පොතකින් දැනුණු කවියක් – 05

කෘතිය : මට ඔබව දැනෙන තැන
කතෘ : වසන්ත ප්රනදීප් හෙට්ටිආරච්චි
ප්‍රකාශන : සන්ථව

වර්ෂ 2016 දී තම කුළුඳුල් ම කාව්යට සංග්රයහය ලෙස වසන්ත ප්රනදීප් හෙට්ටිආරච්චි කවියා විසින් “මට ඔබව දැනෙන තැන” කාව්යී කෘතිය ජනගත කරයි. මෙහි කාව්යය නිර්මාණ තිස් තුනක් අන්තර්ගත ය. මානව සබඳතා බිඳවැටීමේ ඛේදවාචකය සමස්ත කාව්යාිවලිය පුරා ම අපට හමුවන පොදු හුයකි. විවිධ කාව්ය් හිසින් නම් තැබූව ද එකී නිර්මාණයන් පුරාවටම තත් සඳහන් ඛේදවාචකය පිළිබද කවියා සංස්පර්ශය කරනුයේ ඉතා සියුම් ලෙස ය.

ඛේමා… මම පාර මාරු වෙන්නම්…

අරගලවල දි නිතර ම
මගේ වම්පස ඉඳ
රිදී සීනුව හැඬවුව
අව්යාසජ සොහොයුරිය… ඛේමා
දැන්… ඛේමා නෝනා…

ලෝගු පැලඳුව පින්තූරයට
අවසන් ඇණය වදින්නත් පෙර
“ඕවා ම කර වැඩක් නෑ දිගට ම…
අපේ දියුණුව ගැන
හිතමු බිම්සර…”

කියා අතකින් ඇදගෙන
දකුණට පැන්න ඛේමා
ඕන අතකට කැරකෙන
ලේකම් අසුන මත හිඳ
පහත වක්කඩවල් වෙතට හැම විට
කෙළ ගසන බව…
කනෙහි ඇනෙනා යවුල් බොහොමා…
මැතිනියාරාමයේ පින් කඳ
මියුරු කවි බණ කියන කටහඬ
“නෝනා දැන් හරි පාට වැටිලා…”
කියන විට..

අනිත්යිය මෙනෙහි වෙන්නෙ… කොහොමා
සී.සී.ටී.වී. කැමරාවෙ ඉව
තුඟු පවුරු… වාසල් ඉමෙන් පැන
කුරා කුහුඹුවෙකුට… එන්න බැරි සීමා
දමාගත් මේ ජීවිතය මට
හරි ම වෙහෙසයි…ඛේමා…

ඉතින් මේ පොඩි එකිත් අරගෙන
ආයෙමත් මම
මාරු වෙන්නම් පාර ඛේමා…

රූපාන්තරණය වන ප්‍රේමයේ විප්‍ර යෝගය අරමුණු කරගනිමින් “ඛේමා… මම පාර මාරු වෙන්නම්…” කාව්‍ය පංතිය සංරචිත ය. තම බිරිද අතහැර දරුවා සමඟ මහ මඟට බට සැමියෙකු මෙහිලා නිර්මාණකරුවා තම වස්තු විෂය කරගනී.

“අරගලවල දි නිතර ම
මගේ වම්පස ඉඳ
රිදී සීනුව හැඬවුව
අව්‍යාජ සොහොයුරිය… ඛේමා
දැන්… ඛේමා නෝනා…”

නිර්මාණය ආරම්භයේදී ම මානව සබඳතාවට එහා ගිය ප්රුබල දේශපාලනික කියවීමක් කවියා උපස්තම්භනය කරයි. විශ්ව විද්‍යාලයේත් ඉන් පරිබාහිරවත් කථකයා සහ ඔහුගේ බිරිද පාලන තන්ත්රුයට එරෙහිව අරගල කළහ. ‘වම්පස’ යන රූපකයෙන් ඔවුහූ වාමාංශික දේශපාලනික ප්රිවාහයක් නියෝජනය කරන බව මැනවින් විශද වෙති. ‘රිදී සීනුව’ යන පද ද්වයෙන් කථකයාගේ බිරිදගේ චතුර කතිකත්වයත්, වාමාංශික පෙරමුණක සංකේතයත්, යන ද්විත්වාර්ථය ම එකම යෙදුමකින් නිරූපණය කරනුයේ කවියා සතු කාව්‍ය ප්‍රතිභාව නිසාවෙනි. ‘ඛේමා නෝනා’ යන ඖචිත්යක යෙදුමෙන් අරගල කළ ඛේමා සොහොයුරියගේ ජීවිතයේ අනපේක්ෂිත පරාවර්තනයක් සිදු වූ බව කවියා ආලෝලනය කරන්නේ පාඨක හදවතෙහි ප්‍රබල චිත්ත රූපයක් මවමිනි.

“ලෝගු පැලඳුව පින්තූරයට
අවසන් ඇණය වදින්නත් පෙර”

විවිධ අරගල මධ්‍යයේ කථකයාට සහ ඔහුගේ බිරිදට උපාධිය ද අහිමි වේ. විමුක්තිය උදෙසා අරගල කිරීම කිසිදු ප්‍රතිඵලයක් නොවන ක්‍රියාවක් බව දැනගත් ඛේමා, කථකයාගේත් තමාගේත් ජීවිතයේ සුඛ විවරණය පිණිස විමුක්තිදායක සටනට තිත තබයි. ‘දකුණට පැන්න ඛේමා’ යන පද්‍යය පාදයෙන් එය මනාවට සංලක්ෂය වේ.

පාලක තන්ත්රතයට පක්ෂපාති වන කථකයාගේ බිරිද උසස් නිළතල දරමින් බල තණ්හාවෙන් ඔද්දල් ව පීඩිත පංතියට අසාධාරණකම් සිදුකරන්නේ මෙ ලෙසිනි.

“ලේකම් අසුන මත හිඳ
පහත වක්කඩවල් වෙතට හැම විට
කෙළ ගසන බව…”

කථකයාගේ බිරිද ඛේමා දිනෙන් දින තම දේශපාලනික වපසරිය පුළුල් කරගනී. ‘මැතිනියාරාමයේ පින් කඳ’ යන්නෙන් ඇය මන්ත්රීේවරියක වූ බවට දෙස් දෙයි. කවියාගේ පද සංඝටනය ප්ර ශස්තය.

“නෝනා දැන් හරි පාට වැටිලා”

දිවා රෑ නොබලා විශ්ව විද්‍යාල අරගලවලදී විවිධ ව්‍යසනයන්ට ගොඳුරු වූ කථකයාගේ බිරිද දේශපාලනික බලය හා මුදල් මත තම ප්රාතිරූපය වෙනස් කරගන්නායුරු කවියා උපහාසයට ලක් කරන්නේ ඉතා සූක්ෂම ලෙස ය. ‘පාට වැටිලා’ යන අවස්ථානෝචිත පද භාවිතයෙන් පාඨක මනසෙහි රූපණය කරන සිතුවම වඩාත් තිව්ර් වෙයි.

“සී.සී.ටී.වී.”, “තුඟු පවුරු” සහ “වාසල්” යන ඖචිත්යි පද තුළින් කථකයාගේ නව සුපෝඛභෝගී ජීවන වෘතාන්තය විද්යාරමාන වේ. ‘සී.සී.ටී.වී.’ යන තත්සම පද තත්භව පද සමඟ සම්මිශ්රි තව භාවිකාර්ථ ජනනය කිරීම කවියාගේ භාෂා නෛපුණ්යුතාවය යි.
කථකයා තම බිරිදගේ දේශපාලනික බල ප්රාවාහය පිළිබද පංචස්තාප වෙයි. කවියා එය පද බඳින්නේ මෙ ලෙසිනි.

“ඉතින් මේ පොඩි එකිත් අරගෙන
ආයෙමත් මම
මාරු වෙන්නම් පාර ඛේමා…”

කථකයා තම බිරිද අතහැර යාමට සූදානම් වෙයි. කවියා තම පද්යි නිර්මාණය තුළ අන්තර්ගත නොකළ ද කථකයා තම දැරිය සමඟින් ඛේමාට සමුදෙන්නේ ඇතැම්විටක ඛේමා මේ දේශපාලනික බල තන්ත්ර යට බලලෝබීව තම දැරිය පවා ප්රඇතික්ෂේප කිරීම නිසා යැයි මාගේ කියවීමේ පරිචය මත හැගෙයි. ‘මාරු වෙන්නම් පාර’ හි වාච්යාර්ථය ගම්යත කළ විට කථකයා තම බිරිදගෙන් වෙන්වීම උපලක්ෂිත කරයි. කවියා ව්යංනගව විද්යාාමාන කරනුයේ කථකයා නැවත වාම ප්රතතිපත්ති අනුගමනය කරන බවදැයි උභතෝකෝටික ප්‍රෙහළිකාවකි . තම තම රසවින්දන පරිචය මත එය තීරණය කළ මනාය.

අතීතයේ මෙරට පීඩිත පංතිය වෙනුවෙන් අරගල කොට දිවිපිදූ විමුක්තිදායකයින් සිටිය ද වර්තමානයේ දක්නට ලැබෙන්නේ ව්යාරජ සටන්පාඨ සහිත තම මඩිය තරකරගන්නා දේශපාලකයන් ය. කුටුම්බිගත යුවළකගේ පවුල් සංස්ථාවේ බිඳවැටීම අරමුණු කරගනිමින් නිර්මාණය කරන ලද මෙහි කවියා යොදාගන්නා රූපක සංකේතාර්ථත්, චිත්ත රූප මවන බස් වහරක්, සරළ ගද්‍යයක ආකෘතියත්, භාවිකාර්ථ ජනනය කිරීමත්, සියුම් ලෙස උපහාසය උද්දීපනය කිරීමත්, කවියාගේ ගැඹුරු දේශපාලනික කියවීමත් සැළකූවිට මෙම කාව්යර කෘතියේ එන විශිෂ්ට කාව්යර නිර්මාණයක් ලෙස මෙය සංනිදර්ශනය කළ හැකි ය.

One thought on “පොතකින් දැනුණු කවියක් – 05

  • July 10, 2019 at 9:11 am
    Permalink

    කියන්න වචන නෑ. ගොඩක් රසවත්……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *