අමුතු මාදිලි තෙවැනි ඇස
තරින්ද ඇල්විටිල අමුතු මාදිලියේ ඡායාරූප ශිල්පියෙක්. අපට ඇස ගැසෙන සාමාන්‍ය දෑ ඔහු තම කාචයෙන් සිත්තම් කරන්නේ ඒවා මත යාර්ථයක් මෙන්ම නවමු හැගීමක්ද ඇති කරමිනි. බොහෝ මිනිසුන් ලග බොහෝ දක්ෂතා ඇත. ඒවා විටින් විට වෙනස් මාදිලි උසුලන්නේ සමාජ වෙනස්කම් හා මුල්‍ය ප්රතිලාභයන් කරණකොටගෙනය. එහෙත් මෙකී සොදුරු මිනිසා වෙනස්වේ, ඒ නවීන මාදිලිවෙත ඇස යොමුකිරීම මිස ඔහුගේ ප්රතිපත්තීන් ඔහුගේ දර්ශනයන් මුල්‍ය ලාභයන් මත දිය කර හැරීමෙන් නොවේ..
විටක තරින්ද ගත් කතුවරයෙකි. ඔහුගේ ලේඛන හැකියාව අමුතු මෙන්ම ජීවී සර්වරූපයන් උසුලන්නේය. මේ සියල්ල පරදා ඔහු පරිසරය අත්විද ඇත්තේ අමුතුම විදියකිනි. නෙත ගැටෙන කුරුළු ඇසක්, නෙත ගැටෙන ගසක කඳක්, නෙත ගැටෙන සිගිති මුවක්, නෙත ගැටෙන ගල් කුළක් ඔහු තම කාචයෙහි සටහන් කරන්නේ සැබෑ පොළොවේ යථාර්තය යම් සාධනීයත්වයක් අරඹයා වන පණිවුඩයක්ද සමගිනි.
තරින්ද කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරියෙකි. රැඩිකල් මතධාරියෙකු වන ඔහු ශිෂ්‍ය සංගම් හා කලා සම්ගම් සමග උරෙනුර ගැටී කටයුතු කළේය. ඔහු සටන් සඟයෙකි. දේශපාලන හා සමාජ වෙනස්කම් අරඹයා සංවේදී හා ක්‍රියාශීලී මිනිසෙකි. දේශපාලනයේදී වාමවාදී නැඹුරුවක් සහිත කියවන්නෙකු වන ඔහු වඩා හොද සමාජයක් ලාංකේය භූමියෙහි ස්ථිපිත කිරීම අරඹයා මෙයෙහක් ඉටුකිරීමට සමත් තරුණයෙකි.
මේ සියල්ලට වඩා තරින්ද ඇල්විටිගල නම් සහෘදයා සැබෑ මිතුරෙකි. බොහෝ යාවත්කාලීන මිතුදම් ලාභයක් අරඹයා වන විට තරින්ද සැබෑ මිතුරෙකු වන්නේ ඔහු ඇසුරු කරන සෑම තැන්හි සිත් ඇදගන්නා අමුතු මාදිලියේ මිතුරෙකු වන නිසාය.
මේ සියලු අටුවා ටිප්පනියන්හි අරමුණ අන් කිසිවක් නොව තරින්ද දහඩිය මහින්සියෙන් කැලෑ පීරමින් මං මාවත්වල ලගිමින් එකතු කළ ඡායාරූප ගොන්නක් එකතු කොට ප්‍රදර්ශනයක් පවත්වන බව දැනුම් දීම සදහායි.. ඉතිං ඡායාරූප ගැන ඇල්මක් ඇති, ඡායාරූප මත තරින්ද කියවූ, තරින්ද මත ඡායාරූපය කියවූ, තරින්ද තරින්ද ලෙස දුටු මේ නානා විද මිතුරු දනෝ හට ඇරයුම් කර සිටින්නේ පැමිණ තරින්දට ශක්තියක් සපයන්න ලෙස දැනුම් දීම සදහායි.
– තුසිත පතිරණ
EXHIBITION OF PHOTOGRAPHY
ස්ථානය – සාක්යා ගැලරි – පැලවත්ත බත්තරමුල්ල
දෙසැම්බර් 15 – 16 දෙදින තුළ