කවියෙකුට “අපේ උන් සහ අරුන්” කියල මිනිසුන් වර්ග කරන්න බෑ – සෝමසිරි ඒකනායක

කවි පොත් දැන් වැහිවැහැලා. මේකෙන් කියවෙන්නේ ලංකාවේ කවිය මාරයි කියන එකද?

කවිය සම්බන්ධයෙන් මෑත කාලීනව, විශේෂයෙන්ම පහුගිය අවුරුදු හයක හතක වගේ කාල සීමාවක ඉඳල දැඩි උනන්දුවක් ඇති වෙලා තියෙනව කියන එක කාටවත් බැහැර කරන්න බැරි කරුණක්. ඒ වෙනතුරුම අනෙක් සාහිත්ය් අංශ ඒ කියන්නෙ නවකතාව,කෙටිකතාව වැනි අංශත් එක්ක සාපේක්ෂව ගත්තම කවි පොතක් සඳහා අනුග්රා හකයෙක් සොයා ගැනීම පවා අසීරු මට්ටමකයි තිබුණෙ. නමුත් සමාජ මාධ්ය වල ව්යාකප්තියත් එක්ක කවි ලියන පිරිස් විසින් ඒ අවකාශය විශාල වශයෙන් පාවිච්චි කරන්න පටන් ගත්ත. මොකද තමන්ගෙ සිතිවිලි මුදා හරින්න එතෙක් තිබුණු සීමිත ඉඩ ( කාව්යී කෘති වශයෙන් ප්රකකාශයට පත් කිරීම හෝ පත්තරවල කවි පිටු ) සමාජ මාධ්යව විසින් අතික්ර්මණය කළා. මෙන්න මේ තත්වයත් එක්ක සමාජ මාධ්යා වලට මුදාහරින කවි නිර්මාණ වටා ඒව කියවන පාඨක පිරිසක් ඉතාම ඉක්මනින් නිර්මාණය වුණා. ඒකත් එක්ක නැවත ඒ කවි පොත් විදියට එළියට එද්දිත් ඒවා වෙනුවෙන් යම් පාඨක පිරිසක් ඉන්නව. ඒ තත්වයත් එක්ක ප්රළකාශකයන් කවි පොත් මුද්රිණය සම්බන්ධයෙන් දක්වපු උදාසීනත්වය යම් මට්ටමකට නැතිවෙලා ගියා. කවි පොත් ප්ර්මාණයෙන් වැඩි වෙන්න මේ කරුණු බලපානව. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ ලංකාවෙ කවිය මාරයි කියල. නමුත් කවිය විවිධ දිශාවන්ඔස්සේ විවිධ ආකාරයෙන් වර්ධනය වෙමින් පවතින බව පේනව. ඒ තුළ යම් සාධනීය තත්වයන්තියනවවගේම අපි නැවත නැවත සිතා බැලිය යුතු තත්වයන්ද නැත්තෙ නැහැ.

හැමෝම කවි ලියනවා. ඒත් එකමසෙට් එකක් තමයි උඩින් පේන්නේ ඇයි මේ?

කවියත් ඇතුළුව සමස්ථ සාහිත්ය් ක්ෂේත්රටයේම තියෙන දිගු කාලීන ගැටළුවක් ඒ තත්වය. මේ වෙනකොටඅවුරුද්කට කවි පොත් සීයයක්එකසියපණහක් වගේ ප්රතමාණයක් මුද්රටණයෙන් එළියට ආවත්, ඒවායින් නිසි අවධානයක් යොමු වෙන්නෙ අතේ ඇඟිලිවලින් ගනින්න පුළුවන් තරමේ අවම ප්රරමාණයක් පමණයි. වෙනත් විදියකට කිව්වොත් වාර්ෂිකව පැවැත්වෙන සම්මාන උළෙලවල් කිහිපයෙදි සම්මානයට පාත්රත වන හෝ අවසන් වටය නියෝජනය කරන කෘති වලිනුත් කිහිපයක් කෙරෙහි පමණයි අවධානය යොමු වෙන්නෙ. මුද්රිවත මාධ්ය වල වගේම විද්යුලත් මාධ්යර වලත් අවකාශය විවර වෙන්නෙ ඒ සීමිත කෘති කිහිපය කෙරෙහි පමණයි. ඒකත් එක්ක නිරායාසයෙන්මඑකම කණ්ඩායමක් උඩට එන බවක් පේනව. එපමණක් නොවෙයි මේ පොත් කිහිපය තමයි හොඳම පොත් කිහිපය කියල නිර්නායකයක්පාඨකයා ස්ථාපිත කරනව වගේම පාඨකයා විසිනුත් එවැනි ස්වයං නිර්නායකයක් හදා ගන්නව.

අනිත් පැත්තෙන් ගත්තම කවියත් එක්ක කෙරෙන සංවාදයේ යම් ආකරයක කල්ලිවාදි බවක් හෝ කුලකමය බවක් ඇති වෙලා තියෙනව. විචාරය කිරීමේදි තමා වටා සිටින දන්නා හඳුනන කිහිප දෙනෙකුගේ කෘති කෙරෙහි තමයි අවධානය යොමු කරන්නෙ. මෑත කාලිනහොඳම නිදසුන තමයි ඩොමිනික්චන්ද්රවසාලිගෙ“කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව ” කියන කවි එකතුව. ඒක වෙනස්ම වූ වෑයමක්. වෙනස් වු සංවාදයක් මතු කරන්න පුළුවන් කෘතියක්. නමුත් එවැනි වෙනස් කෘතියක් කෙරෙහිවත් ප්රසමාණවත් අවධානයක් යොමු වුණේ නැහැ. (මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන මට ඩොමිනික් ව කිසිම දවසක මුණ ගැහිලවත් කතාබහ කරලවත් නැති බව)

සමස්ථයක් විදියට විචාරය සඳහා විධිමත් සහ පුළුල් මැදිහත්වීමකඅවශ්යයතාවයතියෙනව. ඒ පිළිබඳවහැදෑරිමක් ඇති උදවියගෙ මැදිහත්වීම ප්රටමාණවත් නැහැ. විශ්ව විද්යාහල මට්ටමෙන් ගත්තොත් සාහිත්යන විචාරය සඳහා ආචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය සුනිල් සෙනෙවි වැනි දෙතුන් දෙනෙකු හැරුණු විට ලොකු මැදිහත් වීමක් නැහැ. ඒ නිසාම මේ ක්ෂේත්රවය තුළ නිතරම මාධ්යේ අවකාශය හිමි කර ගන්නා සීමිත පිරිසක් මේ ක්ෂේත්රිය තුළ අධිනිශ්චය වෙන බවක් දකින්න පුළුවන්. නමුත් ඒකෙන් කියවෙන්නෙ නැහැ මේ උඩින්ජනප්රිරයතලයේ පෙනෙන කිහිප දෙනෙකුගෙ නිර්මාණ පමණයි ගුණාත්මක කියල. අවධානය නොලැබ සැඟවිලා යන විශාල කවීන් ප්ර‍මාණයක් මෙන්මකෘතීන් ප්රෙමාණයක් තියෙනව. ඒක එක්තරා විදියකට බැලුවොත් කවිය ව්යාබප්ත වෙන ගමන්ම යම් කිසි හැකිලීමකටත් ලක් වෙමින් පවතිනව.

මුහුණු පොත වැනි සමාජ මාධ්ය තුළ සහෘද සටහන් ලියමින් නිර්මාණකරුවන්හඳුන්වාදෙන්න ගන්න උත්සාහයන් කිහිපයක් තියෙනව. ඒක ඉතා හොඳ තත්වයක්. ඒවාට යම් චෝදනාවන් එල්ල වෙනව කවිය පිළිබදඅසම්පූර්ණ සටහන් කියල. නමුත් ප්රෙධාන ධාරාවේ විචාර කලාව අඩපණ වෙද්දි එවැනි විකල්ප කතිකාවන්වල වැදගත් කම ඉස්මතු වෙනව. ඒකෙන් පුළුවන් ඔය එකම පිරිසක් ඉස්මතු වෙන එක වෙනුවට විවිධාකාරයේ කවීන් සහ කවි පිළිබඳව අවධානය පුළුල් කරන්න.

නිර්මාණ පැත්තක, රට තව පැත්තක, ඇයි මේ දෙක එකතු වෙන්නේ නැත්තේ?

ඇත්තටම මේ තත්වය විශේෂයෙන්ම අවධානය යොමු විය යුතු තත්වයක් විදියටයි මං දකින්නෙ. නිර්මාණවලින් පෙනෙන ඉදිරිගාමී බව හෝ ප්රේගතිශීලී බව මිනිස්සුන්ගෙ ජිවිත වලින් පිළිබිඹු නොවෙන්නෙ මොකද කියන එක හිතන්න ඕන කාරණාවක්. කලා සාහිත්ය් නිර්මාණ වලින් කෙරෙන ප්ර්මුඛතම කාර්යයක් තමයි මිනිස්සුන්ගෙ රස වින්ඳන ශක්තිය පුළුල් කරන එක. හොඳ රසවතෙක් කියන්නෙ එකවිටම තමන් තුළට එබී බලන්නෙක් සහ සමාජය දෙසට විවර වන්නෙක්. ඔහුගේ සිතීම් විශ්වය පුළුල්. විවෘතයි. ඒ නිසාම ඔහුට අනෙකාගෙසහකම්පනයදැනෙනව. අනෙකාවකියවගන්න පුළුවන්. ඒ අනෙකා කියවගන්න පුළුවන්කම නිසාම ඔහු සංස්කෘතිකයි සහ ශිෂ්ටසම්පන්නයි. පාසැල්විෂයමලාවන්ට කලාව සහ සාහිත්ය අංග එකතු කිරීමේ මූලිකම තර්කයවන්නෙම මෙන්න මේ සංස්කෘතික,ශිෂ්ටසම්පන්න පුරවැසියා නිර්මාණය කිරීමනෙ.නමුත් මේ නිර්මාණ වලින් පෙනෙන සහකම්පනය සමාජය තුළ කොතරම් දුරකට පෙන්නුම් කෙරෙනවද කියන එක ගැටළුවක්නෙ. ඇත්ත. නිර්මාණකරණයේ නියැලිලා ඉන්නෙ බොහොම සීමිත පිරිසක් තමයි. ඒ සිමිත පිරිස සමස්ථ සමාජය පිළිබඳවමසාමාන්යගකරණය කරන්න හොඳ මිම්මක් නොවෙයි තමයි. නමුත් ඒ සීමිත පිරිස තුළ වුණත්අනෙකාගෙ දුක පීඩාව ගැන නිර්මාණ කරන ගමන්ම සැබෑ ලෝකයේදි පීඩිතයා පිටු දකිමින් පීඩකයාව නියෝජනය කරන්නෙ කොහොමද කියන එක මට නම් ගැටළුවක්. එහෙම නම් ඔවුන් ලියන දේ සහ ප්රාඩයෝගික භාවිතාව අතර තියෙන්නෙ යම් දෙබිඩි බවක්.කවියෙක් කොහොමද මිනිස්සු වර්ග කරන්නෙ “අපේ උන් සහ අරුන්” කියල මම නම් මෙහිදි යෝජනා කරන්නෙ අවම වශයෙන් නිර්මාණකරණයේ නියැලෙන මේ සිමිත පිරිසවත් මිනිස්සු දිහා මිනිස්සු විදියට බලන්න පටන් ගන්න ඕන.තමන්ගේ අනෙකාට ගරු කරන්න පටන් ගන්න ඕන. සංස්කෘතිකමය විවිධත්වයන් දිහා තමන්ගෙ සංස්කෘතියට සාපේක්ෂව බලන එකෙන් වැළකෙන්න ඕන. එතකොට ඒක සමාජයට යම් දවසක බෝ කරන්න පුළුවන් වෙයි.

හුදු ආදරය, විරහව, පමණක්ම ශේෂ වූ කවි තමයි වැඩිපුරම දැකිය හැක්කේ ?

ආදරය විරහව කියන්නෙ අතිප්රපභල මනෝභාවයන්. ලොකේ වැඩිම සාහිත්යා කලා නිර්මාණ ප්රසමාණයකට පාදක වෙලා තියෙන්නෙ මේ මනෝ භාවයන් කිව්වොත් නිවැරදියි. ඒ මනෝභාවයන් ප්රිබලයි වගේම සංකීර්ණයි. අනෙකුත් සාහිත්ය ශානරයන්ට වැඩිය කවියෙදි ආදරය විරහව වැනි මනෝභාවයන් නිර්මාණවලට පාදක වෙනව වැඩියි කියන එක සාමාන්යණ සත්යයයක්. නමුත් කවියට පාදක වෙන අත්දැකීම් ගත්තම එවැනි මනෝභාවයන්තරමටම විවිධාකාර සමාජ ප්රෙශ්න, සමාජ අසාධාරණය, පීඩනය, ක්ර ම විරෝධය වැනි විවිධ දිශාවන් කෙරෙහි කවිය යොමු වෙලා තියෙනව. එය මුල් යුගයේ ඉඳන් අද වනතුරුම තියෙන තත්වයක්. එතනදි නූතන පුරෝගාමී කවියන් වනජී බී සේනානයකගෙ සිරි ගුණසිංහගෙ ඉඳල හැත්තෑව, අසූව, අනුව දශකවල විශාල මැදිහත්වීම් කවිය ඔස්සේ සිදු කළ දයාසේන ගුණසිංහ, පරාක්රසම කොඩිතුවක්කු, රත්න ශ්රීැ විජේසිංහ, ඒරික්ඉයප්පාරච්චි, ආරිවංශ රණවීර, නන්දන වීරසිංහ, කුමාර හෙට්ටිආරච්චි වැනි අය විවිධාකාර සමාජාර්ථික දේශපාලන තත්වයන් දෙස වගේම මිනිස් පැවැත්ම පිළිබඳ වන දාර්ශනික අංශයන් කෙරෙහි තම නිර්මාණාක්ෂය යොමු කරල තියෙනව.
වර්තමාන පරම්පරාව නියෝජනය පුරෝගාමීන් මෙන්මඅද මුහුණු පොත තුළ කවි ලියන අලුත්ම පරම්පරාව පවා ආදරය විරහව වැනි මාතෘකා වලින් ඔබ්බට යමින් ඒ ඒ කාලවල තිබෙන සමාජ තත්වයන් පාදක කරගෙන සමාජය දිහා වෙනස් විදියක කියවීමක් කවිය හරහා සිදු කරමින් ඉන්නවා. නමුත් එදත් අදත් හැමදාමත් අනෙක් සියලුම අත්දැකීම් පාදක කරගෙන ලියන කවි වලට වඩා අති ප්රරබල මනෝභාවයන් වන ආදරය විරහව ගැන ලියවෙන නිර්මාණ ඉස්මතු වෙනව. සමහර විට අනෙක් සියලුමදේට වඩා ඒ මනෝභාවයන් ජීවිතය හා බැඳෙනව. කෙනෙකුට බඩගින්නෙ ඉන්න පුළුවන්. නමුත් ආදරය නැතුව ඉන්න අමාරුයි.

 ඔබ කවියෙක්ද?

මෙහෙමයි. මම මට දැනෙන දේ ලියනව. හැබැයි තනිකම පාළුව මකා ගන්නම නම් නෙවෙයි මං නිර්මාණ කරන්නෙ. ඒක අරමුණු සහගත ලිවීමක්. මම අද ඉන්න විදියත් එක්ක ඒ කියන්නෙ නියැලෙන වෘත්තිය වගේ දේවල් ගත්තම මට සමාජය සමග සංවාද කරන්න පුළුවන් මොඩලය තමයි මේක. එතෙන්දිකවියෙක්ද නැද්ද යන්න මට අදාළ කරුණක් නෙවෙයි. ඒක තනිකරම මගේ පාඨකයින්ගෙ තීරණයක්. ඒක සාපේක්ෂයි මගේ නිර්මාණ ඔවුන්ට දැනෙන ප්රාමාණයට.

ඇයි කවිය වර්තමානයේ අවියක් නොවන්නේ?

අපි ජීවත් වෙන්නෙ පාරිභෝගික සමාජයක. සමාජයේ සියලුමසාරයන් අහෝසි වෙමින් යනව. පුරුෂාර්ථ දිය වෙමින් යනව. සියලු දෙනාටම බල කෙරෙනව හැකි තරම් පාරිභෝජනය කරන්න, ආත්මාර්ථකාමී වෙන්න, විනෝද වෙන්න, සහ සියලු සම්බන්ධතා පාරිභෝගික සම්බන්ධතා බවට පත් කර ගන්න. මේ අද අපි ගෙවා දමමින් තියෙන දවස තුළ අපි සතු දැවැන්තම අභියෝගය තමයි මනුෂ්ය ත්වය වෙනුවෙන් පෙනී ඉන්න කොච්චර දුරට සූදානම්ද කියන එක. අපි ලියන දේවල් මනුෂ්යෝත්වය නියෝජනය කරනවනම්, ඒවයින් මිනිස්සු වර්ගය ජාතිය ආගම අනුව බෙදන්න පොළඹවන්නෙ නැත්නම්, පීඩිතයාවතවතවත් පීඩනයට පත් නොකරනවානම්, ඒ කවි අවි තමයි. කවිය අවියක් වෙන්න නම් කවියා ලියන දේවල් සහ ඔහුගේ ප්රාායෝගික භාවිතය අතර ‌ඓන්ද්රීයයසම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධය නැති වෙනකොටම ඔහුගේ කවිය ඔහු වෙනුවෙන් පෙනි සිටින්නෙ නැහැ වගේම ඔහු ඔහුගේ කවිය වෙනුවෙන් පෙනී සිටීන්නෙත් නැහැ. හැබැයි මේ අභියෝගය ජයග්රකහණය කරන්න බැරි අභියෝගයක් නම් නෙවෙයි. ඒකට අවශ්යන වෙන්නෙ සරල දෙයක්. විවෘත්තව බලන්න ඔබේ අනෙකා දිහා. එතන තමයි ආරම්භය.

 මුහුණු පොතේ ඉන්නා පිරිස් දවසක එක තැනකට ගැනීම කවි පොත් එළිදැක්වීමේ අරමුණක් කිව්වොත් එකඟ ද ?

ඒක සාපේක්ෂයි. සමහර වෙලාවට මුහුණු පොත් හරහා සම්බන්ධ වුණු විශාල පිරිසක් පොත් එළි දැක්විම්වලටඑනව. සමහර වෙලාවට නැහැ. නමුත් තවමත් අපේ පොත් එළි දැක්වීම් බොහොම සාම්ප්ර දායික මට්ටමක තියනව කියන එකයි මගේ අදහස. අපි දන්න හඳුනන පිරිසක් එකතු වෙනව. පොත හඳුන්වා දෙන දේශනවලට සවන් දෙනව. විසිර යනව. සමහර විට ඒ රැස්වෙන පිරිස රැස්වෙන්නෙ කෘතිය සමග බැදෙන්නට වඩා ලේඛකයා සමග තියෙන පෞද්ගලික සම්බන්ධතාවයනිසයි. ඊට පස්සෙ ඒ කෘතිය ගැන ලොකු සංවාදයක් සිදු වෙන්නෙ නැහැ. නමුත් පොත් එළි දැක්විම කියන එක යම් ප්රඊමාණයකට ආරම්භයක් තමන්ගෙ කෘතිය සමග සංවාදයකට එන්න කියල පාඨකයාට ආරාධනා කරන්න.

කවිය හා මේ පිරිස නවමු තත්වයක් වෙත යැවිය නොහැකිද?

අනිවාර්යෙන්ම පුළුවන්. බැරි නැහැ. මොකද මෑතකාලිනව කවියට එකතු වුණු තරුණ පිරිස ගත්තම ඔවුන් තුළ සෑහෙන හැකියාවන් තියෙන බව පේනව. හොඳ විභවයක් තියෙන බව පේනව. අපි ජීවත් වෙන සමාජය තුළ විවිධ අනුභූතින්අපිට හමු වෙනව. ඒ අනුභුතීන් සමහර විට අපේ පුරෝගාමී පරම්පරාවල අයට නොතිබුණු දේවල්. ඒ ඔස්සේ කවිය විවිධ වූ සොඳුරු ඉසව් කරා ගෙන යන්න පුළුවන් පිරිසක් කවිය වටා එකතු වෙමින් ඉන්න බව පේනව. හැබැයි ඔවුන් පැහැදිලිවම අභියෝග දෙකක් ජයගත යුතුයි කියල මං හිතනව. එකක් තමයි හැම අතින්ම අපේ සාරය දියකරන්න, පුරුෂාර්ථ දියකරන්නබලකෙරෙන මේ පාරි‌භෝගික සමාජය තුළ වුණත් තව දුරටත් මනුෂ්යඅත්වය නියෝජනය කරන්න සූදානම් වෙන එක. අනිත් කාරණාව තමයි නිතරම තමන්ගෙ නිර්මාණ පිළිබඳව ස්වයං ඇගයිමක්කරගන්න එක. මොකද මේ අලුත් කවින් පිරිස වැඩි වශයෙන්ම තමන්ගෙ නිර්මාණ මුහුණු පොත හරහායි පළමුවෙන්මෙ මුදා හරින්නෙ. එතෙන්දි ලැබෙන ප්ර තිචාර බොහෝ විට නිර්මාණයට වඩා පුද්ගලයා සමග බද්ධ වෙන බවක් පේනව. අනෙක් පැත්තෙන් මේ නවකයින්ගෙ නිර්මාණ කෙරෙහි ප්රෝවිනයින්ගෙ සහ විචාරකයිනගෙ පැත්තෙන් කෙරෙන සාධනීය මැදිහත්වීම මීට වඩා වැඩි විය යුතුයි. ඒහෙමවුණොත් තමයි පුළුවන් වෙන්නෙ අර ඔබ කළින්මතුකළ“එකම පිරිසක් ඉස්මතු වීම” වෙනුවට සැබැ දක්ෂයින් පිරිසක් එළියට ගන්න පුළුවන් වෙන්නෙ. අන්න එතකොට අපිට පුළුවන් වේවි මේ සංස්කෘතික වැඩබිම මීට වඩා සරු සාර කරන්න සහ පුළුල් කරන්න.

ඔබගේ කවි පොතෙහි මුඛ්යස අරමුණ පැහැදිලි කළොත්

ප්ර ධාන වශයෙන්ම ගත්තොත් මේ සමාජය පිලිබඳව මට කියවීමක් තියෙනව. ඒ කියවීම දේශපාලනිකයි කියල මං විස්වාසකරනව. අපි නියැලෙන වෘත්තින් අනුව සමාජ සංවාදය සඳහා විවිධ සිමාකම්තියෙනව. අපි ඒ සීමාකම්වලට යටත්. නමුත් අප තුළ ඇති සංවාදය අපි කෙසේ හෝ එළියට දැමිය යුතුයි. ඒකට අපිට අයිතියක් තියෙනව.නමුත් ඒ අයිතිය පාවිච්චි කරන්න සුදුසු මොඩලයක්හොයාගන්නඅපිට සිද්ධ වෙනව. නවකතාව, කෙටිකතාව සහ කවිය යන ශානරයන් මම යොදා ගන්නෙ අන්න ඒ මට තියෙන සමාජ සංවාදය සඳහා මේ මොහොතේ මට යොදාගත හැකි මොඩලය විදියටයි. මේ කවි පොත ගත්තොත් විවිධ තේමාවන් ඔස්සේ ලියවුණු කවි පණස් පහක් පමණ ඇතුළත්. විවිධ අත්දැකීම් තුළ බහා මේ සමාජය පිළිබඳව මේ මොහොතේ වන මගේ කියවීම තමයි “පඬු පැහැ කවි” කියන්නෙ.

 ඔබ කවුද ?

ඉතාම සරල ප්රවශ්නයක් ඔබ හරිම සංකීර්ණ විදියට අහනව. මං මේ රටේ සාමාන්යේ පුරවැසියෙක්. අවසාන මොහොත දක්වාම සහජීවනය වෙනුවෙන් පෙනි සිටින පුරවැසියෙක්.

පඩු පැහැ කවි එළිදැක්විමපිළිබද සදහන් කළොත් ?

පඬු පැහැ කවි මගේ දෙවනි කවි එකතුව. ජුනි මස 21 වන දින සවස 3.00 කොළඹ මහවැලි කේන්ද්රොයේදි එළි දක්වන්න කටයුතු සුදානම් කෙරෙමින් පවතිනව. මං කැමතියි සහෘද ඔබට ආරාධනා කරන්න ඒ අවස්ථාවට සහභාගි වෙන්න කියල.

සාකච්ඡා සටහන – තුසිත පතිරණ

One thought on “කවියෙකුට “අපේ උන් සහ අරුන්” කියල මිනිසුන් වර්ග කරන්න බෑ – සෝමසිරි ඒකනායක

  • June 7, 2019 at 3:02 am
    Permalink

    කියවීමි… සටහන සාධනීය කාව්‍ය හරපද්ධතියක අන්තර්ගතය විද්‍යාමාන කරයි..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *