලිස් නිලධාරින් ඊයේ දින මෙසේ ප්‍රධාන මුල්‍ය නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *