ජාතිවාදී ලේ විලට තල්ලුවීමට පෙර තල්ලු කරන්නා අවබෝධ කර ගමු.. ! – තුසිත පතිරණ

1983 කියන්නේ මතක ඇති පුංචි කාලයයි. ගමේ වේළුගේ සැලූන් එක, අපි පුංචිම කාලේ, හරි ආසාවෙන් කොණ්ඩේ කපපු සැලූන් එකය .. අපෙ ගෙයි වත්තට වේලුගේ සැලූන් එක පෙනෙන්නේ ගඟෙන් එගොඩ මහ පාර අයිනේ පිහිටි කඩපේළියක් එකට මැද පිහිටි කුඩා කඩ කාමරයක් ලෙසිනි.. ඒ අඳුරු රැය මා අවදි වූයේ කවරක් සදහාද යන්න මතක නැතත් කලබලකාරී  දිවයාම් මගින් එක්වරම ඇස ගැසුනේ මහා ගිනි ජාලාවක් මැද්දේ ඇවිලී යන වේලුගේ සැලූන් එකය.. ඒ 83 දෙමළ කලබල යැයි වන මගේ මතකයේ සංසිද්ධිගත ඇසින් දුටු සාක්ෂයයි. උදෑසන පාසල් යන විට අප වේළුගේ ගිනිගත් සැලූන් එක පහු කරගෙන ගියේ දැඩි සංවේගයකින් හා වේදනාවකිනි.
කුඩා කල මේ ගිනි තැබීම වේදනාවක් දුකක් උපදවීමට සමත් වූ අතරම ඒ කවරක් හේතුවක් නිසාද යන්න පිළිබද අම්මාගෙන් ඇසූ විට අම්මා සිංහල දෙමළ කලබල නිසා යන්න පමණක් පවසා සිටියාය. එහෙත් පසුකාලීනව දේශපාලනය කියවීම හා මා ද අත්විදි ඉතිහාසය නැවත කියවීමේදී මේ කළු ජූලියේ අදුරට හේතුව තුච්ඡ දේශපාලන බලය ගොඩනැගීමක් විනා .. කවර නම් ජාතිවාදී කෝලාහයක් නිර්මාණය වී නොමැති බවත් පසක් විය.

පසුකාලීනව පීඩාවට පත් තරුණ දෙමළ සංවිධානයක් ගොඩ නැගී ත්‍රස්තවාදය බවට උතුරේ වර්ධනය වීමට එකී ත්‍රාඪ බලලෝබී දේශපාලනය අදුරු කළු ජූලිය නිර්මාණය කිරීමේ පව අවුරුදු 30ක් අප වින්දේ දහස් සංඛ්‍යාත ජීවිතද බිලි දෙමිනි.
2019 නැවත වටයකින් ත්‍රස්තවාදය පැමිණ ඇත. එය පැමිනීමේ ස්වාරූපය 83 වඩා වෙනස් මාදිලියක් ගත්තත් සිදුවෙමින් පවතින්නේ එකම දේ අවරෝහණ ගත ක්‍රියාදාමයක්දැයි සිතේ .. 83 දී ජාතිවාදී කෝලාහලය බලලෝභී දෙශපාලන අමනයන් විසින් නිර්මාණය කොට පසුව එයින් පීඩාවට පත් තරුණයින් ත්‍රස්තවාදය දක්වා තල්ලු විය.

අද දී සිදුව ඇත්තේ ආගමික නැඹුරුවකින් ගොඩ නැගී අන්තගාමී ත්‍රස්තවාදය ක්ෂණයකින් ත්‍රස්තවාදයේ පවතින අන්තිම පුරුක බලගැන්වීම හෙවත් සිය දිවි නසා ගනිමින් ත්‍රස්තවාදී ප්‍රවිශ්ටයක් ලබාගැනීමයි. මුස්ලිම් ජන සමාජය තුළින් පෝෂිත අන්තවාදී කල්ලියක් ජන සමාජයෙන් මිදී නමුත් ඒ තුළ සිට ප්‍රහාරයන් දියත් කොට ජාතිකත්වයක් අතර වන බැදීමට මරු පහරක් එල්ල කොට ඇත.
මෙතෙක් කලක් පැවැති සමගිය හා වෙළදාමේ නැගීමක් සමග ඊර්ෂා පරවස බැලීමේ ප්‍රාථමික සංකල්පයන්යන් බිද දමා එය මුස්ලිම් ජාතිකත්වයක් අතර වන විරසකයක් නිර්මාණය වීමට තරම් ප්‍රබලත්වයක් දක්වා වර්ධනය වීමට පාර කපා ඇත.
ජාතිවාදී ලේ විලට තල්ලුවීමට පෙර තල්ලු කරන්නා කවරෙක්ද යන්න හදුනා ගැනීමට උත්සුක වීමද මේ මොහොතේ දැඩි වාත්ස්‍යලයකින් යුතු සියලු දෙනාම දෙවරක් නොව සිව්වරක් සිතා බැලිය යුත්තක් වේ.

අප්‍රේල් 21 ක් වන දින ඇති වූ ත්‍රස්තප්‍රහාරයෙන් පසුව ඇති වන තත්වයන් සෘජු ත්‍රස්තමැදිහත්වීම් හා එසේ නොවන රාජ්‍ය මැදිහත්වීමකින් වන භීතිය වැපිරීමේ ක්‍රියාදාමයකට ඉඩක් හැදීම තුළ හටගන්නා කලබලයන් හා වියරුවැටීම් ප්‍රමාණයක්ද වේ. රාජ්‍යය මැදිහත්ව නිෂ්චිත කාල රාමුවක සිට ජනතාවගේ බිය නැති කිරීම සදහා වැඩ පිළිවෙල්ක නොයෙදීම තුළ ජනතාව අතර අනේක විධ බිය ගැන්වීම් හා බොරු යැයි සිතන ප්‍රචාරයන් මගින් මෙතෙක් සැකයෙන් තොරව බැලූ සෑම මුස්ලිම් වැසියෙකු දෙසම සැකයෙන් බැලීමට වන හා ඔවුන්ට මේ ප්‍රහාරයේ වගකීම පැටවීමට සාමාන්‍ය ජනතාව පෙළඹවීම දක්වා වන මානසිකත්වය ගොඩනැගීමට පාලකයන් වග කිව යුතුව ඇත.
මේ වන විට දේශපාලනඥයින්ගේ නන් දෙඩවීම් මූලිකව පවතින්නේ බලය පවත්වාගෙන යාමට හා කිසියම් බටහිර න්‍යාය පත්‍රයක් කෙසේ හෝ ලංකාවේ සමාජය තුළ පෝෂණය කිරීමට වන අතර ඒ සදහා බලගැන්වූ බටහිර ව්‍යාපෘතිය ත්‍රස්තවාදය නම් එය අසාර්ථකවීමෙන් පසුව එහි දෙවන පියවර වන්නේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කොට තම න්‍යාය පත්‍රය කෙසේ හෝ ලංකාවේ බලපැවැත්වීමට කටයුතු කිරීමය.
මේ නිසාම මෙම තත්වයන් බුද්ධිමත්ව විමසීමට සාමාන්‍ය ජනතාව විමසිලිමත් විය යුතු අතර එසේ විමසිලිමත් වීමට ඉඩ නොතබා තමන්ට අදාල න්‍යාය පත්‍රය භීතිය සමග කරලිගත කිරීමට පාලකයන් කටයුතු කිරීමට මේ වන විටත් සාමාන්‍ය ජනතාව උත්සුකවී ඇත‍
අගමැතිවරයා විසින් වෙනමම ගේමක් මේ සදහා දියත් කොට ඇති අතර ජනාධිපතිවරයා විසින් තම ග්‍රාම්‍ය ශුද්‍ර කරුණු මත මෙම ජාතිවාදී කෝලාහලයන් සිදුවන බව පවසමින් සමාජ ජාල වැනි තොරතුරු ජාලාවන් අවහිර කිරීමට කටයුතු කොට ඇත.
මේ නිසා මෙතෙක් සමාජයේ ශුද්‍ර කාරණාවන් වන ප්‍රචාරාත්මක දියත්වීම් කට කතා වැනි දෑ මත මේ තරම් ආරක්ෂක වැඩපිළිවෙලක් හා බුද්ධිමය අංශයන් පැවැති රටක අකුරු මත හා කට කතා මත ජාතික ආරක්ෂාව තොරම්බල් කිරීමට තරම් මේ පාලකයන් දේශපාලනයේ හෝඩියට වැටීම කොතරම් නම් ඛේදජනකද යන්න සිතීමද අපහසුය.

කෙසේ නමුත් මෙ පාර කැපෙන්නේ උනුන් ඇන කොටාගෙන මේ බිම ලේවිලක් කරවීමට අදාළ පිටිය සැකසීමට නම් පාලකයන් පිස්සු කෙලිද්දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. මංද යත් ගොඩ නැගෙන කවර නම් ව්‍යසනයක අන්තිම වන්දි ගෙවන්නාද වනුයේ ජනතාවම වන බැවිනි .

– තුසිත පතිරණ
2019.05.14

Leave a Reply

Your email address will not be published. Required fields are marked *