අම්මා කනක්කු

සිනමා විචාරය යන්න විශාල පරාසයක් සහිත විශය පථයක් වන අතරම සිනමා විචාරයේ දී සිනමා පටය විචාරයට හසු කර ගත හැකි පරාසයන් කිහිපයක්ම දක්නට ලැබේ. සිනමා පටයේ සිනමාරූපී බව සහ සමාජ භාවිතාව යන දෙඅංශයෙන්ම සිනමා පටය සමාජයට එල්ල කරන්නා වූ බලපෑම සම්බන්ධයෙන් විමසා බැලීම සිනමා විචාරයේ දී මූලික වශයෙන් සිදුවේ. සහිදී ඉහත කී අංශ දෙකෙහි භාවිතාව මත චිත‍්‍රපට මූලික වශයෙන් කලාත්මක හෝ වාණිජමය වශයෙන් වර්ගීකරණයකට ලක් කෙරේ. නමුත් බොහෝ සිනමා කෘතීන් කලාත්මක මෙන්ම වාණිජමය වශයෙනුත් සාර්ථක වන අතර එ් අතරින් විශාල ප‍්‍රමාණයක් කලාත්මක වශයෙන් සාර්ථක වීම මත වාණිජමය සාර්ථකත්වයක් ලබා ගත් චිත‍්‍රපට වේ. කෙසේ වෙතත් දකුණු ඉන්දීය දමිළ සිනමාව හෙවත් කොලිවුඞ් සිනමාව වඩාත් ප‍්‍රචලිත වන්නේ වාණිජමය සිනමා කර්මාන්තයක් වශයෙනුයි. නමුත් ඉහත කී ආකාරයට වාණිජමය අතින් සාර්ථ’ක වීම ස`දහා ඉතා ඉහල මට්ටමේ තිර පිටපතකට අනුව නිර්මාණය වුණු කලාත්මක සිනමා නිර්මාණයක් ලෙස ”අම්මා කනක්කු” චිත‍්‍රපටය හැ`දින්විය හැකිය.
ඉන්දියානු සමාජ දේශපාලන භාවිතාව තුළ දේශ්‍යපාලනික න්‍යායන් භාවිතා නොවීම සහ න්‍යායාත්මක දේශපාලනය යන්න සාමාන්‍ය ජන සමාජයට බෙහෙවින් දුර මාතෘකාවක් වීම මත සමාජය දේශපාලන දර්ශනයෙන් බැහැරව ආගමික දෘෂ්ටිවාද මත පාලනය වීම සහ හැසිරීම දක්නට හැකි විය. මේ අනුව ජන සමාජය මූලික වශයෙන් ආගම් පදනම් කොට ගෙන සමාජ පදනම ගොඩනගා ගෙන ඇති අතර මානුෂීය සබ`දතා පමණක් නොව තනි තනි පුද්ගල පැවැත්ම පවා තීරණය කරන්නා වූ ප‍්‍රධානතම සාධකය ඒ අනුව පවත්නා සමාජ දෘෂ්ටිවාදය බවට පත් විය. අධ්‍යයනය කිරීමේ දී ඉන්දියාව භූගෝලීය වශයෙන් විශාල කලාප වීම නිසා ද, ආගම් සහ සංස්කෘතීන් විශාල ප‍්‍රමාණයක් සහිත නිසා ද වඩාත් සංකීර්ණ වුවත් ප‍්‍රධාන වශයෙන් ඉන්දියානු සමාජයේ පවත්නා පැලූම් රේඛා වශයෙන් කුලය, ආගම සහ ලිංගය යන්න හ`දුනා ගත හැකිය. මෙහිදීපුද්ගල අයිතිවාසිකම් තීරණය කරන්නා වූ ප‍්‍රධානතම සාධකය ලිංගය වන අතර ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බි`ද වැටිමෙන් පසු බිහි වූ වෛදික යුගයේ පටන් වර්තමානය දක්වා ස්ත‍්‍රිය අභිබවා පුරුෂයා සමාජය තුළ වැඩි අයිතිවාසිකමක් කියන්නා වූ තත්ත්වයකට පත් විය. ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමයේ දී ඉන්දියාව ස්ත‍්‍රී මූලික සමාජයකට හිමිකම් කියුවත් වෛදික යුගයේ සිට බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව සමාජය ස්ත‍්‍රියගේ සිට පුරුෂ මූලික සමාජය වෙත විතැන් විය. ඒ අනුව ඊට සමගාමීව ස්ත‍්‍රීය පිළිබ`ද චින්තනය ද, ස්ත‍්‍රියගේ අයිතිවාසිකම් සහ ස්ත‍්‍රියගේ සාමාජයීය පිළිගැනීම ද වෙනස් වූ අතර ස්ත‍්‍රිය දරුවන් බිහි කිරීමේ සිට නිවස කේන්ද්‍ර කොට ගත් වගකීම් රාශියක් සහිත ජීවී කොට්ඨාශයක් බවට පත් විය. එහිදී කාන්තාවට අහිමි වූ මූලිකම දෙය නම් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිවාසිකමයි.
ඉන්දියාව යනු සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පවතින්නා වූ රටක් වන අතර එහිදී අධ්‍යාපනය මදකම නිසාම නිර්මාණය වුණු ගැටළු රාශියක් පවතී. කාන්තාවකගේ අධ්‍යාපනයට ඇති අයිතිවාසිකම කප්පාදු කිරීමත් සම`ග ළමා විවාහ ස`දහා වන ඉඩ ප‍්‍රස්ථාව වැඩි විය.ඒ වටා තවත් සමාජ ගැටළු රාශියක් මතුවිය. අධ්‍යාපනය පිරිමියාට පමණක්ය යන සංකල්පය නූතන ඉන්දියාවෙන් බැහැරව තිබුණත් කාන්තාවන් අධ්‍යාපනය ස`දහා දක්වන පසුගාමී ප‍්‍රතිපත්තිය හමුවේ ලැබී ඇති නිදහසින් උපරිම ඵල නෙලා ගැනීමට බොහෝ විට ඔවුන් අසමත් වේ. නමුත් සමකාලීන ඉන්දියාව ලෝකයට විවර වීමත් සම`ග ඉන්දියානු කාන්තාවන්ගේ පෙරටුගාමී චින්තනය සහ ක‍්‍රියාකාරකම් දැකගත හැකිය. එහිදී කාන්තාවට විශේෂයෙන් ම දේශපාලනයට සහභාගී වීමට දොරටු විවෘතවීමත් සම`ග බිත්ති හතර තුළ කොටු වී සිටි කාන්තාව කාන්තාවගේ වගකීම දරුවන් වැදීම පමණක් නොව ඉන් එහා ගිය සමාජ වගකීමක් තමන් සතු වන බව තේරුම් ගත්හ.
පෙර ස`දහන් කළ ආකාරයට දමිළ සිනමාව වාණිජමය සාර්ථකත්වයට ප‍්‍රමුඛස්ථානයක් ලබා දෙමින් නිර්මාණය වනු ලබන නිසාම එම සිනමාපට වල වේග රිද්ම සංගීතය සම`ග මුසු වූ නර්තනය සහිත ගීත ජවනිකා සහ ක‍්‍රියාදාම අංග ස`දහා වැඩිපුර ඉඩක් ලබා දී තිබේ. එම නිසාම කුමන තේමාවක් යටතේ නිර්මාණය වුණු චිත‍්‍රපටයක වුවත් යටිපෙළින් දිවෙන පේ‍්‍රම කතාවක් මෙම සිනමාපට වල සැම විටම පාහේ දැකගත හැකි වේ. නමුත් ”අම්මා කනක්කු” චිත‍්‍රපටයේ විශේෂත්වය වන්නේ එවන් කිසි`දු ආකාරයක පේ‍්‍රම කතාවක් හෝ ප‍්‍රචණ්ඩත්වයක් නිරූපණය නොකොට සිනමා පටය අදාල තේමාව මත පමණක්ව පදනම්ව නිර්මාණය කොට තිබීමයි.
චිත‍්‍රපටයේ තේමාව මවකගේ අසීමිත ආදරයයි. මව් සෙනෙහස යන්න කතා කර අවසන් කළ හැකි මාතෘකිවක් නොවේ. මව් සෙනෙහස පිළිබ`ද ඉතා විශාලප‍්‍රමාණයක් චිත‍්‍රපට නිර්මාණය වී ඇති අතරම ඒ සෑම චිත‍්‍රපටයක් තුළින්ම මවක් සතු අද්විතීය ගුණාංගයක් පෙන්නුම් කරන අතර මෙම චිත‍්‍රපටය තුළ ඇති විශේෂත්වය වන්නේ මින් පෙර දමිළ චිත‍්‍රපටයක් තුළ නොපෙන්වූ තේමාවක් නිරූපණය කිරීමයි. ”අම්මා කනක්කු” චිත‍්‍රපටය මින් පෙර මලයාලම් සහ හින්දි බසින් නිර්මාණය වුණු චිත‍්‍රපට වල දම්ළ පිටපත වන අතර එය නිර්මාණය කිරීමේ දී හින්දි සහ මලයාලම් සංස්කෘතිය බැහැර කොට ද්‍රවිඩ සංස්කෘතිය පසුබිම් කොට ගෙන නිර්මාණය කොට තිබේ.
චිත‍්‍රපටයේ කතාව සැකෙවින් මෙසේය. වයස අවු. 14 ක පමණ නව යොවුන් වියේ පසුවන දියණියක් සම`ග තනිවූ තරුණ මවකි. ඇයගේ රැුකියාව මෙහෙකාර වෘත්තීයයි. ඇය තම දියණියට වඩා හො`ද අනාගතයක් සාදා දීමේ අධිෂ්ඨානයෙන් ඉතා වෙහෙසී කැප වී වැඩ කරයි. ඇයගේ හාම්පුතුන් වන ප‍්‍රසිද්ධ, වියපත් වෛද්‍ය යුවල ඇයට ඉතා ඇලූම් කරන්නෝය. නමුත් යොවුන් දියණිය ඉතා දඩබ්බරය. ඇයට ඇයගේ අනාගතය නොපෙනේ. ඇය සිතන්නේ මව මෙහෙකාරියක් වන නිසාම තමාට අනාගතයක් නොමැති බවයි. ඇයට ද අනාගතයේ උරුම වන්නේ මෙහෙකාර වෘත්තිය බව ඇය සිතයි. එම නිසාම ඇය ඉගෙනීමට සුළු වශයෙන් වත් උනන්දු නොවේ. නිතර දෙවේලේ මවත් සම`ග රණ්ඩු වේ. බොහෝ සිදුවීම් වලින් අනතුරුව මව වඩා උපායශීලී වේ. තමා දියණියගේ මව යන භූමිකාවෙන් ඈත් වී ඇයගේ සතුරා සහ ඇයට ඇති හො`දම අභියෝගයබවට ඇයට ඒත්තු ගන්වයි. මව සහ දියණිය එකම පාසලේ, එකම පන්තියේ, එකට ඉ`දගෙන ඉගෙන ගන්නා, එකිනෙකාට අභියෝග ඔල්ල කරන්නා වූ විරුද්ධවාදීන් බවට පත් වේ. මෙම රංගනය නිසාම මවට ද තමා නොදන්නා සමාජයේ තවත් පැතිකඩක් දැකගත හැකිවේ. ඇයට සමාජයේ ඇති වැදගත් සහ විශේෂ පුද්ගලයන් සහ රැකියා සම්බන්ධව ඇනගැනීමට ඉඩ සැලසේ. ඇය ඒ අනුව දියණියට සිහිනයක් සාදා දේ. තමා ඉන්නා තැන දියණිය නොසිටිය යුතුයි යන්න ඇයගේ එකම අධිෂ්ඨානය කර ගනිමින් ඇය දියණියට නොදැනීම ඇගේ මග පෙන්වන්නා බවට පත් වේ.
චිත‍්‍රපටයේ කතා තේමාවට අනුව යථාර්ථයට ඔබ්බෙන් ගිය සිදුවීමක් සහිත වුවත් ඉන් සමාජගත කිරීමට ප‍්‍රයත්න දැරූ මාතෘකාව වඩාත් වැදගත් වන්නේය. දමිළ සිනමාව සාම්ප‍්‍රදායික කොලිවුඞ් රාමුවෙන් එපිටට කැ`දවාගෙන එනු ලැබීම පමණක් නොව අඩු සාක්ෂරතා මට්ටමක් සහිත බහුතර ඉන්දීය සිනමා පේ‍්‍රක්ෂකාගාරයට අධ්‍යාපනයේ වටිනානම හ`දුන්වාදීමට දැරූ ප‍්‍රයත්නය ඉතා අගය කළ හැකි ස්ථානයක් වශයෙන් ද මෙම චිත‍්‍රපටය හැ`දින්විය හැකිය. ඕනෑම රටක, ජාතියක, සංස්කෘතියක සාම්ප‍්‍රදායික, ගතානුගතික හැසිරීම සහඑ නියමයන් වෙනස් කළ හැක්කේ චින්තනය ධනාත්මකව වෙනස් කිරීමෙන්ම පමණි. එසේ හෙයින් ගොවියාගේ දරුවා ගොවියාම නොවීමට, මෙහෙකරුවාගේ දරුවා මෙහෙකරුවා නොවීමට වගබලා ගත යුත්තේ ඔබමය යන්න ඉන් සමාජගත කරන මතය වෙයි. සමාජයේ සැමට එක හා සමාන අධ්‍යාපනයක් ලබා දෙන්නේ එවන් අධිපතිවාදී චින්තනයෙන් බැහැරව තමාගේ ජීවිතයේ සිහිනය තමා විසින් ම සාදා ගැනීමට සහ තමා සතු සමාජ වගකීම කුමක් ද යන්න තමන්ටම හ`දුනා ගැනීම ස`දහාය. ඕනෑම සමාජයක් දියුණු සමාජයක් වීම ස`දහා බලපානු ලබන ප‍්‍රධානතම සාධකය එහි සාමාජිකයන්ගේ අධ්‍යාපන මට්ටම සහ ඔවුන් සතු චින්තනය වෙයි. පවුලේ සිට රට දක්වා වන සමාජ ක්ෂේත‍්‍රය තුළ සියලූම කාරණා එනම් පුද්ගල දේශපාලනයේ සිට මහා දේශපාලනය වන තෙක් සියල්ල තීරණය වන්නේ මෙම චින්තනය අනුවය.
ලිංගය අනුව සමාජයේ අයිතිවාසිකම් හෝ හැකියාවන් තීරණය කරන්නා වූ කාලය අප දැන් පසු කොට හමාරය. ඒ දෙස ආපසු හැරී බැලීම පවා කාලය නාස්ති කිරීමකි. සමාජයක් ඉදිරියට පැවතීමට ලිංගය, කුලය, ආගම, ජාතිය හෝ වෙනත් පැලූම් රේඛා වැදගත් බව සිතූ සහ ඒ අනුව ක‍්‍රියා කළ කාලය අවසන්ය. ඒ වෙනුවට සමාජයක තිබිය යුතු පැලූම් රේඛා ලෙෂ අධ්‍යාපන මට්ටම, දේශපාලනික චින්තනය ආදිය ඈ`දා ගත්තේ නම් සමාජය ඉතා දියුණු තත්ත්වයකට පත් වනු ඇත. ”අම්මා කණක්කු” ගැහැණුන්ගේ චිත‍්‍රපටයක් නොව. ස්ත‍්‍රීවාදය නම් දෘෂ්ටිවාදය ඔස්සේ එය රීචාරය කිරීමට අවශ්‍ය නැත. එසේ කොට ඉතා වැදගත් තේමාවක් එක් ස්ථානයකට ලඝු කොට කිරීම නොවටී. එය දරුවන්ගේ අනාගතය පිළිබ`ද චිත‍්‍රපටයකි. දරුවන් පිළිබ`ද වන දෙමාපිය වගකීම පිළිබ`දව නිර්මාණය වූ චිත‍්‍රපටයකි. එසේම චින්තනය ස`දහා නව මානයක් විවර කළ චිත‍්‍රපටයකි.
ඵීනාඩි 110 ක් පුරා දිගහැරෙන මෙම චිත‍්‍රපටය අශ්විනී තිවාරි විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද්දක් වන අතර විශාල විචාරක අවධානයක් දිනාගත් සිනමාපටයක් වන්නේ ය.

කෝෂිලා සූරියරත්න

රුසියාවේ සිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *