හොර මිනිහා එක්ක පැනලා ගිහිපු ගෑණියෙක් කසාද මිනිහා ගැන කියන කතාව :

“අරවා දෙන්නම්, මේවා දෙන්නම් කියලා ආවෙ. ඒ වුණාට ටික දවසක් යද්දි එයා වෙනස් වුණා. එයා මං කියන ඒවට වඩා, එයාගෙ යාළුවො කියන ඒවා අහන්න ගත්තා. මට බලපෑම් කරන්න ගත්තා. මට ඕනෙ දේවල් කරන්න දුන්නෙ නෑ.

අපි දෙන්නගෙ අදහස ගැලපෙන්නෙ නෑ. චරිතවල, ගතිලක්ෂණවල, සංස්කෘතියෙ එහෙම වෙනස්කම් ගොඩයි. මං කිව්වා අපි එකට එකතුවෙලා වැඩ කරමු කියලා. ඒ වුණාට එයා ඒවා නොසලකාහැරියා. මම ඉවසීමෙන්, නිහතමානී විදියට වැඩ කරන්න හැදුවා. ඒක දන්නෙ මගේ හිත විතරයි. මං මගෙ ළමයි වෙනුවෙන් එහෙම කළේ. ඒ වුණාට බැඳලා මාස තුනක් යන්නත් කලිනුයි එයා මගෙ විශ්වාසෙ බින්දෙ.

එයා ගෙදර අල්මාරියෙන් ලොකු ගාණක් හොරකම් කළා. ග්‍රාම සංවර්ධන සමිතියෙ සල්ලි. මං දැනන් හිටියා මෙයා ගත්තෙ කියලා. ඒත් මං කාටවත් කිව්වෙ නෑ. මං හිතුවා අනේ මෙයා හැදෙයි කියලා. මම ඒ ගැන එයා එක්ක කතා කළාම, “උඹට වැඩක් නෑ, මේක මගෙ වැඩක්, උඹ උඹෙ වැඩක් බලාගනින්” කිව්වා. මට ඒ ගැන කාටවත් කියන්න දුන්නෙත් නෑ, එයාටයි එයාගෙ යාළුවන්ටයි ඒක අපහාසයක් වෙනවා කියලා.

කොච්චර කළත් මගෙ කසාද මිනිහා. මං ආතක් පාතක් නැතුව ඉඳිද්දියි මා එක්ක මෙහෙම ආවෙ. මං ඒ කළ ගුණ සලකන්න නිහඬ වුණා. ඒ වුණාට මගේ ඒ ගුණය නිසා සමිතිය වැ‍ටුණා. මට ඒ ගැන දුකයි, ඒත් මං කවදත් හිතුවෙ සමිතිය ගැන බව ගමේ මිනිස්සු දන්නවා.

ඒ අස්සෙ මාව මරවන්නත් කාටද කොන්ත්‍රාත් දීලා. මට තවත් දරාගන්න බැරිවුණා. හොරකම් කළ වෙලේ මම සමාව දුන්නට එයා හැදුණෙ නෑනෙ? ඉතින් මං මෙයා එක්ක එන්න කලින් යාලුවෙලා හිටි අයියට කෝල් කළා. එයාව දාලා මෙයා එක්ක ආවට එයා මට තාමත් කැමතියි කිව්වා. පහුගිය ක‍ටුක අත්දැකීම් එක්ක තවත් මේ විදියට පවුල්කන්න ඕනෙකමක් මට නෑ. මං ඒ නිසා මෙයාව අතෑරලා මේ අයියා එක්ක ආවා. මේ වෙච්ච හැමදේම වගකීම මෙයා බාරගන්න ඕනැ”

ඒක නෙවේ, ජනාධිපතිතුමා ටීවී එකේ කතාවක් දුන්නලු නේද?

උපුටා ගැනීම
Amanda Abeysooriya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *