ක්‍රීඩාවේ පෙමට නිමක් නැත.

චාරුලතා පටේල් 87 වියැතිය. ඈ බර්මින්හැම් ක්‍රීඩා පිටියට ඇතුලු වී තිබුණේ රෝද පුටුවකින් සිය මිනිබිරියගේ ආධාරයෙනි. ඈගේ දෙකම්මුලේ ඉන්දීය ධජය වර්ණ ගන්වා තිබිණ. රෝහිත් ෂර්මාගෙන්, කෝලිගේ පිත්තෙන් හතරේ පහරක් එල්ල වන කල ඈ ප්‍රීතියෙන් කෑ ගැසුවාය. Vuvuzelaව (ක්‍රීඩා ලෝලීන් බහුලව භාවිත කරන නලාව) නාද කලාය. ඒ ඇගේ ප්‍රීතියයි. ඇය ක්‍රීඩාව විදගන්නා ආකාරයයි.

“මම කුඩා කල ඉදන්ම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම ප්‍රියයි. මගේ ලමයි අවසන් පූර්ව තරගයට යනවා මම බලන් හිටියේ හරිම ආසාවෙන්. ඔබ දන්නවද? මේ ලමයි ගහන හැම ලකුණක්ම මම ගෙදර පොතක සටහන් කරනවා. ඕනේනම් මම ඔවුන්ගේ ඉනිමෙන් ඉනිම ලකුණු ලබාගත් හැටි කියන්නම්. ඒක මගේ විනෝදාංශයක්.” චාරුලතා මාධ්‍යට කීවාය.

ඉන්දීය නායක විරාට් කෝලි තරගයෙන් අනතුරුව චාරුලතා වෙත ආවේය. ඇගේ දෙපා නමැද ඈ සිපගත්තේය. ඈ ඔහුව දෑතින්ම වැලද ගත්තාය. ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩයකින්ට දක්වන සෙනෙහස ගැන චාරුලතා අපට පෙන්වා දුන්නීය. ඒ සෙනෙහසට හිලව්වක් ලෙස ක්‍රීඩකයින්ට ජයග්‍රහණයෙන් තෑගි ලබාදිය හැකි බව කෝලි පෙන්වා දුන්නේය. මිත්‍රවරුනි, ක්‍රීඩාව ගැන හටගන්නා පෙමටත්, ක්‍රීඩාව නිසා හටගන්නා පෙමටත් නිමක් නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *