රැකව වෙල්යාය, කකුළු ව්‍යාපෘතියකට…”කලපුව අනතුරේ”…

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශිය ලේඛම් කොටිඨාශයට අයත් රැකව වෙල්යාය මේවන විට බලහත්කාරයෙන් කකුළු ව්‍යාපෘතියක් සදහා පවරාගෙන ඇත. මෙසේ පවරාගෙන ඇති වෙල්යාය රැකව කලපුවට ඉතාමත් ආසන්න වෙල් යායක් වන අතර රැකව මහ වැව යටතේ වගා කරමින් සිටි මෙම වෙල්යාය ගොවි ජනතාවටත් නොදන්වා කකුළු ව්‍යාපෘතියක් සදහා පවරාගෙන තිබේ. ගොඩ සහ මඩ අක්කර හැත්තැපහක් පමන වගා කරන මෙම වෙල් යාය මාළුවටවන ලැබීම වෙල් යාය ලෙස පුරාණ කාලයේ සිට හදුන්වනු ලබයි.

ක්රැබ් සිටි දෙවන පියවර ලෙස හදුන්වා ඇති කකුළුවන් ඇති කිරීමේ ව්යාපාතිය රැකව වෙල්යායේන් අක්කර හතලිස් පහක භූමි භාගයක් අත්තොනොමතික ලෙස ව්‍යාජ ඔප්පු හා ලියකියවිලි සදාගනිමින් පවරාගෙන ඇති අතර මෙහි සත්‍යය හිමි කරුවන් වන ගොවි ජනතාවට කකුළු ව්‍යාපෘතිය නිසා තමන් පාරම්පරිකව වගා කල භූමය අහිමි වී ඇත.
මෙම ව්‍යාපෘතිය සදහා මූලික පාරිසරික පිරික්සිම් වාර්ථාක් සකස් කොට ඇති අතර එම වාර්ථාව මගින් රැකව වෙල්යායේ සිදුවන බලහත්කාර ඉඩම් මංකොල්ලය සදාරණීකරනය කිරිමට උත්සහ දරා ඇත.එම වාර්ථාවට අනුව රැකව වෙල්යාය කිසිදු භාවිතයකයට නොගන්නා මුඩු භූමියක් නිසා කකුළු ව්‍යාපෘතිය සදහා ලබාදිම සුදුසුයැයි යොජනා කර ඇත .

ව්‍යාපෘති වැඩ බිම සදහා ඉඩම් ලබාදීමට ගොවියන් කිහිප දෙනෙක් කැමති උවද සිය පාරම්පරික ගොවි ඉඩම් කකුළු ව්‍යාපෘතියකයට පැවරීමට බොහො ගොවියන් අකමැති වුවද ක්රැබ් සිටි දෙවන පියවර සිදු කරන ව්‍යාපාරික හිමි කරුවන් වංචා සහගත ලෙස හා ගොවි ජනතාවට පහර දීම ,මරණ තර්ජන එල්ල කිරීම වැනි බියකිරීම් වලින් මෙම ඉඩම් ලබාගෙන ඇතත් මේසදහා කිසිදු නිත්යානුකූල ක්‍රම වේදයක් භාවිතා කර නොමැත.

සිය ඉඩම් අහිමි වීම නිසා ප්‍රදේශයේ ජනතාව විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධව තංගල්ල ප්‍රාදේශිය සභාවෙන් ඉඩම් නිදහස් කර ගැනීමට නිත්යානුකූල අවසරයක් ලබාදී ඇත්දැයි විමසු විට TPS/ECF/DO/03/01/33 අංකය යටතේ 2018.05.02 නැමති ලිපියේ සදහන් වන අකාරයට මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රාදේශිය සභාව මගින් පරිසර නිර්දේශයක් හෝ පරිසර බලපත්‍රයක් හෝ ඉඩම් සැළසුම් අනුමැතියක් හෝ ගොඩනැගිලි සැළසුම් ඇනුමැතියක් ඇතුළු කිසිදු අනුමැතියක් ලබාදී නොමැත් බව සහතික කර ඇත.

නමුත් පරිසර අධිකාරිය මගින් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ප්‍රකාශිත අංක 772 ∙22 දරණ 1993.06.24 දිනැති අතිවිශේෂ පත්‍රයට අනුව ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය මගින් මුලීක පාරිසරික පරික්ෂණ වාර්ථාවක් කැදවා ඇති අතර මෙලෙස කැදවන ලද වාර්ථාව ඉඩම් සම්බන්ධව හා එහි පාරිසරික වටිනා කම් සම්බන්ධව සැබෑ තොරතුරු අඩංගු කර නොමැති ව්‍යාජ වාර්තාවකි.

ඉඩම් හිමියන්ගෙන් බලහත්කාරයෙන් ලබාගන්නා ලද ඉඩම් සදහා පාරිසරික අනුමැතියක් 2017.11.29 දින 08/EIA/AQUA/ 03/ 2017 යටතේ පරිසර අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය සදහා අවසර ලබාදීමෙන් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවාධාන අමු අමුවේ උල්ලංඝනය කර ඇත.

තත්වය මෙලෙස තිබියදී නිතී විරෝධි ලෙස රැකව වෙල්යාය ගස් කපා ඉවත් කරමින් ඩොසර් කිරීම මේවන විට ආරමිබ කර ඇති අතර වෙල් යායේ කකුළු ව්‍යාපෘතිය ආරමිබ කිරීමට මත්තේන් පස් කපා විකිණිම ආරමිබ කර ඇත.මේ හෙතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවට සිය ඉඩම් අහිමි වනවා පමණක් නොව ප්‍රදේශයේ පරිසර පද්ධතියද විනාශ වීමට පටන්ගෙන ඇත.

රැකව ප්‍රදේශය සුවිශේෂි පරිසර පද්ධතියකට හිමිකම් කියන ප්‍රදේශයකි වැව්,කලපුව සහ මුහුදු පරිසර පද්ධතිය නිසා ප්‍රදේශයේ විදේශිය සංචාරකයින්ගේ වැඩි අවදානයක් මෙම ප්‍රදේශයට වසර පහලවක සිට පමණ යොමු වී ඇත. එම නිසා රැකව ප්‍රදේශය දේශිය හා විදේශිය සංචාරකයින්ගේ තොතැන්නක් වන අතර සුවිශේෂි වූ සත්ව හා ශාක විශේෂ ගණනාවකින්ද මෙම ප්‍රදේශය පෙහොසත්ය .

රැකව මුහුදු තීරය ලොව කැස්බෑ සංරක්ෂණයට සුවිශේෂි මුහුදු තීරයක් වන අතර ඔලුගෙඩි කැස්බැවැ (Caretta caretta) .දාර කැස්බැවා (Dermochelys coriacea) ගකොළ කැදැබැවා .බටු කැස්බැවා (Lepidochelya olivaecea පොතු කැස්බැවා (Eretmochelys imbricata)යන කැස්බා විශේෂ පහ දැක ගත හැකි අතර ඔහුන්ගේ සංරක්ෂණ කටයුතු ප්‍රජා මුලීක කටයුත්තක් ලෙස මෙම ප්‍රදේශයේ සිදු වේ .

මෙරට හුමුවන කඩොලාන විශේෂ අතරින් රැකව කලපුව ආශ්‍රීත ප්‍රදේශයේ කඩොලන හා ආශ්‍රීත ශාක විසි හතක් පමණ හමුවන (Thespesia populnea) , (Avicennia marina), (Burguiera sexungula),(Cerbera manghas)ඇතුළු සුවිශේෂී කඩොල් ශාක ගණනාවනක් කලපුව අලංකාර කර ඇති අතර කලපුව ආරක්ෂා කිරීමට මෙන්ම කලපුවේ මත්ස්‍ය ගහණය වැඩි කිරීමටද මෙය හේතුවක් වී ඇත. එම නිසාම ප්‍රදේශයේ ජනතාව බොහෝමයක් ගොවි තැන් කටයුතු කරමින් සිටියද කලපුවේ දීවර රැකියාවද නිරතවේ.
ක්රැබ් සිටි ව්‍යාපෘතිය සදහා මේවන විට බලහත් කාරයෙන් විනාශ කරන වෙල් යාය අවට ප්‍රදේශයේ සුවිශේෂි වන ග්‍රහණයක් තිබෙන අතර නුග (Ficus benghalensis ) ” මලිත්තන්(Salvadora presica ) පලු Manikara hexandra) කුඔුක් (Terminalia arjuna) “ඉඔුල් ((Bombax malabaricum)ඇතුළු විශාල ශාක විවිධත්නයක් දැක ගැනීමට හැකිවේ.

මෙයට අමතරව කුරළු විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික වළිකුකුලා ( Gallus lafayetii) ඇතළු පක්ෂි විශේෂ හතලිහක් පමණ මෙම ප්‍රදේශයෙන් වාර්ථා වන අතර වියලි කලාපයේ හමුවන සර්ප විශේෂ ගණනාවක් මෙහි වාර්ථා වේ.ක්ෂිරපායි සත්ව විශේෂ අතර හික් මියන් , වවුලන් හා බලල් පවුලේ සමාජිකයන් වන හදුන් දිවියා (Prionailurus viverrinus)වල් බළලා (Felis chaus) ඇතුළු ක්ෂරපායි සත්ව විශේෂ ගණනාවක් මෙම ප්‍රදේශයෙන් වාර්ථා වේ.

මේ සා විශාල හා පොහොසත් ජෛව විවිධත්වයක් ඇති ප්‍රදේශයක් කකුළු ව්‍යාපෘතියකට හා හෝටල් ඉදිකිරීම වෙනුවෙන් විනාශ කිරිම ජෛව විවිධත්වයට මෙන්ම ප්‍රදේශයේ ගොවි , ධිවර ප්‍රජාවට මෙන්ම සංචාරක කර්මාන්තයෙන් ජිවත්වන ජනතාවටත් රටටත් අතුල් පහරකි .

පරිසරය හා ජන ජීවිතය නසමින් බලහත්කාරයෙන් ඉදිකරමින් තිබෙන ක්රැබ් සිටි ව්‍යාපෘතිය දියත්කරන අතර තුර කකුළු අස්වැන්නේ අනතුරව විශ රසායන සහිත ජලය මුදැ හැරීමේ අවදානමක් මෙම ව්‍යාපෘතියෙන් ඇත. කකුළු ව්‍යාපෘතිය රැකව කලපුව අතර සෘජු දුර මිටර් තුන්සියයක් පමණ වන අතර විශ රසායන සහිත අපද්‍රව්ය කලපුවට මුදා හැරියහෙත් ඉහත පෙන්වා දුන් සත්ව විශේෂ හා ශාක විශේෂ බරපතල අනතුරකට පත්වනු ඇත.

රැකව මහවැවෙන් හා අවට ඇති තවත් වැවි තුනක පිටාර ජලය ගලායන්නේ මෙම විනාශ කාරි ලෙෂ පස් කපමින් කකුළු ව්‍යාපෘතියක් නිරීමාණය කිරීමට යන මෙම පහත් භූමය හරහාය.වැසි කාලයේදි මෙම ප්‍රදේශය ඇතම් විට ජලයෙන් යටවන අතර කකුළු ව්‍යාපෘතියෙන් අනතුරුව වැඩ බිම හරහා කලපුවට ගලන විෂ සහිත ජලය විසින් කලපුවේ මත්සය සම්පතට විශාල හානියක් සිදුවීමේ අවධානමක් ඇත.

මේ වන විට හලාවත කලපුව අවට සිදුකරමින් පවතින ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපෘති නිසා හලාවත කලපුවට හා එහි ජෛව විවිධත්වයට විශාල හානියක් සිදු වී ඇති අතර එය ධිවර ජනතාවට මෙන්ම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට බරපතල ලෙස හානි පමුණවා ඇත.

මෙලෙස ඉස්සන් හා කකුළු ව්‍යාපෘති නිසා ලංකාවේ බොහො ප්‍රදේශ වල පරිසර පද්ධති ගණනාවක් විනාශ වී ඇති අතර එම ප්‍රදේශවල සත්ව විශේෂ බොහොමයක් අනතුරට පත්ව ඇත.රැකව කලපුව ආශ්‍රීතව සිදුකිරීමට යන මෙම ව්‍යාපෘතියද රැකව ප්‍රදේශය හා එහි ජෛව විවිධත්වයටද ජන ජිවීතයටද ,ප්‍රදේශයේ ආරථිකයට විශාල ලෙස හානි සිදුකරනු නොඅනුමානය.

– රවීන්ද්‍ර කාරියවසම් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *