ITN විකාශනය නතර කිරීමට සැරසුනු බැසිල්ගේ ගොලයන්ට සුභාෂ් පාඩමක් කියාදෙයි

බැසිල් රාජපක්ෂ විසින් මෙහෙය වූ ස්වාධීන රූපවාහිනිය අත්පත් කරගැනීමේ ජඩ ප්‍රයත්නය අද ( 07)පෙරවරුවේ හකුලා ගැනීමට ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුභාෂ් ජයවර්ධන යළි සේවයට වාර්තා කිරීම මගින් සිදුවිය.ජනාධිපතිවරයා යටතේ පාලන බලය ඇතැයි සලකමින් ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් පත් කරනු ලැබූ නිලධාරීන්ට ඉඩ නොදෙමින් බලහත්කාරයෙන් රාජපක්ෂ මැර කල්ලිය ස්වාධීන රූපවාහිනී සේවයේ පාලන බලය අත්පත් කරගෙන සිටි අතර පසුගියදා මේ හේතුවෙන් උද්ඝෝෂණයේ නිරත රාජපක්ෂවාදී සේවකයන් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට අමාත්‍යංශයට සිදුවිය.

කෙසේ නමුත් අද (07) දිනයේදී ද අමාත්‍යංශය විසින් පත් කළ නිලධාරීන් සේවයට වාර්තා කිරීම වැළැක්වීම සදහා දැඩි නින්දිත ප්‍රයත්නයක අදාක කුක්කන් ක්‍රියාත්මක වුවද ? කැරළි මර්දන ඒකක ආරක්ෂාව සපයා ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමන්‍යධිකාරී සුභාෂ් ජයවර්ධන තම කටයුතු ආරම්භ කිරීමත් සමග බැසිල් රාජපක්ෂගේ ගෝලයන්ට තම කටයුතු සිදුකර ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ.
මේ අනුව තවදුරටත් තමන්ගේ පාලනයක් ස්වාධීන රූපවාහිනී සේවය තුළ ඇතැයි උදම් ඇනීමට බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු කුක්කන්ට නොහැකි වන අතර මේ වන විට පාලනාධිකාරිය පෙර පැවැතියාත් මෙන් සුපුරුදුව සිදුවීම විසින් ජනාධිපතිවරයාට හෝ බැසිල් රාජපක්ෂට හෝ විමල් වීරවංශට හෝ තවත් තප්පු ලෑමෙන් ඵලක් නොවන බව ද ස්වාධීන රූපවාහිනියට ආදරය කරනු ලබන සේවක පිරිස් සදහන් කොට සිටී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *