මුගලන්ගේ ඝාතනයට වන ජීවි සංරක්ෂණය වග කිව යුතුයි – රවීන්ද්‍ර කාරියසම්

උඩවලව පිටවාන අසලදි වෙඩි තබා ඝාතනය කරන ලද මුගලන් නැමති ඇත් පැටවාගේ දළ ඊයේ දවසේදි වනජීවි නිළධාරින් විසින් ගලවාගෙන ගොස් තිබිණි. ඇත්පාටවාගේ මරණය සමිබන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට දළ රැගෙන ගියේ නමි එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වු පසු එම දළ යුගල විනාශ කර දැමිම කල යුතුය.

එසේ නොවන්නේ නම් එම දළ ලබා ගැනිම වෙනුවෙන් ඇතා ඝාතනය කිරිමේ වරදට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද වගකිව යුතුය. ලංකාවේ බොහෝ ඇතුන් ඝාතනය වීමෙන් පසු දළ කපාගෙන විත් ඒවා පන්සල් වලට පුජා කල ඉතිහාසයක් තිබිණි. නැත්නම් ජනපිතිවරු , දේශපාලඥයන්ගේ ගෙවල් වලද ඒවා ගොඩ ගැසමින් ඇති අතර දේව පුජා ,යක්ෂ පුජා පිළිබද මිත්‍යාව අදහමින් රාජ්‍ය පාලකයන් මෙම අපරාධ ඉතිහාසය පුරාම සිදුකරන ලදි .

දළ වලට ඇති වටිනා කම සමාජයේ නැති කිරිමට නම් රජය මැරුනු අලින්ගේ දළ ගලවාගෙන විත් සන්තකයේ තබා ගන්නවා වෙනුවට ඒවා ප්‍රසිද්දියේ විනාශ කර දැමිය යුතුය.

රජයේ මෙන්ම අපරාධය හා සම්බන්ධ අනෙක් ජාවරම් කරුවන්ද අත්තඩංගුවට ගතයුතුය.නමුත් පසුගිය කාලය පුරාවට දළ පමණක් නොව හොර අලි ලග තබා ගත් අලි රෝෂාන් ,උඩුවේ ධම්මාලෝක, වාසනා මුදලාලි, නිලංග දැළ වැනි අයට නිතිය නිසි ලෙෂ ක්‍රියාත්මක නොවිය.එහි ප්‍රතිපලය විසින් අනෙක් අලි හොරු හෝ ඇත් දළ ජාවාරම් කරුවන් තමන්ට අවැසි පරිදි සිය ජාවරම් කරගෙන යනු ලබයි. උඩවලවේ මුගලන් ඝාතනය එහි එක් පියවරකි.

සියල්ල එකිනෙක බැදි පවති.සියඹලන්ගමුව ඇතාගේ මරණය හෝ මුගලන්ගේ මරණයේ මෙය කෙළවර නොවන්නේ හොරුන්ට ජාවරම් කරවන්ට අවශ්‍ය පරිදි පරිසර සමිපත, සත්ව සම්පත විනාශකිරීමටත් එයින් පසු නිදැල්ලේ සිටිමත් අවශ්‍ය තරම් නිදහස රටේ තිබිමයි.

එය නිතිය පිළිබද ගැටළුවකට වඩා ජනතාවගේ ගැටළුවකි.මිත්‍යා දෘෂ්ටික ජනතාවක් කිසිදිනක මෙහි අක් මුල් තෙරුම් ගන්නේ නැත.පන්සලක අලි තබාගත් අලි බෙට්ටත් වන්දනා මාන කරති.දම්වැල් වලින් ගැටගසා සිටින අලි ඇතුන් මුදල් දී බැලීමට යති. එලෙස මේ සියළු ජාවාරම් සදහාද මහජන සහය ලබා දි ඇත.මෙහෙවු රටක මුගලන් තියා සැරියුත් මුගපන්වත් ආරක්ෂා කරගැනීමට හැකිවේද ?

රවින්ද්‍ර කාරියවසම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *