හදිසි මරණ පරීක්ෂණ – අංක 01

මීට මස කිහිපයකට පෙර දී අංක යෙදු පෝරමයන් අකුරින් අවසාන පෝරමයට මා ඔහුගේ නම ලියා අත්සන තැබුවේ පශ්චාත් මරණ පරික්‍ෂණයට යොමු කිරීම සඳහයි. කියැවුණ ලියවුණ සාක්ෂි අනුව ඔහු මුලින්ම රිය අනතුරකට ලක් වූයේ, එදින උද ෑසන රැුකියාවට යන අතරතුරෙදී ය. පාරේ දකුණතින් ඉදිරියට ඇදෙමින් සිටි ඔහුගේ දකුණු බාහුවේ වැදුණ ත‍්‍රී රෝධ රථය නිසා කැරකි කාණුවේ ඇද වැටුනේය. පලාගිය ත‍්‍රි රෝධ රථය කෙසේ වුවද, අවට සිටි අයගේ උදව්වෙන් ඔහු වත්තම්කරුනු ලැබීය. මරණයට ඔච්චම් කර නැගිසිටි ඔහු දකූණු අතේ තුවාලයට හා සියුම් කොන්දේ අමාරුව හැරුණු විට වෙනත් අපදාවන් නොවීම පිළිබඳව ඔහු දෙවියන්ට ස්තූති කළේය. රැකියාවට යෑම පසෙකලූ ඔහු නැවත හැරි ගෙදර ගියේය. බිරිදි ගේ විසල් වූ දැස්වල නාභිය නියමිත පරිදි කක්‍ෂගත වනතෙක් සියල්ල පවසා ඔහු පසුව කෙටි නින්දකට වැටුණි. පසුව ඔහු බිරිද හා නිදන කිරි කැටියාට සමුදි නැවත යතුරු පැදියේ නැගි පැමිණියේ වෛද්‍යවරයෙකු හමු විමටයි. වෛද්‍යවරයාගේ පරික්‍ෂාවෙන් පසුව, බෙහෙත් තුණ්ඩුව අතැතිව පැමිණි ඔහු කහ ඉරට ඔබ්බෙන් වූ ෆාමිසිය දිටිය.

ගිනි පෙල්ලෙන් බැට කෑ අය කණමැදිරි එළියටත් බිය වන්නේය. ඔහු හිස් ආවරණය පැලදී දෙවරක් සිතා යතුරු පැදිය පසෙකලා කහ ඉරෙන් පාර මාරු වීමට උත්සාහ ගන්නේය. වේගයෙන් පැමිණි වෑන් රථය, ඔහු යට කරගෙන ගියේ. මාරයා ගේ මෙවර ඉලක්කය ටක්කෙටම සාර්ථක කරමිනි ඔහුගේ බිරිදි විසින් දුන් කට උත්තරයේ කහ ඉර සහ හිස් ආවරණය යටින් ඉරි ගසා සුවිශේෂ කළ මා දෙවරක් නොසිතිය හැකි මරණය පිළිබඳව දෙවරක් සිතන්නට විය.

තමන්ගේ ආදරණිය ස්වාමිපුරුෂගේ වියෝවෙන් මුසපත්ව වේදනාවෙන් පීඩිතව ඇවිදින මල මිනියක් සේ ්මගෙන් සමුගෙන පිය මනින ඇයගේ ඉකිබිදිුම තවමත් මට හෙමින් ඇසේ. ඔහුන්ගේ දුක හමුවේ හඩ නගා හැඞීමට ලෝකයා ඔවුන්ට අවසර දී ඇත. නමුත් මේ නිලකබායෙන් වසා, පුටුව මත හිදවා ඇති මා හට ඔහුන් සමඟ කදුළු සැලීමට අවසර නැත. කුඩා දරුවෙකුගේ වියෝව දරාගත නොහැකිව වේදනාවෙන් විලාප තබන දෙමාපියන් හමුවේ, මම මගේ පංචේන්ද්‍රියට දොරගුළුලාගත යුතුය. වාසනාවකට මා දෙවරක් සිතීමට මත්තෙන් ඒ සියල්ලම ඉබේම සිදු වී හමාරය.
සසල වීමට අවසර නැති මට හඩ අවදි කිරීමට කාලය පැමිණ ඇත. මරණය දැක්කෙමි. මරණයේ ස්වභාවය අත්විදීමි. මරණය රුදුරු බව හදවතින්ම අත්විදින්නෙමි. නමුත් මෙය මට ද නුදුරේම විදීමට සිදුවන එකාන්ත සත්‍ය බව කීවරක් පසක් කර ඇත්ද?

මරණයේ සෙවනැලිවල, දිග පළල පරක්‍ෂා කරන අතර තුර, මාගේ හිතවත් සේවක සාජන් මහතා විසින් අංකනයට තබන ලද පෝරමයන් මිටිය සුළග හා පොරබඳමින් සිටිය. එය අතට ගත් මා, ඊට පිළිවලින් අංක කරන්නට විය. හදිසි මරණ පරක්‍ෂකවරයකු විසින් දෙහයක් පශ්චත් මරණ පරික්‍ෂණයට යැවීමට හදිසි මරණ පරික්‍ෂකගේ අත්සනින් යුතු නියෝගයක් සුදානම් කළ යුතුය. පසුව පහසුව සඳහා අප කරන්නේ ඒ සඳහා වන පෝරම 500ක් පමණ එකවර අංක යොදා පසු ප‍්‍රයෝජනය සඳහා සකසා තැබීමයි. මා මේ කරමින් සිටිනුයේ ද එයයි. මෙම කොළ 500 හි ම අයිතිකරුවන් මේ මොහොත වන විට ඉතා විනෝදයෙන් සමාජය පුරා කරක් ගසමින් සිටිනවා නිසැකය. සමහරුන් ලෙඩ ඇඳේ වේදනා විදිමින් සිටිනබවද විය හැක. නමුත් බොහෝ විට අප සිදු කරනුයේ හදිසි මරණ බැවින්, බහුතරය මරණය පිළිබඳව සේයාවකදු නොගෙන ඊලග දිනයට පිඹුරුපත් සකසනවා නිසකැයි.

හදිස්සියේ ඇති වූ මරණයට හේතුව අපහැදිළි වු විට මෙම පෝරමය මිය ගිය අය ගේ නම ලියා අත්සන් කොට ඥාතීන් සමඟ එන පොලිසියේ මහතා ට භාර දෙනුයේ අධිකාරණ වෛද්‍ය වරයාට දේහයේ පශ්චාත් පරික්‍ෂණ සිදු කිරීමට අවසර දීමටයි. අංක යොදා පිළියෙළකොට අධිකරණ කළපෝරම් 500ම වේනදා මෙන් වැඩි කාලයක් නොගෙනම ඉවර වනු ඇත. සමහර විට මම අංක යොදා පිළියෙල කළේ මෙම ලිපිය කියවන ඔබගේ නමට අදාල පෝරමය නම්……?

තවත් අයෙකුගේ මරණය හමුවේ තමාගේ මරණය අත් දකින්නේ කීයෙන් කී දෙනෙක් ද එය ඔවුන් සත්‍ය ලෙසම අත් දකින්නේ නම් එකෙකු පරයා තව එකෙකු වස්තුව ගොඩ ගසන්නේ නැත.

අවසාන පෝරමය ද අංක යෙදු පසු මම සැනසුම් සුසුමක් හෙලා මාගේ සේවක සාජන්ට මහතාගේ අතට දුන්නේ ඉපදුනා ද පටන්ම වෙලාගත් ආත්මීය ආර්ත්මාතයෙන් නොවේ ද? මන්ද කාගේ පෝරාමය මෙහි තිබුණත් මාගේ පෝරමය මෙහි නොතිබෙන බව සක් සුදත් සේ දන්නා බැවිණි. එනම් මාගේ දේහයට මට අංකයක් දිය නොහැකි බැවිණි. එදාමෙදාතුර සෑම දාකම අප කළේ මරණය කිසිදා නොඑන හෙටකට භාර දීමයි. පුහුදුන් මනුෂ්‍ය ස්වභාවයෙන් මගේ අංකය එහි නොවන බවට සැනසුම් සුසුම් හෙළුවේ ඒ පුරුද්දටය.

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරික්ෂක
ඉරේෂා දේශානි සමරවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *