තරගකාරී ඩිජිටල්කරණය මිනිසුන්ගේ මනසින් කලාව හා රසකාමීත්වය ඉවත් කොට තිබෙනවා – චිත්‍ර ශිල්පිනී අයේෂා ගුණරත්න

චිත්‍ර කලාවට අතපොත් තබන්නේ කොයි වගේ කාලෙද

මම චිත්‍ර කලාවට යොමු වන්නේ කුඩා අවදියේ සිටමයි.පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දී චන්ද්‍රිකා අසුරුමාන්න ගුරුතුමියගේ මග පෙන්වීම යටතේ සමස්ත ලංකා ස්වාධීන ළමා තරගාවලියට සිතුවමක් ඉදිරිපත් කලා.ඒ සදහා මට සහතිකයක් හා ත්‍යාගයක් ලැබුනා.එමගින් තව තවත් දිරිමත් වීවට අවකාශය ලැබුනා.එතැන් පටන් අද දක්වාම චිත්‍ර කලාව හදාරමින් දිගු ගමනක් ආවා.පාසල් කාලයේදී තරග රැසකින් ත්‍යාග හා සහතික හා සමස්ථ ලංකා දෙවන,තෙවන ස්ථාන ලබාගන්නත් හැකි උනා.පාසල් අධ්‍යාපනය නිම කර කැළණි විශ්වවිද්‍යාලයට පැමිණීමත් සමග උපාධිය සදහාද මම චිත්‍ර විෂය තෝරා ගන්නට පෙළඹුනා.

සැබෑ ලෝකය හා චිත්‍රය අතර වන බැදීම මොන වගෙ එකක්ද ?

සෑබෑ ලෝකය යනු අප ඇසට දකින පෙනෙන ලෝකයයි.නමුත් චිත්‍රය සැබෑ ලෝකයට සම්බන්ධ කරන්න බෑ.ඔබ අප දැක තිබෙනවා බොහෝ චිත්‍ර ශිල්පීන් තමා දකින දේ ඒ ආකාරයෙන්ම තාත්විකව සිතුවම් කරනවා.නමුත් මගෙ අදහසනම් චිත්‍රය කියන්නේ චිත්‍ර ශිල්පියාගේ මනස හරහා කැන්වසය හෝ කඩදාසිය මත මැවෙන එම ශිල්පියාගේම මනෝභාවයක් කියලයි.එයට උදාහරණ ලෝක ඉතිහාසයේම තියෙනවා.Abstract Arts ලෙස හදුන්වන චිත්‍ර ප්‍රවණතාවය මීට කදිම උදාහරණයක් .jackson pollock ශිල්පියා මෙම ප්‍රවණතාවයේ එක් ප්‍රධාන ශිල්පියෙක්.ඔහු සිය කැන්වසය මත තමාගේ මනෝභාවය වර්ණ මගි

න් ඉදිරිපත් කලා .ඒ සදහා ඔහු සිදු කලේ කැන්වසය මත ඔහුට සිත් පරිදි වර්ණ විසිරුවා හැරීමයි.ක්ෂණික ඇතිවන මනෝභාවය සිතුවම් කිරීමට ඔහුට අවශ්‍ය උනා.ඔහු තේමාවක් යෙදීම පවා ප්‍රතික්ෂේප කලා.ලෝකයේ ජීවත් වූ සහ ජීවත් වෙන චිත්‍ර ශිල්පීන් සියලුම දෙනා සිතුවම්කරනයේදී භාවිතා කරන්නෙ ඇස හා මනසයි.මගේ අදහසනම් සැබෑ ලෝකය හා චිත්‍රය යනු එකක් නොව දෙකකි.දෙක සම්බන්ධ නැත.චිත්‍රය තුළ ඇති තාත්වික බව නිසා එය සැබෑවක් යැයි සිතුවද චිත්‍රය යනු චිත්‍රයමය.එහි වෙනසක් නැත.

ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් ප්‍රසිද්ධවෙලා තියෙන්නේ ඔවුන් සතු ශෛලියක් සමග ඔබගේ චිත්‍රෙය් එවැනි ශෛලියක් දැකිය හැකිද

ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් ප්‍රසිද්ධවෙලා තියෙන්නේ ඔවුන් සතු ශෛලියක් සමග ඔබගේ චිත්‍රෙය් එවැනි ශෛලියක් දැකිය හැකිද
ඔව් අනිවාර්යයෙන් ම ලෝකයේ සෑම චිත්‍ර ශිල්පියෙක් සතුවම තමාටම ආවේනික වූ ශෛලියක් තිබෙනවා.එහි වෙනසක් නැහැ වෙනසක් නැහැ.මම එක් ශෛලියකට කොටු වෙන්නට වෙන්නට කැමැති කෙනෙක් නෙවෙයි. එම නිසා මම විවිධ ශෛලීන් අනුගමනය කරනවා. හදාරා තිබෙනවා .සහ අලුත් අළුත් අළුත් ශෛලීන් ගවේෂණය කරන්නත් කැමතියි.ඒ නිසා මගේ සිතුවම් වල ශෛලීන් විවිධයි. එවිට සිතුවම ඇති ඒකාකාරීත්වය නැති වෙනවා යි මගේ හැගීමයි. සහ මගේ චිත්‍ර නිර්මාණ රසවිඳින්නන්ට එකම රසය ලබා දීමට මම කැමති නැහැ.ඔවුන්ට මගේ පැන්සල් සිතුවම් වල දකින්නට ලැබෙන්නේ වෙනම ශෛලියක්,කැන්වස් ඒ වටා අදින තෙල් සායම් සිතුවම් වල විවිධ ශෛලීන් දකින්නට සලස්වා තිබෙනවා.රෆායෙල් චිත්‍ර ශිල්පියාගේ හා Thamara de lempicka නම් තිත්ත ශිල්පිණියගේ චිත්‍ර නිර්මාණ අධ්‍යයනය කරමින් නැවත නිර්මාණය කරලා තියෙනවා .

රේඛාවක් මගින් මිනිස් සිතුම් වෙනස් කිරීමට හැකිද ? 

ඔව් ඇත්තටම පුළුවන්.රේඛාවක් මගින් වුවත් රසයක් මවන්න මවන්න චිත්‍ර ශිල්පියෙක්ට පුළුවන් වෙන්න ඕන.සමහර චිත්‍ර වල වර්ණ ටිකක් විසිරුවා තිබෙනවා වෙන්නත් පුළුවන් , විවිධ හැඩ විතරක්ම තියෙන්නත් පුළුවන්, ඒවායේ ලස්සන හෝ හැඩයට ප්‍රිය වී එමගින් ඇස පිනවා ගන්නත් පුළුවන්නේ.ඒ වගේම රේඛාවන් බොහෝමයක් එකතු වෙලා තමයි චිත්‍රයක් නිර්මාණය වෙන්නත්.චිත්‍ර මිනිස් සිතුම් වෙනස් කිරීම සඳහා අතීතයේදීත් භාවිතා වුණා.ඔබ දන්නවා ඇති මහනුවර යුගයේ සිතුවම් කලාව.මෙම සිතුවම් නැරඹීමට දළදා මාලිගාවට පිවිසෙන ඔබට අදටත් පුළුවන්.ඒවායේ තිබෙන ජාතක කතා අඛණ්ඩ කථන ක්‍රමයට එහෙමත් නැත් නම් කතාවක් එක දිගට කියන ක්‍රමයට තමයි සිතුවම් කර තිබෙන්නේ.එ කල විසූ බොහෝ මිනිසුන් උගත් අය නොවේ.එවැනි පිරිස් එකට බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීමට,බුදු දහම හා ජාතදහම හා ජාතක කථා පිළිබද අවබෝධය ලබාදීමට බලන්න තමයි මේ සිතුවම් භාවිතා කර තිබුනේ.චිත්‍රයකට පුළුවන් කෙනෙක් ගේ මනස සුවපත් කරන්න වගේම මනස ප්‍රචණ්ඩත්වයෙන් පුරවන්නත්.රේඛාවට මිනිස් සිතුම් වෙනස් කළ හැකි බවට එය එක් උදාහරණයක් පමණයි.


 ඔබගේ චිත්‍ර කුමන වර්ගයේද ඒවා පුද්ගල නිර්මාණ හෝ වෙනත් දෑ මත නිමවන්නක්ද

මම මගේ සිතුවම් මේ වර්ගයේ යැයි බෙදා වෙන් කරන්නේ නැහැ.මම අඳිනවා දිගටම අදිනවා.එකම වස්තු විෂයක් මත රඳා පවතින්නේ ද නැහැ.මම cartoon,portrait art,landscape art,Abstract art,ආදී විවිධ වර්ගයේ සිතුවම් අදින්නයක්.එසේම කැන්වස් හා කඩදාසි මතද සිතුවම් අඳිනවා fabric paint,oil paint,water colour,colour pencil,pencil ආදී මාධ්‍යයන් මම චිත්‍ර ඇඳීමේදී උපයෝගී කර ගන්නවා.මම ව්‍යාපාරයක් සිදු කරනවා සිදු කරනවා ලබාදෙන. එහිදී නම් මට පාරිභෝගිකයන් ලබාදෙන ඡායාරූප සිතුවම් කිරීමට සිදු වෙනවා.එහිදී පාරිභෝගිකයන්ගේ කැමැත්ත අකමැත්තට ඇහුම්කන් දී සිතුවම් නිර්මාණය කිරීමට සිදු වෙනවා.නම්‍යශීලීව ඔවුන්ට ඇහුම්කන් දෙන්නට සිදු වෙනවා.

 චිත්‍ර කලාව වානිජමය තත්වයක් සමග බැදී තිබෙනවා. ඔබගේ චිත්‍ර අලෙවි වනවාද

 

ඔව් චිත්‍ර කලාව දැන් වාණිජමය පැත්තට ගොඩක් නැඹුරුයි.එහි වරදක් නැහැ.අතීතයේදීත් සිදුවුණා.අතීතයේ දී නම් රජවරු චිත්‍ර ශිල්පීන්ට අනුග්‍රහය දැක්වූවා.ඒ වගේම චිත්‍ර වලට සහ ශිල්පීන්ට මනා පිළිගැනීමක් තිබුණා.නමුත් අද එසේ නැහැ.චිත්‍ර ශිල්පියෙකුගේ වටිනාකම සිතුවම් වල වටිනා කම දකින්නන් හරිම අඩුයි.එක අතෙකින් තරගකාරී ඩිජිටල්කරණය වූ සමාජයක මිනිසුන්ගේ මනසින් කලාව හා රස කාමීත්වය ගිලිහී යාම ගිලිහී යාම පුදුමයක් නොවේ.එහෙත් කලාවට හිතැති පිරිසක් තවමත් ඉන්නවා.මමත් මගේ සිතුවම් අලෙවි කරනවා.අවශ්‍ය නම් පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි විශාල කැන්වසයක් වුවත් මා ලවා සිතුවම් ඇඳ ගැනීමට හැකියාව තිබෙනවා.ඕනෑම ආකාරයක සිතුවම් මම අඳිනවා.එසේම මම මගේ face book page එක හරහා සුළු ව්‍යාපාරයක් ලෙස සිතුවම් ඇදීම සිදු කරනවා.එහිදී සිදුවන්නේ පාරිභෝගිකයන් විසින් ලබාදෙන ලබාදෙන ඡායාරූප වර්ණ පැන්සල් මාධ්‍යයෙන් හෝ පැන්සල් මාධ්‍යයෙන් වර්ණ ගන්වා frame කර ඔවුනට ලබා දීමයි.

චිත්‍ර මිල දී ගත හැකි නම් ඒ කෙසේද ?

මිලදී ගැනීමටත් හැකියාව තියෙනවා.ඒ වගේම සිතුවම් සඳහා ඇනවුම් ලබා ගැනීමත් සිදු වෙනවා.භාවිත වන ඇනවුම් ලබා ගන්නේ මගේ facebook page එක වන Gunarathne Arts page එක හරහා.A4, A3, B4 ලෙසින් විවිධ ප්‍රමාණ වලින් සිතුවම් අන්දවාගෙන frame කර ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව තියෙනවා.මිලදී ගැනීම හා ඇණවුම් ලබා දීම සඳහා මගේ දුරකතන අංකයක් ලිපිනයත් facebook page හි link එකත් මේ සමඟ තිබේ.

ඔබ මේ වනවිට සරසවි අධ්‍යාපනය ලබන්නියක් . අධ්‍යාපන කටයුතු හා චිත්‍ර කලාව සම්බන්ධයෙන් යමක් පැවසුවොත්

මම මාවතගම ජාතික පාසල හා ඩී.පී වික්‍රමසිංහ විදුහලෙන් 1 ශ්‍රේණියේ සිට එකොළොස් වන ශ්‍රේණිය දක්වා ම ඉගෙනුම ලැබුවා.උසස් පෙළ සඳහා මලියදේව බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා.උසස් පෙළ කඩඉම ඉතා සාර්ථකව සමත් වී කැලණිය සරසවියට පිවිසෙන්න වරම් ලැබුවා .ඒ ජීවිතේ අමතක නොවන ජයග්‍රහණයක්.2015 වසරේ දී සරසවියට පිවිසෙන මම අද වනවිට විට අවසන් අතර විද්‍යාර්ථියෙක් .මම එහි එහි දෘශ්‍ය කලා හා සැලසුම්කරණය විශේෂවේදී උපාධියක් හදාරනවා.කෙතරම් ඉහළට ගියත් චිත්‍ර කලාව අත් හරින්නේ නම් නෑ .චිත්‍ර කලා දිවියට මග පෙන් වූ චන්ද්‍රිකා ශිරෝමි ගුරු මෑණියන්, පත්මාවෝ රාජපක්ෂ ගුරු මෑණිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලාව උගන්වන මහාචාර්ය ලංකා ද සිල්වා මෙනවිය,මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය,ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙහි දී ඉතා ආදරයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි.එසේම මගේ අධ්‍යාපනය හා චිත්‍ර කලා දිවියට නිබඳ උපකාර කරන මගේ පියා මව සහෝදරයා හා සහෝදරිය සෙනෙහසින් මතක් කරන්න කැමතියි.

අනාගත අරමුණ මොනවාද
09..) අනාගත අරමුණ නම් බොහෝමයක් තිබෙනවා.චිත්‍ර කලාවට Gunarathne Arts මගේ කලාවත් එකතු කරන්න කැමතියි.විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොබෝ දිනකින් ම අවසන් වනවා .ඉන් පසු ගුරුවරියක් ලෙස චිත්‍ර විෂය උගන්නන්නත් කැමතියි .එසේම දුප්පත් පාසලක් සඳහා චිත්‍ර ගුරුවරියක් නැති නම් මාව අමතන්න පුළුවන්.මම නොමිලේම එ දරුවන්ට චිත්‍ර විෂය උගන්වන්න ඉදිරිපත් වෙනවා.චිත්‍ර විෂය පිළිබඳ ඉගෙනගත්තු දැනුම හැමෝම සමඟ බෙදා ගැනීමට මම කැමතියි.

සංවාද සටහන – තුසිත පතිරණ

0776306981
අයේෂා ගුණරත්න,
පාබා වත්ත,
9 කණුව,
ඉලුකේවෙල,
වෑඋඩ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *