සජිත් අගමැති කොට රනිල් ජනපති කිරීමේ එජාප සැලසුමක් …!

රනිල් වික්‍රමසිංහ මහතාට අහිමි වූ අගමැති ධූරය යළි පාර්ලිමේන්තුව තුළදී ලබාගැනීම එක්සත් ජාතික පක්ෂයේ මූලික අභිලාසය වී ඇති අතර එසේ ලබා ගැනීමෙන් අනතුරුව පක්ෂය විසින් ඔහු එම ධූරයෙන් ඉවත් කොට සජිත් ප්‍රේමදාස වෙත අගමැති ධූරය පැවරීමටත් අනතුරුව මහ මැතිවරණයකට යාමට පක්ෂය සූදානම් කිරීමටත් එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තාවේ.

තම පක්ෂය විසින් ජනාධිපති ධූරය සදහා මෛත්‍රීපාල සිරිසේන තෝරා ගැනීම හා ඔහු නිසි පරිදි නඩත්තු කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද නායකත්වයට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන මැදිහත් වීම අවම වීම හේතුවෙන් මෙවැනි අර්බුදයකට තම පක්ෂයට මුහුණ පෑමට සිදුවීම පිළිබදවද නායකයින් මත පළකරමින් සිටින බවද වාර්තාවේ.

කෙසේ නමුත් මේ වන විට සිදුවෙමින් පවතින බල පෙරළියේ දීද රනිල් වික්‍රමසිංහ මහතා අසාර්ථක වුවහොත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම අනිවාර්යයක් වන බවත්, තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායත්වය යටතේ පක්ෂය ජයග්‍රහණය මාවතකට ගෙන යා නොහැකි බවද සාකච්ඡා කොට ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *