සමහර ඒවා පොත පතින් බෑ. කෙළවාගැනීමෙන් ඉගෙන ගන්න වෙනවා – ලාල් කාන්ත

මේ දේශපාලන අර්බුදය තවත් ඉදිරියට ඇදී ගියහොත් රාජ්‍ය සේවක වැටුප් නොලැබෙන විට හමුදාව පවා කැරැලි ගසන්නට ඉඩ ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එවැනි භයානක තත්ත්වයකට රට ඇද දැමීම වැළැක්වීමට නම් ජනාධිපතිවරයා බහුතරය ඇති පාර්ශ්වයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වුවත් ආණ්ඩු බලය ලබා දිය යුතු බවද ඒ මහතා පැවැසීය.

පවතින මජර දේශපාලනයේ ප්‍රේක්ෂකයෝ නොවී නව දේශපාලන වටපිටාවක් ඇති කිරීමට රටේ ජනතාව පෙළගැසිය යුතු අනිවාර්යම මොහොත මෙය බවද ඒ මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (13දා) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ 18 වැනි සමුළුවේදීය.

ලාල්කාන්ත මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

ඔක්තෝබර් (26දා) ට සමහරු කියන්නෙ මෛත්‍රිපාලගේ සිකුරාදා කියලා.

ආණ්ඩුවක් දැන් නෑ. නිලධාරීන් විතරයි ඉන්නේ. මේ විදියට තව මාස දෙක තුනක් ගියොත් නිලධාරීන් ටිකත් ඉවරයි. පසුගිය ආණ්ඩුව තුළ වැඩි වූ ජීවන වියදමක් තියෙනවා. රනිල් – මෛත්‍රි හවුල් ආණ්ඩුව පෞද්ගලික අංශයේ ඡ්ර්ථීජ් අරමුදලේ මුදල් ආණ්ඩුව කැමැති ආයෝජනවලට යොදවන්න හැදුවා. දැනටමත් සමහර තැන්වල එසේ සිදුවෙමින් තිබෙනවා.

උද්ධච්ඡ ආණ්ඩුවක් තිබුණා. මහජන මතය සැලකිල්ලට ගත්තෙ නෑ. 2016 සිට විශ්‍රාම වැටුපක් අහෝසි කළා. රාජ්‍ය සේවයට ෂොට් එකක් දුන්නා. ඒක අහෝසි කරනවා නම් යම් පාලකයෙක් ඒක අපරාධයක්. වතු කම්කරු ප්‍රශ්නයක් තිබුණා. අපිට සටන් කිහිපයක් තිබුණා. නොවැම්බර් අය – වැයට පෙර.

නව ව්‍යවස්ථාවක් ඕනෑ. ජවිපෙ කියන්නෙ විප්ලවීය ආණ්ඩුවක් හදන්න ඕනෑ කොහොම හරි ව්‍යවස්ථාවට පිටින් ආණ්ඩුවක් හැදුවා. මහින්ද – මෛත්‍රි දවස් කිහිපයකට නීති රාමුවෙන් පිට රටේ බලය අල්ලා ගත්තා. ඒක පරද්දන්න පවතින නීතිය භාවිත කළා.

පසුගියදා රනිල්ට විශ්වාසය පළ කරන යෝජනාවක් ආවා. අපි මීට පෙර දැකලා තියෙන්නෙ විශ්වාසභංග යෝජනා. දැන් අලුත් අලුත් ඒවා දකිනවා. මේ අර්බුදය ජනතාවගෙන් මතු වූවක් නෙවේ. රාජ්‍ය බලය අල්ලා ගැනීමට කළ දේවල් අසාර්ථක වූ නිසා කුමන්ත්‍රණයක් කළා. ඒක අසාර්ථක වුණා. දැන් ඒකට ප්‍රති ප්‍රහාරයක් දුන්නා.

මේ විදියට ජනවාරි වන තෙක් වුණොත් හරිම ටොප්. රාජ්‍ය සේවකයාට පඩි ගෙවන්න බෑ. පොතේ තියෙන ආකාරයටම අගමැති කෙනෙක් පත් කළ යුත්තේ ජනාධිපතිගෙ හීනවලට නෙවේ. සාධකවලට අනුව. කෙළවුණාට පස්සෙත් තව පොත ගෙනත් පෙන්වනවා. ප්‍රායෝගික යථාර්ථය ඔප්පු වී තියෙන්දීත් කියනවා 225ම අස්සන් කළත් අගමැති පත් කරන්නෙ නෑ කියලා. මේක සෙල්ලම් ගෙයක්ද? සමහර ඒවා පොත පතින් බෑ. කෙළවාගැනීමෙන් ඉගෙන ගත්ත ක්‍රම තියෙනවා. ඒකෙන්වත් ඉගෙන ගෙන නෑ. මේ හැමදේකම මේ අය හදන්නේ තමන්ගේ බලපොරයටයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල වැරැදිවලට එරෙහිව පෙනී සිටින අයගෙ ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න බෑ. ලංගම බස් එකක් නැත්නම්. පාරේ හිටගෙන ඉඳලා හරියන්නෙ නෑ. ප්‍රයිවට් බස් එකක හරි යන්න වෙනවා. මේවා මේ ගොන් තර්ක. එතකොට අහනවා ලාල්කාන්තට සල්ලි කොහෙන්ද කියලා. උන් හිතන්නෙ අපි හිඟන්නො කියලා. හිඟනකමට ජවිපෙ දේශපාලනය කරන්නෙ නෑ අපි. සමාජවාදීන් හිඟන්නු ලෙසයි සමහරුන් හඳුන්වන්නේ. ලෙනින්ලා, කස්තේ‍රාල, මාක්ස්ලා, හිඟන්නො නෙමේ. අපි මේ සමාජ ක්‍රමය තුළ ජීවත් වෙමින් තමයි මේ සමාජයේ ඉදිරියට ගෙනියන්න ඕනෑ.

මගේ පවුලෙන් ලැබුණු ඉඩමකින් කොටසක් ගමේ පොදු කටයුත්තකට දීලා ඉතිරි කොටස විකුණලා තමයි මම දරුවට ඉගැන්නුවේ. අපි සයිටම් එකට විරුද්ධ වුණේ ඇයි කියලා පැහැදිලියි. එහෙත් අපි මේ රටේ ඔක්කොම පෞද්ගලික අධ්‍යායන ආයතන වහලා දාන්න කියන්නේ නෑ. මට හංගන්න දෙයක් තිබුණා නම් ඔය උපාධි උත්සවයට යන්නේ නෑ.

කොහොම වුණත් මේ සිදුවන කුමන්ත්‍රණය පරාද කළ යුතුයි. අපි කියනවා ආණ්ඩුවක් හදන්න. කෝ දැන් අය – වැයක් ගේන්න මුදල් ඇමැතියෙක්? මාර ප්‍රශ්නයක්. මෛත්‍රිට ආණ්ඩුවක් හදන්න වෙනවා. සමහර විට ඕක කෙරවළක ජනතාවට නොගෙවූ වන්දියක් ගෙවන්න වෙයි. ඔය යකාට සිය දිවි හානි කරගන්න වෙයිද දන්නෙත් නෑ. බඩ කපා ගෙන මැරෙන්න වෙයි. මේක විහිළුවක් නෙවෙයි. මෝඩයෙක් වගේ පිස්සු කෙළිනවා. රටක සම්ප්‍රදායක් තියෙනවා.

අද රටේ කතාවක් තියෙනවා ජනමාධ්‍යයත් ගත්තෙ කුමන්ත්‍රණකරුවන්ගෙ පැත්ත කියලා. ඒක බරපතළයි. කුමන්ත්‍රණයක කොටස්කරුවන් වීමෙන් වළකින්න හදනවා දැන් ව්‍යවස්ථාව පෙන්නලා මෛත්‍රි – මහින්ද බබාලා. ව්‍යවස්ථාවේ නැති නිසා ඒ අයට කෙළ වුණේ. එතකොට 225ම රනිල්ට කැමැති වුණත් අගමැතිකම දෙන්නෙ නෑ කියලා මෛත්‍රිට කියන්න බෑ. එතකොට එයාට එරෙහි වෙනවා. දෝෂාභියෝගයක් එන්න පුළුවන්. මේ කට්ටිය ව්‍යවස්ථාවට අනුව රට පාලනය කරන්නේ නෑ.

එක්කෝ ජනාධිපතිගෙ නිල නිවෙස වටලන්න ඕනෑ. මේ අයට මේ විදියට ජෝක් කරන්න දෙන්න බැහැ. මේ වැඩේට එරෙහිව පාරට බහින්න වගකීමක් අපිට නැද්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *