යොවුන් නාට්‍ය උළෙලේදී දේශපාලනඥයින් අතින් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කරයි

පසුගිය දා පැවැත්වූ යෞවන සම්මාන උළෙලේ දී සම්මානයට පාත‍්‍ර වූ යොවුන් නිර්මාණකරුවන් දෙදෙනෙක් දේශපාලනඥයන් අතින් සම්මාන ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීය. සුරීන් චාමිකර සහ කසුන් චතුරංග නම් මේ යොවුන් කලාකරුවන් දෙදෙනා නැගී එන නාට්‍යකරුවන් අතර කැපීපෙනෙන අය බව දැනගන්නට තිබේ. පසුගිය දා අවසන් වූ රාජ්‍ය නාට්‍ය උළෙලේ ද හොඳම කෙටිනාට්‍ය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වූයේ ද කසුන් චතුරංග නාට්‍යකරුවාය.40 වැනි යොවුන් සම්මාන උළෙල පසුගිය 28 වැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහි සම්මාන ප‍්‍රදානය වෙනුවෙන් දුමින්ද දිසානායක සහ උදය ගම්මන්පිළ යන දේශපාලනඥයන් සහභාගි වී සිටි අතර මේ දෙදෙනා ම ඔවුන් අතින් සිය සම්මානය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සම්මානය රැගෙන ආ අය අතින් එය ලබාගත්හ.
මේ සම්බන්ධයෙන් විමසීමට යොවුන් කලාකරු කසුන් චතුරංග ඇමතූ විට ඔහු පිවසා සිටියේ සිය නාට්‍යවලින් ජාතිවාදය වැනි මිනිස්කමට නිගරුවන දේට විරුද්ධව නිර්මාණ කර ජාතිවාදය අවුස්සාලන දේශපාලකයන්ගෙන් සම්මාන ලබාගැනීම ලැජ්ජාසහගත බැවින් මෙලෙස කටයුතු කළ බවයි. රට මේ මොහොතේ පත්ව ඇති අවලස්සන තත්වයට දේශපාලකයන්ගේ දායකත්වය ඔහු වැඩිදුරටත් විවේචනය කළේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *