ඒ නුවර අහස යට…… මේනුකා දම්සරණී –  2019.07.01

ඒ පේ‍්‍රමයේ නගරය හදවත් මුණගැස්වූ නගරය බිඳුණු හදවත් පවා පේ‍්‍රමයේ සියුම් හෝ රැුහැනකින් බැඳ තැබූ නගරය
ඒ නුවර අහස යට අමතක නොවන තැනක් නැති තරම් අර කහ පාට ඇහැළ මල් හැලූණු ආඩම්බර වැව් ඉවුර මොනතරම් පෙම් කතා දන්නවා ඇති ද සමහරවිට වළාකුළු බැම්මේ හැපි හැපී කියන්නේ ඒ පෙම් කතා වෙන්න ඇති වැව් දියට දරාගන්න බැරි තරම් පෙම්වත් ඇති ඒ දෙබස්
ආයෙමත් කාලෙක ළා රතු පාටින් වැව් ඉවුරෙ තුරු මුල් වහන් ඇතිරෙන රොබරෝසි යාය මොනතරම් සුන්දර ද ඒ මල්වල මායාවෙන් වෙන් වෙන්න හිතන් වැව් ඉවුරෙ මුණුගැහුණු පෙම් හිත් කීයක් ආයෙමත් අත්වැල් බැඳන් ඇවිදන් යන්න ඇති ද නුවර වැව රවුමෙ ජෝයි බෝට් එක ළඟ මග නොබැලූව පෙම්වතියක් ඒ නුවර අහස යට නැතුව ඇති ඒ මහා විශාල මැයි ගස් මුදුන් එහෙම හමුවෙන පෙම්වතුන් කීයකට හෙවණ දීලා ඇති ද
මහමායාවේ, ධර්මරාජෙ, හිල්වුඞ් එකේ සුන්දර මතක ඒ වැව රවුමේ වැඞ්පුරම ලියවිලා ඇති
වළාකුළු බැම්මට බරවෙලා කිරි මුහුද මැද්දේ පුංචි දුපත බලාගෙන ඇහැළේපොළ කුමාරිහාමිගේ කතාව මමත් මතක් කළා ඉස්සර ඇය වින්ද දුක් කන්ද දළදා හාමුදුරුවන්ටත් නොපෙනුනා ද කියලා මටත් හිතුණා සිය දහස් වාරයක්
රැුජිණ හෝටලේ සුදු පාට උස බිත්ති දිහා වැව් ඉවුරෙ ඉඳන් බලාගෙන රැජිණ හෝටලේ පෝරුවක් උඩ කවදාක හරි මනමාලියක් වෙන්න හීන දැක්ක ගෑනු ළමයි අතරින් මමත් කෙනෙක්
සුදුම සුදු නෙළුම් මල් වට්ටියක් අරන් දළදා මාළිගාව දිහාට ඇවිදගෙන යද්දි හිත නිවෙන තරම ඈත ඉඳන්ම පත්තිරිප්පුව දිහා බලාගෙන ඉස්සර රජ දවස හිතින් මවාගෙන දළදා මාළිගාවේ හැමතැනකම ඇවිදිනකොට නුවර තරම් පින් බිමක ඉපදුණු එක ගැනම දැනෙන්නේ පුදුම ආඩම්බරයක්
මඟුල් මඩුවේ ලී කනුවකට බරවෙලා යෙහෙළියන් එක්ක කියපු රස කතා විභාගෙ ළංවෙනකොට සමහර දවස්වල එතැන ඉඳන් පාඩම් කරපු හැටි ජීවිතේ පුරාවට ම නොමැකෙන චිත‍්‍රයක් වගේ
එහෙම ම වැල් බෝධියට ගිහින් පැන් කළයක් අරන් මොනතරම් දේවල් බෝ සමිඳුගෙන් ඉල්ලලා ඇති ද ඉල්ලපු හැමදේම නොලැබුණත් ඒ සිසිලේ දැනෙන සැනසීමම ඇති අදටත් හිත නිවාගන්න
ආයමත් වැව රවුම දිගේ හති දාගෙන අපේ සිංහල පන්තියට දුවපු හැටි මතක් වෙනවා අවන්හලේ වේදිකා නාට්‍ය ශාලාවේ සන්නස්ගල සර්ගේ සිංහල පන්තිය ජීවිතේ ආසාවෙන්ම ගිය පන්ති අතරින් එකක් නුවර එහා කොනේ භූගෝල පන්තිය ඉවරවෙලා පැය භාගෙන් වැව රවුමේ අවන්හලට පයින්ම දුවගෙන ආපු නිසාම හැමදාම ඉන්න වුණේ පන්තියේ අන්තිමම පේළිවල ඒත් දවසක්වත් කට් නොකරපු එක ම පන්තිය සැළලිහිනිය නූතන පද්‍ය පාඩම් අතරෙ පොත්වල පිටිපස්සේ ලියපු කවි කෑලි තවම මතකයි පන්තිය ඉවරවෙලා ආයෙමත් වැව රවුමෙ ඇවිදගෙන යන්නේ පුදුම සැහැල්ලූවකින්
නගරෙට අලූතින් එකතු වුණ ගොඩනැගිල්ලක් වුණත් සිටි සෙන්ටර් කියන්නේ ගිමන් හරින්න කියාපුම තැනක් අව්වේ ඇවිත් පොඞ්ඩක් කූල් වෙන්නේ කේසීසී එක හරහා ගිහින් යාළුවො එනකම් බලන් හිටිය යාළුවො මුණගැහුණු වේලාව යවාගන්න රස්තියාදු ගහපු නුවර මතක පොතේ අමතක නොවෙන තැනක්
නුවර අහස උඩින් පේන සුදු පාට බුදු රුව හිත නිවන තවත් මතකයක් පුංචිම දවස්වල බහිරව කන්දෙ ගිහින් සත්තුන්ගේ හැඩ තියෙන කැට හතරක් අක්කටයි අයියටයි මටයි මල්ලිටයි තාත්ති අරන් දීලා තිබුණා අදටත් නුවරට යන වාරයක් පාසා ඒ මතකය අලූත් කරනවා ඒ සුදු පාට බුදු රුව
වැව රවුමෙ අමතක නොවෙන තවත් මතක ඉමක් වේල්ස් පාක් හිත නිවන තැනක් ආදරණීය හිත් හමුවුණු වෙන් වුණු තැනක් ආදරවන්තයින්ගේ පාරාදීසයක් තුරු හෙවනක පුංචි බංකුවක වාඩිවෙලා මග බලන් හිටපු දවස් තිබුණා ඒ ඇවිත් ආදරෙන් මුමුණපු දවස් තිබුණා ඒත් අවසාන මතකය කඳුළු පිරුණු වෙන්වීමක් විතරයි හමුවුණු තැනදිම නිමා වුණ ඒත් අදටත් නුවරින් පිටවෙලා එද්දි බස් එකේ කවුළුවෙන් කන්ද උඩ වේල්ස් පාක් එක බලලා අතීතය මතක් කරලා හිනාවෙලා එන්න අමතක වෙන්නේ නෑ
බස් එකෙන් ඇවිත් කඩුගන්නාවේ කන්ද පහුවෙද්දි දැනෙන හීතල හුළඟ ඇත්තටම කිව්වොත් මම ගෙදර ආවා කියන හැඟීම හිතට දනවනවා ඒ සීතල හුළඟ තරම් සනීපයක් මේ මහපොළව උඩ තවත් නැතුව ඇති කියලා හිතෙන තරමටම හැඟීමක් ඇති කරන්නේ ඒ හුළෙඟ තියෙන්නේ මගේකම මට දැනෙන්නේ එහෙමයි ඇත්තටම සුද්දා ගල විද්දෙ නැත්නම් නුවර කියන දිව්‍ය ලෝකේ අපිට මගහැරෙන එකක් නෑ මේ තරමටම
පේරාදෙණියෙ පාලම උඩින් බස් එක එද්දි මහවැලි ගඟ දකින හැම පාරක ම හිතේ කිවි සිතුවිලි පොරබදිනවා ඒ තරම් ආදරණියයි ගොඩක් දවසට වැස්සට අහුවෙලා වතුර බොර පාටයි ඒ්ත් ඒ රැුලි අතරෙ ජීවිතේ තවමත් ලියාගන්න බැරි වුණු කවියක් හිතට ඇවිත් මැකිලා යනවා ගං ඉවුරෙ අඳුරු තුරු වදුල තාමත් එහෙමමයි ඒ සිසිල හැමදාටම එහෙමම රැුඳෙන්න ඕන ඒ නුවර අහස යට
ගලහ හන්දියෙන් සරසවි පාර දිගේ යන්න හිතේ හීන කන්දක් තිබුණා උසස් පෙළ කාලේ හැම පොතකම පන්තිය ලියලා තිබුණේ උසස් පෙළ කියලා නෙවෙයි සරසවි පිවිසුම් පෙළ කියලා ඒ තරම් ඒ සරසවියට පෙම් කළා සරසවි හීනේ මග හැරුණත් රූස්ස ඇහැළ ගස්වලින් බිම හැළෙන කහ පාට මල් යාය දකින්න රොබරෝසියා ගස් යට මල් පාවඩ දකින්න සරසවියේ අයිනකින් මහවැලි ඉවුරෙ සීතල විඳින්න ගෙදර යන වාරෙක වෙලාවක් ලැබුණොත් අදටත් අමතක කරන්නේ නෑ
පේරාදෙණිය මල් වත්ත ආදරයේ තවත් නවාතැනක් හැමදාම මල් පිරුණු පාරාදීසය හදවතින් දහස් වාරයක් ඔබත් එක්ක ඒ පුංචි අඩි පාරවල්වල හීනෙන් මං ඇවිදලා ඇති අඳුරු තුරු හෙවනක ඇඟිලි තුඩුවලින් ඉස්සිලා ඔබේ නළල සිපගෙන ඇති මල් පඳුරු ළඟ තණ බිස්සක වාඩිවෙලා ඔබේ උරහිසක හිස තියන් ඉන්න හවසක් ගැන මම තාමත් හීන මවනවා
ඒ උද්‍යානේ කෙලවරක උණ පඳුරුවලට එහායින් හීන් හඬින් ගලාගෙන යන මහවැලිය දිහා ඔබත් එක්ක බලාගෙන ඉන්න දවසක් මම තාම ප‍්‍රාර්ථනා කරනවා
ගැටඹේ පින් බිම කලබල පිරුණු මහපාර අයිනේ වුණත් කහ පාට පුංචි තාප්පෙන් ඇතුළෙ නිවුණ ලෝකයක් මවන අනුහස් පිරුණු පුංචි නිවන් පුරයක් මට නම්
කිංග්ස්වුඞ් ස්වර්ණමාලි විහාරමහාදේවි පාසැල් මතක පිරුණ වීදී මොනතරම් හැඩ ද ඉස්කෝලේ ඇරෙන වෙලාවට ජීවිතේ සුන්දර ම මිතුරියන් දෙදෙනෙක් සදාකාලික මිතුරු රැුහැනකින් බැන්ද උසස් බාලිකාවේ මතකයන් හදවතේ රැුඳෙන්නේ බොඳ නොවෙන සිතුවමක් වගේ
නුවර අහසට අපිටත් වඩා පෙම් බඳින හන්තාන කඳු මුදුන ඒ පේ‍්‍රම නගරයේ පිවිතුරුම ඉසව්වක්. ඉර එළියෙන් සඳ එළියෙන් හේදි හේදී පෙම්වතුන් සිය දහසකගේ පිය සටහන් පරිස්සමින් තුරුල් කරන් නුවර පොළව හෙවන කරන යෝධ හන්තාන, මට හිතෙන්නෙම ඔබෙත් මගෙත් පිටසටහන් ආදරෙන් තුරුලූ කරගන්න මග බලන් ඇති කියලා.

මේ මගේ සුන්දර නුවර. ජීවිතේ ආදරණීයම මතක පොත. නුවර වීදි දිග නුවර පෙරහැර ආඩම්බරෙන් යන ඇහැළ මාසෙ උදාවෙනවා. වැව් ඉවුරේ කහ ඇහැළ මල් පිපෙයි. රොබරෝසි පාවඩ නැතුවට මොකද, මට ආසයි ඒ සීතල වැව් ඉවුරෙ ඔබේ අතක පැටලිලා ඇවිදන් යන්න. නුවරු ඇස් අයාගෙන බලන් ඉඳීවි, අපේ පේ‍්‍රමයේ කරඬුව හදවතින් දරාගෙන තේජසින් ඒ වීදි දිග ඇත් ගමනින් ඔබ ඇවිදන් යනකොට…. ඒ නුවර හැම මායිමකම ඔබේ පියසටහන් එක්ක මගේ මතක පොත අලූත් කරගන්න, ඉර බැහැගෙන යන හැන්දෑවක වැව රවුමේ බංකුවක ළං ළංව වාඩිවෙලා ඔබේ උරහිසක හිස තියන් බඳ වටේ දැනෙන ඔබේ දෑතෙම උණුහුම එක්ක ජීවිතේ ගැන පුංචි හීන අහුරක් මවන්න….

රැජිණ හොටලේ උස් දොරටුව ගාව ඔබේ අතක පැටලිලා ඔබේ ම මනමාලි වෙලා අලූත් ජීවිතේකට පාර හොයන්න… ඒ සීතල නුවර මතක අතර මිදෙන මගේ හීන උණුහුම් කරන්න….
ඇත්තටම…. මට උඹත් එක්ක මගේ නුවරට පියාඹන්න ආසයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *