බදවා ගැනීමේ වැරැද්ද මොකද්ද ? සුභාෂ් අනුර දිසානායකගෙන් ප්‍රශ්න කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යාධිකාරී සුභාෂ් වීරතුංග ජයවර්ධන එකී තනතුරට පත්කීරීම සදහා වන සුදුසුකම් සම්බන්ධයෙන් වන ප්‍රශ්න කිරීම මේ වන විට දේශපාලන ක්ෂේත්‍රෙය් දැඩි කතා බහට ලක්ව ඇත. ජනතා විමුක්ති පෙරමුණේ වසර ගණනාවක ක්‍රියාකාරිකයෙකු වූ සුභාෂ් ජයවර්ධන ඉන් ඉවත් වූ පසුව ඔහු සම්බන්ධයෙන් වන දොස් නැගීම් සිදුකිරීම හා එම පක්ෂය වෙනුවෙන් කළ කැපකිරීම හෑල්ලුවට ලක් කිරීම මෙම ප්‍රශ්න කිරීම තුළ ඇති බවත් සදහන් වේ.
එසේම රාජ්‍ය අංශය සදහා වන පත්වීම් ප්‍රදානයේදී ජවිපෙ කෘෂි කර්ම අමාත්‍යංශය භාරගෙන කටයුතු කරද්දී එහි මාධ්‍ය අංශය වෙත බදවා ගැනීම් සිදුකොට ඇත්තේ කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට නොවන බවත් එවිට සුදුසුකම් සහිත වන ඔහු මේ කාලයේදී නොසුදුස්සෙකු කිරීම පුදුම සදහගත බවද සුභාෂ් ජයවර්ධන අප වෙත කළ පහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ.
සුභාෂ් මෙසේ ලියයි,

වැ‍රැද්ද මොකක්ද? ජවිපෙ කෘෂිකර්ම අමාත්‍යංශයේ ස්ථිර ‍රැකියාවකට මාව දාන්න හැදුවෙ මීටත් වඩා පජාත ක්‍රමයකට

අනුර කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ඒ අමාත්‍යංශයේ මාධ්‍ය හා ප්‍රචාරක කටයුතු සියල්ලම පාහේ සිදු කෙරුණේ පක්ෂයේ මැදිහත් වීමෙනි.
මා ද ඊට මැදිහත් විය. මේවා සියල්ල නොමිලයේ සිදු කෙරුණු වැඩය. පසු කාලිනව නිකම් වැඩ කරන්න ඕන නෑ. මෙතන ජොබ් එකකට සෙට් වෙලා මෙතන ඉඳම් වැඩ කරමුය කියන යෝජනාව එවකට අනුරගේ කාර්ය මණ්ඩලයේ හිටපු කිහිපදෙනාගෙන් ඉදිරිපත් විය. ඒ අනුව මාධ්‍ය අංශයේ යම් තනතුරකට පුද්ගලයකු බඳවා ගැනීමේ මුවාවෙන් පුවත් පත් දැන්වීමක් පළ කළ අතර ඒ අනුව අයදුම් පත්‍ර කැඳවිය. ලැබුණු අයදුම් පත්‍ර සියල්ල කුණු කුඩෙට ගියේය. මන්ද ඒ තනතුරට මාව තොරාගෙන අවසන් නිසාය. එහෙත් ඊට පොඩි කොස්සක් විය. ඒ වෘත්තීමය පුහුණුවක් ගැන සහතිකයක අවශ්‍යතාවය. මට එවැන්නක නොතිබුණු අතර ඒ වෙනුවෙන් ව්‍යාජ සහතිකයක් අහවල් ආයතනයෙන් ලබා ගැනීමට ද යෝජනා විය. මේ තත්වයන් හමුවේ.. ජොබ් එක මා ප්‍රතික්ෂේප කළත් ඒ අදාල සහතිකයද කාර්ය මණ්ඩල සහෝදරයකු ලබා ගෙන තිබිණි.
සුනාමි සහන මණ්ඩලය නිසා ජවිපෙ ආණ්ඩුවෙන් වෙන් වීම තව සතියක් පරක්කු උනා නම් මන් අමාත්‍යංශයේ ස්ථිර සේවකයෙකි.(( මේ සිද්ධියට සාක්ෂිකාරයෝ තවමත් ජවිපෙ තුල සිටී))

එහෙම උනා නම්..පස්සෙ දවසක කාට හෝ..අනුරගෙන් මෙසේ ඇසීමේ හැකියාවද තිබිණි..
‘ සුභාෂ් ජයවර්ධනට අහවල් තනතුර ලබා දුන්නේ කවර අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් මතද?
ඒ ඔයාගේ මිත්‍රයෙක් වීම නිසා පමණයි නේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *