අපද්‍රව්‍ය බට පුපුරා වටවල ෆාම් ඔයිල් පරිසරය වනසයි..! – ජනපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි..!!

වටවල වැවිලි සමාගමට අයත් ගාල්ල, උඩුගම, නාකියාදෙණිය ප්‍රදේශයේ පිහිටි ‘සන්ෂයින් හෝල්ඩර්ස් පීඑල්සී නැමැති අයතනය විසින් සිදුකරගෙන යන ලබන කටුපොල් බෝග මඟින් ‘ෆාම් ඔයිල්’නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය හිතු මනාපයේ එම ප්‍ර දේශයේ මහ පොළොවට දැමීම හේතුවෙන් භූ ගත ජලය මේ වන විට මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව අප වෙබ් අඩවිය පසුගිය දෙසැම්බර් මස 19 වන දින හෙළිදරව් කරනු ලැබීය.

එහෙත් කිසිදු ආයතනක් විසින් මේ සදහා විසදුම් නොලැබීම හේතුවෙන් වටවල සමාගම තම අපද්‍රව්‍ය බැහැර කිරීම සිතු මනාපේ සිදුකරගෙන යන අතරම මේ වන විට වාර්තා වී ඇත්තේ ෆාම් ඔයිල්’නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවෙන් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය ගෙන යන දැවැන්ත බටයක් පුපුරා එහි ඇති අපද්‍රව්‍ය සහිත ජලය නාලියාදෙනිය ප්‍ර දේශයෙන් ගිං ගඟ දක්වා ගලාගෙන යන මාමනදොළට එක්වී දැවැන්ත පරිසර සංහාරයක් දින කීපයක් තිස්සේ සිදුකරමින් පවතී.

අපට මීට පෙරද වාර්තා කළ අන්දමට පරිසර සංවිධාන හා ප්‍ර දේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් නොයෙක් විට කරුණු ඉදිරිපත් කොට සිටියද නෑසු කන් ඇතිව සිටීමට මෙම බලධාරීන් කටයුතු කොට ඇති අතර මේ සදහා සුදුසු වැඩිපිළිවෙලවල් ප්‍රමාණයක් ඇතත් ඒවා අදාළ සමාගමේ කළමණාකාරීත්වය විසින් මග හැර මෙසේ පරිසර සංහාරයක් සිදුකරගෙන යන බවටද පරිසර සංවිධාන චෝදනා කොට සිටී.
මෙම දැවැන්ත පරිසර සංහාරය සම්බන්ධයෙන් මේ වන විට පරිසරය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු අතර, මහා පරිමාණ සමාගම් විසින් මීට පෙරද මෙවැනි පරිසර විනාශයන් සිදුකරමින් පැවැති විට ඒවා මහජන උද්ඝෝෂණ දක්වා ගොස් අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවීමට පවා සිදුවීම් වූ මතකයන් මේ වන තුරුත් සමාජයෙන් පහව නොගොස් ඇති තත්වයක් තුළ නාකියා දෙනිය හා අවට ප්‍ර දේශන්ට සිදුවන මෙම හානිය නවතා දැමීමට ජනාධිපතිවරයාගේ අවධානය මේ සදහා යොමුවිය යුතු බව පරිසර සංවිධාන හා ජනතාවගේ බලවත් ඉල්ලීම බවට පත්ව ඇත.

සුදුසු ජල පවිත්‍ර කිරීමේ ක්‍ර මෝපායන් ඕනෑවටත් වැඩිව තිබියදී  වානිජ්‍යත්වය පමණක් කර පින්නාගත් මෙවැනි මහා පරිමාණ සමාගම්වලට පරිසරය දූෂණය කිරීමට හා ජනතාව බිලි ගැනීමට ඉඩදී බලා සිටීම ජාතික අපරාධයක් බවද අවධාරණය කර සිටිමු.

අප විසින් මීට පෙර වාර්තා කළ හෙළිදරව්ව

http://localhost/lt/?p=18370

Leave a Reply

Your email address will not be published. Required fields are marked *