ජීවිතයට ආදරෙන් – 03 කොටස

කුස නොහොත් බඩ ශරීරයේ වැදගත්ම අංගයකි. මොලය කොතරම් ක්‍රියාශීලි වුවද එය ක්‍රියාකරවීමටද කුස පිරී තිබිය යුතුය. එහෙයින් බඩ ගෝස්තර වාදය මොලවො බිහිවිය. එනම් කුස පිරවීම සදහා මුදල් ඉපැයීමයි. මෙලොව මිනිසුන් නොයෙකුත් ආකාරයේ රැකියාවන් වල නිතර වේ. උසස් රැකියව්න සොයාගැනීඹ සදහසා අධ්‍යාපනය අතින්ද වෘත්තීය වශයෙන්ද නොයෙකුත් කර්මාන්ත සේවා ආදී දේවල් සදහා පමණක් නොව වෘත්තියක් ලෙස මැරයන්, සොරුන් මිනී මරුවන් බිහිවුයේද මේ බඩගොස්තර වාදය නිසාය. ජීවිතයේ අනෙුත් වැදගත් යැයි හැගෙන සියලු දේ දෙවැනි කටෙ මේ කුස සංතර්පනයට මූලික තැන හිමිවී තිබේ. එසේම අදායමට සාපේක්ෂව කුසට දක්වන සැලකිල්ලද අඩු වැඩිවේ. ඇතැමෙක් 5 ස්ටාර් ද ඇතමෙක් යන්තම් සන්තම්ද ආදී ලෙස බඩ සංතර්පනය කිරීමට වෙහෙස මහන්සි වේ. අධික සැලකිලි බඩට දක්වන්නන්ගේ බඩ එයට ප්‍රතිදාර දක්වන අතර එය ආපසු හරවා යැවීමටද ලොකු මහන්සියක් සේම බොහෝ මුදල්ද වැය කිරීමට සිදුවේ.

අයෙක් ආහාර පාන සොයමින් සැතපුම් ගණන් ඇවිද්දීද තවත් අයෙක් කාපුවා වමාරා ගැනීමට නොහැකිව සැතපුම් ගණන් දුර ඇවිදිමින්ද ව්‍යායාම මධ්‍යස්ථාන වලට අධික වියදම් කිරීමේනද නොනැවතී වෛද්‍යවරුන්ට ද මුදල් ලක්ෂ ගණනින් වියදම් කරමින්ද අධික ස්ථුලතාවයෙන් මිදීමට ශල්‍යකර්ම වලට පවා භජානය වේ.

කාන්තාවන් බොහේ විට වෛද්‍යවරුන් රූපලාවන්‍යගාර පසුපස දුවන්නේ තමන්ගේ විරූපී වූ තැන් සරූපී කර ගැනීමටයි. ශරීරයේ තැන් තැන් වලින් එල්ලා වැටෙන මස් වැදලි වලට බොහො සෙයින් වගකියනු ලබන්නේ නුඹගේ කට සහ නුඹගේ එදිනෙදා දරියා රටාවයි. මෙසේ ශරීරයේ අනවශ්‍ය මේදය තැන්පත් වීම හිතන තරම් ලෙහෙසියෙන් යථා තත්වයට පත් නොවේ. බඩට අධික සැලකිල්ලක් හෝ වැදග්ත ස්ථානයක් හිමිකර දීමට අපහසු පුද්ගලයින් තුන් වේලෙන් දෙවේලක්වත් කුසෙන් අඩින් පුරවටමින් එය සංතර්පණය කිරඛීමට තරම් හිත දියුණු කර ඇත. බොහෝ මිනිසුන් කුස පිරවීමට සිතුවත් සැබැවින්ම සිදුව්නනේ සිය ආස සහ හිත පිනවීමක්දැයි මට සිතේ බඩගින්නට ආහාර ස්වල්පයක් ඇති නමුත් බොහෝ අයගේ හිත ශරීරයට ගන්නා ප්‍රමාණය ගැන සෑහීමකට පත් නොවේ. එහෙයින් හිතට සරලන ප්‍රමාණයට කුසට ඔරොත්තු නොදේ .

මුඛයෙන් ශරීරයට ලබාදෙන ආහාර දුගියා හෝ මොන තරාතිරමක පුද්ගයෙකු වුවද සිදුව්නනේ එකම කාර්යයි. උස් පහත් භේදයකින් තොරව සෑම ශරීරයකම සිදුවන්නේ එකම එන්සයිම ක්‍රියාවලියයි. අවසන අප එය බැහැ කරන පරිසරය කොතරම් සුපෝපභෝගී වුවත් රතු ඇට මිදුලුවල සහ වසා ගැටිති වලින් උපදින රතු රුධිරාණු දින 120 පමණ ආයු වළදා අවසානයේ මරණයට පත්වන බැවින් එහි අතුරු ඵලයක් ලෙස නිපදවෙන වර්ණය මල පැහැවලට වර්ණවත් පැහැයක් එක් කරයි. එයත් නොමැති නම් මුඛයෙන් ගන්නා ආහාර අසූචිම පමණි.

බඩ නොහොත් මේ කුස සැබැවින්ම අපේ ජීවිතයෙ වැදගක්ම අංගයක් වන්නේ මේ සියලු හේතු කාරණා එක් තැන් වූ නිසාය කාන්තාවන්ට නම් ගර්භාණී අවස්ථාවේ කුසක් දරා සිටීමට සිදුවන අතර එය ක්‍රම කුමයෙන් යථාතත්වයට පත් කර ගත හැකි අතර මහා පුදුමය වන්නේ කාන්තාවන්ට සාපේක්ෂව පරිමින්ගේ කුස විශාල වීමයි. එසේම මොවුන් මේ කුස ජීවිත කාලය පුරාවටම දරා සිටින්නේ කෙසේදැයි සැබැවින්ම විශ්මය ජනකය . සීවලී රහතන් වහන්සේ සහ සිය මවු පුතු දෙපෙල කරන ලද කර්මයක ප්‍රතිඵලයක් ලෙස මවු කුස තුළ සත්වසක් ජීවත් වූ බව ජනප්‍රවාදයේ එන කරුණක් නමුත් ශ්‍රී ලංකේය පිරිමින් මේ කුස සිය ජීවිත කාලය පුරාම කෙසේ හෝ දරගෙන සිටී.
සිත් ඇදගන්නා සුළු ආකර්ශණීය සිරුරත් හිමි පුද්ගලයා සැබැවින්ම වාසනාවත්තයෙක් එය ඔහුගේ හෝ ඇයගේ අති දුෂ්කර ජීවන රටවකට කැපි කිරීමත් ප්‍රතිඵලයක්ම විනා ලෙහෙසියෙන් ලැබුවක් නොවේ.
ආකර්ශනීයයැයි කියූ පමණින් අප මතකයට හැගෙන කිසි්ක සැක් දේහදාරී හෝ ස්ලීම් සෙක්සි කාන්තා සරුරක් නොව සැබැවින්ම අනවශ්‍ය මාංශ පේෂීන්ගෙන් තොර නම්‍යශීලී නිරෝගී සිරුරත් පවත්වාගෙන යාම යෙහෙකි. ඒ සදහා දිනකට විනාඩි 45ක් පමණව්ත ව්‍යායාමවල නිරත විය යුතු අතර ඇවිදීම පිහිනීම හෝ තමන් කැමැති ශ්නෑම ආකාරයකට ව්‍යායාම වල නිරත වීම සුදුසුවේ . ක්‍රමවත් ආහාර පුරුදු සහ පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම එළවලු පලතුරු වැඩිපුර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. තමන්ගේ කැපකිරීමක මහන්සියක ප්‍රථිඵලයක් ලෙස දිනක නුඹටත් නිරෝගී හැඩකාර සිරුරක් හිමිකරුවකු වීමට හැක.

ජීවිතයට ආදරෙන්
සමන්ති තලගහගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *