ලාංකීය සමාජ -දේශපාලනික අර්බුදයෙන් රට ගලවා ගැනීම ඇත්තේ වමේ එක්සත්භාවය තුලය

රට තුළ නැවත වටයකින් දේශපාලන නොසන්සුන් තත්වයක් හටගෙන ඇතග යටත් විජිතයක්ව පැවතල ඉන් මිදී ගොඩනගන ලද පශ්චාත් යටත් විජිත රාජ්‍ය යනු අවිච්ඡින්න ලෙස පැමිණි අර්බුදයන් තුළින් ගමන් කිරීම මිස සාමකාමි සමාජ ආර්ථික හා දේශපාල මාවතක් ඔස්සේ ගමන් කිරීමක් උරුම නොවූ රාජ්‍යයක් වේ.

ජාතිකල ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුතු ලාංකීක සමාජය දේශපාලනික ඒකකත්වයක් තුළට ගෙන ඒමට අපොහොසත් වීමේ විපාක දසක හතකට ආසන්න කාලයක් අප සමාජය අත්විඳිමින් සිටී. රාජ්‍යයක මූලීකම කාර්‍යයක් වූ දේශපාලනික එ්කාග්‍රතාවය ගොඩ නැගීමට අපොහොසත් විමේ ප්‍රථිපලය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවූ සමාජල දේශපාලනික හා ආර්ථික ව්‍යුහයන් ගොඩ නැගීමත්ල ඒ නිසාම ප්‍රචණ්ඩත්වය සමාජ දේහයේ සාමාන්‍යකරණයක් වීම ය.

1971 දි 1987-89 දි දකුණේ කුලල පන්ති හා සංස්කෘතික පිඩිතයාගේ දල 30 අවුරුදු යුද්ධයක් ලෙස උතුරේ කුලල පන්තිල සංස්කෘතික හා ජාතික වශයෙන් පිඩිත දෙමළ ජනතාව තුල පීඩාකාරි රාජ්‍ය කෙරෙහි ඇති තම විරෝදය පෑම ප්‍රචණ්ඩත්වය හරහා ප්‍රකාශනය වී මහත් විනාසයන් ගෙන දෙමින් නතර වුණි. මේ නතර වීම යනු ප්‍රචණ්ත්වයන් ලෙස පුපුරා යන සමාජ අසමානතවයන් හා අසාධාරණයන් සාමානාත්මතාවය හා සාධාරණත්වය දක්වා පරිවර්තනය කරගත් නිසා ඇතිවුවක් නොවේ. එය සිදුවූයේ පිඩිතයාගේ ප්‍රචණ්ඩත්වය මෙන් සිය දහස් ගුණයකින් වැඩි වූ ප්‍රති ප්‍රචණ්ඩත්වයක් පාලකයන් විසින් මුදා හැර තම රාජ්‍යයේම පුරවැසියන් දස දහස් ගණනක් ලේ ගංඟාවක ගිල්වා විනාස කර දැමිමෙන්ය.

උරුමයක් ලෙස පිඩාකාරී හා අසාර්ථක වු පශ්චාත් යටත් විජිත රාජ්‍යය සුභවාදී පරිවර්තනයකට ලක් කිරීමට මහන්සි ගන්නවා වෙනුවට එදා මෙදා තුළ රට පාලනය කළ පාලක පන්තිය ද එහි සහායක බලෑනි ද උත්සහා කරමින් සිටිනුයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට මොනයම් හෝ පැලැස්තරයක් අලවා ඉදිරියට ගෙනයෑමටයිග නමුත් මේ මොහොතේ එය ද ආසාර්ථක වෙනවා පමණක් නොවල ලාංකීය පුරවැසියා රාජ්‍ය හා එහි පාලනයට මැදිහත් විමේ එකම එක ක්‍රියාව ලෙස බුක්තිවිඳි පාර්ලිමෙන්තුවට තම කැමැත්තට අනුව නියෝජිතයන් තෝරා පත් කරගත් අවස්තාව ද අහිමි විමේ ලකුණු පහාලවෙමින් තිබේ. මේ වනාහී පශ්චාත් යටත් විජිත රාජ්‍යයේ පැවති නාමික පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ද මළගමයිග ප්‍රජාත්න්ත්‍රවාදය හා නිදහස යනු එක් සමාජ පන්තියක් හෝ කණ්ඩායමක් විසින් එහි බහුතරයට තම හිතෛශින්ට අනුව ප්‍රදානය කරන තෑගගක් නොවේ. එ් වානාහී සමස්ත ජනතාවගේම මැදිහත් විමෙන්ල සමස්ත ජනතාවටම බුක්ති විදීමට අත්පත් කරගනිමින් පවත්වාගෙන යනු ලබන ක්‍රියාවලියකි.

මේ ඇතිවි ඇති අර්බූදකාරී තත්වය අප භාවිතා කළ යුත්තේ පුළුල් අර්ථයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් සමාජයක් ගොඩනැගීම සඳහායිග ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ වාමාන්ශිකයන්ය. අපි එසේ කියනුයේ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සඳහා සැබෑ වුවමනාවන් හා අදහස් ඇත්තේ ඔහුන් තුළ පමණක් වන බැවිනි. විවිධ මතවාදයන් අනුව බෙදී වෙන්වී සිටින වාමාන්ශිකයන්ගේ මහා පොදු සාධකයමත් එයයි. ඔවුන් මේ මොහොතේ පීඩිතයාගේ නියම නියෝජිතයා වීමේ ආදර්ශය පෙන්නුම් කිරීමට මෙම ව්‍යාකූලත්වය තුල නියෝජනය පෙන්නුම් නොකරන්නේ වාම දේශපාලනයේ වැදගත් අවස්ථාවක් පැහැර හරින්නෝ වන්නාහ. ඒ නිසාවෙන් වහ වහා අප කළ යුත්තේ මේ සඳහා පොදු වේදිකාවක් ගොඩ නැගීමයිග එහි දි මූලික පියවර වශයෙන් අපි දකිණුයේ විකාරයක් හා පිඩාකාරී ව්‍යුහයක් වුව දල අප මුලින් කී ආකාරයට ලාංකික පුරවැසියා රාජ්‍ය හා එහි පාලනයට සම්බන්ධ වෙන අවම හා එකම ක්‍රමය වෙන පාර්ලිමේන්තු සම්ප්‍රදාය පවත්වාගෙන යෑමට පිඩකයාට බලකිරීමයි . එය හුදු රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ රැකීමක් නොවේ. මේ උදාවී ඇත්තේ වික්‍රමසිංහ හා රාජපක්ෂ හරහා ක්‍රියාත්මක වෙන පාලක මතවාදයන්ට මෙතෙක් ජනතාව බුක්තිවිඳි අවම ප්‍රජාතන්ත්‍රවාදයවත් පවත්වාගෙන යා නොහැකි වකවානුවකිග මෙම බල අරගලයේ ජය කා අතට පත්වූවත් දුක් විඳින ජනයාගේ නිදහස සමානාත්මතාව හා සාධාරණයට ඔවුන්ගේ ප්‍රතිපත්ති තුල විසඳුමක් නැත. ඒ වෙනුවට ඉදිරියට හිමි වීමට නියමිතව ඇත්තේ ජනතාවගේ අයිතීන් නැති කරන බල අරගලවලින් සමන්විත සමාජ විනාශකාරීත්වයන්ය. ඉතිහාසය පුරා වාමාංශික අප අසමත් වී ඇත්තේ අපගේ මතවාදවලට වඩා එක්සත්භාවයක් පිණිස කටයුතු නො කිරීම ය. එබැවින් මෙවැනි අවස්ථාවක පීඩිතයාගේ ජයග්‍රාහී මාවත එලිපෙහෙලි කරගැනීමේ ඇරබුමක් ලෙසල වමේ එක්සත්භාවය ප්‍රකට කරමින් අප තුල ඇති ප්‍රජාතාන්ත්‍රීය සහජීවනය අවම මට්ටමේ සිට උපරිමය දක්වා වර්ධනය කිරීමේ භාවිතාවකට ගමන් කළ යුතු වන්නෙමු . එයට සමගාමීව අප යොජනා කරනුයේල ගෝලීය හා කාලාපීය ආර්ථිකල දේශපාලනික තත්වයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කරගනිමින් දීර්ඝ කාලීනව ප්‍රජාත්න්ත්‍රවාදයල සාධාරණත්වය හා නිදහාස ගොඩනැගීම සඳහා වූ සාකච්ඡාවන් ද ඒ මත පදනම් වූ එක්සත් ක්‍රියා මාර්ග සඳහා අවතිරණය වීමට මුළපුරමු යන්නයි. සමාජවාදය සඳහා වූ පාර ජාතික සහයෝගීතාවය ඒ වෙන්වෙන් කළ යුතු හා කළ හැකි සෑම දෙයක්ම කිරීමට ජාත්‍යන්තර සහයෝගය දල වාම අරගලයන් හා බද්ධ කරමින් ලාංකීය වාම අරගලට ශක්තියක් සපයන්නට ඇප කැප වන්නෙමු.

අවසන් වශයෙන්ල පීඩිතයාගේ විමුක්තියේ වින්නඹු මාතව වනුයේ පීඩිතයාම මිසකල බාලගිරි යකා වූ පීඩකයා නෙවන බව අප නැවැත නැවතත් මතක් කළ යුතු නැති බව විස්වාස කරමින් පීඩිතයාගේ විමුක්තියේ මාවත වැටි ඇත්තේ ඔහුන්ගේ එක්සත්භාවයල විමුක්තිය සඳහා වු නොසන්සිදෙනා පිපාසව හා ඒ සඳහා කොන්දෙසි විරහිතව එක්සත්ව සටන්කිරීම යන්න මතක් කරමි.

සකල දේසවාසී නිර්ධනයිනි එක්වව් යන මාක්ස් එංගල්ස්ගේ මානව ප්‍රේමී ප්‍රකාශයට ලාංකීය අපට ප්‍රණය දිය හැකි වන්නේ සකල විධ වාම බලවේග හා පුද්ගලයින් එක්වව් යන්න අප භූමිය තුල යථාර්ථයක් කිරීමෙන් පමණකි.

සහෝදරත්වයෙන් හා සත්භාවීය මානව දයාවෙන් යුතුව !!!!

tnss

Leave a Reply

Your email address will not be published. Required fields are marked *