ළමා අපයෝජන නවතමු

බුද්ධ වර්ෂ 2500 කිය කිය උදේ හවස පිරිත් ඇහෙන රෙද්දේ රටේ පිරිමින්/ගැහැණු ලිංගික ආතතියෙන් පෙලෙන බව කිව්වොත් ඔබ පිළි ගන්නවාද? අපේ රටේ බල්ලන්ටත් ජංගි කොටයක් අන්දලා තියන්න වෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන විෂය කුඩා කල සිටම ලංකාවේ මිනිස්සුන්ට ක්‍රමවත්ව ලබා නොදීම නිසයි.
අලියට ගස් නගින්න,වඳුරට බඩ ගාන්න, නයාට පීනන්න මාළුවට ගොඩ පීනන්න උගන්න අධ්‍යාපන රටාවක් තියෙන රටක ලිංගික අධ්‍යාපනය නිසි ලෙස ලබා නොදීම ගැන පුදුමයට පත් වෙන්න දෙයක් නෑ ඒත් දෙමාපියන්ගේ යුතුකමක් තියෙනවා තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාවට වගකියන්න. දුවෙක්/පුතෙක් ඉන්න අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන්ට කියන්න පුළුවන් පිටස්තර කෙනෙක් ඔයාව වැරදි විදිහට අල්ලන්න ආවොත් අම්මට කියන්න.එතන ඉන්න එපා…එහෙම නැත්තම් අම්මට තාත්තට පුළුවන් වෙන්න ඕනා තමන්ගේ දරුවට ආදරේ නම් ඒ දරුවට තමන් ලඟ ඇරුනම කිසිම කෙනෙක් ලඟ ආරක්ෂාවක් නෑ කියලා හිතන්න.දෙමව්පියනි මුදල් පස්සේ යන්න රැකියා පස්සේ යන්න ඒත් ඒ හැමදේටම වඩා තමන්ගේ දරුවා පස්සේ යන්න මොකද ඔබ හරිහම්බ කරන සල්ලි වල වටිනාකමකුත් නෑ ඔබේ දරුවා කාමාතුරයෙක්ට බිලි උනොත්…

අද සමාජයේ ඉන්නේ විකෘති කාමාතුරයන් නිසා දුවල ගැන විතරක් නෙවේ පුතාලා ගැන උනත් හොද අවදානයෙන් ඉන්න ඕන දුවලට වගේම ලොකු ආරක්ෂාවක් පුතාලටත් දෙන එක වැදගත්….බාප්පා,මාමා අයියා,පවුලට කිට්ටු පිරිමියෙක් දරුවට ආදරෙයි කියලා ඒ කිසි කෙනෙක් පමනට වඩා විශ්වාස කරන්න එපා. ඒ හැම මනුස්සයා ගැනම හොද අවදානයකින් ඉන්න මොකද දරුවන් අපයෝජනයට ලක් වෙන්නෙම පවුලට කිට්ටු පිරිමින්ගෙන් ඔය අතර අම්මලා දරුවගේ තාත්තා ගැනත් අවදානයෙන් ඉන්න ඕන කාලයක් මේක…හැම තිස්සෙම තමන්ගේ දරුවා රැක ගැනීමේ වගකීම දෙමව්පියන් සතුයි…අම්මා පවුලේ මුදුන් මල්කඩ අම්මා තම දරුවන් ගැන අවදානයෙන්ම ඉන්න ඕන කෙනා අම්මාට තමා හොදම ඉව තියෙන්නේ තමන්ගේ දරුවෝ ගැන..

තව දෙයක් ලියන්න කැමති අද සමාජයේ දෙමව්පියෝ කරන ලොකුම වැරැද්දක් තමා තමන්ගේ දුව ලොකු ළමයෙක් උනා කියලා මුළු ගමටම අඬබෙර ගහලා ලොකු පාටියක් දෙන එක. මතක තියා ගන්න ඒ දරුවට තියෙන ආදරේ නිසා කියලා හිතුවට ඒ තමා තමන්ගේ දරුවට තමන්ම කරන විනාසේ… ලොකු ළමයෙක් වෙනවයි කියන එකේ අර්ථය සමහර දෙමාපියන් දන්නේවත් නෑ ලොකු ළමයෙක් වෙනවා කියන්නේ දෙමාපියන්ගේ වහකීම් වැඩි වෙනවා මොකද තමන්ගේ දුව දැන් ප්‍රජනනයට ,දරුවෙක් ප්‍රසූතියකට සුදුසුයි..ඒක අඩබෙර ගහලා ගමටම කිව්වම ගමේගොඩේ අසහනෙන් පෙලෙන් පිරිමි කෙල්ල දිහා බැල්ම දානවා කොහේ හරි තනිකර ගන්න බලනවා ඒ නිසා ආදරණීය දෙමාපියන්ගේන් ඉල්ලන්නේ තමන්ගේ දරුවගේ බෙල්ල තමන් විසින් මිරිකෙන තැනට වැඩ සිද්ධ කරන්න එපා.චාරිත්‍ර ටික ඉටු කරලා කෙල්ලට ලොකු ළමයෙක් වෙනවා කියන එකේ අරුත පහදන්න.
වැදගත්ම කරණය තමන්ගේ දරුවාට අපයෝජනයක් කල වැරදි කරුවෙක් නීතිය ඉදිරියට ගෙනෙන්න ලැජ්ජා වෙන්න එපා.මොකද එහෙම උනොත් අද ඔබේ දරුවාට උන දේ තවත් දරුවෙක්ට වෙන්න බැරි නෑ.එහෙම දරුවන්ට විමුක්තිය ඉටු කිරිම ඒ පුංචී පෞර්ෂයට ඉතා වැදගත්.එක අපයෝජකයෙක්ට දඬුවම් ලැබුනම ඒ දඬුවමට බයේ හරි ළමයි බේරෙයි.මොකද අද ලංකාවේ ගොඩක් දේවල් වැලකෙන්නේ දඬුවමට බයේ නිසා

ඒ වගේම හැම අම්මා ම එකම දැනුම් මට්ටමක නෑ තමන්ගේ දරුව අපයෝජනයකට ලක් වෙයි කියලා හිතන්න තරම් බුද්ධි මට්ටමක් නෑ හැබැයි අපිට ඕකට කරන්න පුළුවන් සුළු දෙයක් තියෙනවා. උත්සහ කරොත් දරුවෙක් ඉපදෙන රෝහලේදී අම්මලාව දැනුවත් කිරීමක් කරන්න පුළුවන් ඒ වගේම දරුවට එන්නත් ලබා දෙන සෑම වෙලාවකදීම දෙමාපියන්ව දැනුවත් කරන්න පුළුවන් ,පාසැලකින් නොලැබෙන ලිංගික අධ්‍යාපනය ගෙදරින් ලබා දෙන්න පුළුවන්.ඒ හරහා යම්තාක් දුරට ලංකාව තුල ළමා අපයෝජන වලක්වා ගන්නට දායක වීමට හැකි නම් එතන ලොකු ජයග්‍රහණයක් ලැබිය හැකි බව අවසාන වශයෙන් ලියා තබමි.

ශානු විජේතුංග®️
Shanu87@icloud.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *