සිහින දකිමු, ඒවා සැබෑ කරගනිමු.. – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි – 04

නිර්මාණශිලිත්වය ඇතිවෙන්නෙ මිනිස් සිතේ ඇතිනව පරිකල්පනය, සිහින, නිසා. සිහින, මවා ගැනිමි නොදැක චින්ත රූප මවා නොගෙන අප කරන කියන. වැඩ රාජකාරිවල වෙනසක් දැකිය නොහැකි වෙනවා. වගේම එකාකාරි බවක් ඇති වෙනවා. එ පමණක් නොව එය සාර්ථක වැඩක් වෙන්නෙ නෑ. නිකම් නිමා කළ වැඩක් බවට පත් වෙනවා.

අපේ විශේෂ හැකියාවන් පුළුල් කරන ඉහල දායකත්වයක් සපයන දේ⁣ට නිර්මාණ කරණය කියමු. නිර්මාණශිලික්වය යනු කලින් යමක් සිදු නොවු නැවුම් යමක් සිදුකිරිමයි. මෙය ප්‍රතිභාව ලෙසද හදුන්වයි.

ඕනෑම යමක් නිර්මාණය වන්නෙ පළමුව අපේ සිත තුළය. ග්‍රැහැම්බෙල් දුරකතනය සොයා ගත්තේ තම බිරිඳගේ බිහිරි බවට පිළියමක් වශයෙන් වුවද එය අද අපේ අත්‍යාශ්‍ය උපකරණයක් වි හමාරය. ඉතාලියේ අහස සිඹින දේවස්ථාන ගොඩ නැගුනේ එදා මිනිස්සුන් අහසෙහි සිටින දෙවියන් ගැන සිහින මැවු නිසාය.

අද අපි යන එන වාහන. අදින පළදින ඇදුම්. ආහාර පාන අපි පාවිච්චි කරන බොහො දේ ⁣නිර්මාණය වුනේ මවාගත් සිතුවිලි මතින් මුදාහැරි ප්‍රායොගික නිර්මාණ නිසාය.

ලොව ගොඩ නැගෙන සෑම සංවර්ධන දියුණු වැඩපිළිවෙළක මුල් අමුද්‍රව්‍ය සපයන්නෙ මිනිස් සිතේ වූ සිතුවිලිවල ඵලයන් නිසාය. අපේ නව සිතුවිලි යට යන්නට ඉඩ නොදි. සිතුවිලි, පරිකල්පන වලට වටිනාකමක් දෙමු.

සතුටින් පිරුණු ජිවිතයකට නිර්මාණශිලිත්වය ඉතා වැදගත් වේ. එය අපි නිවසින් ආරමිභ කරමු . පළමුව අහාර සකසන විදිය වෙනස් කර බලමු. නව ආහාර සොයා ගමු.

ගෙදර සාලය කාමර එකින් එක නිර්මාණශිලිව වෙනස් කරමු. අර ගෙදර මේ ගෙදර වගේ නොව අපේ ගෙදර අපේ සිතුවිලි අනුව වෙනස් ගෙයක් කරමු.

ඔබේ සිතේ ඇති සිහින සිතුවිලි වල දොර අගුලු හැර තබා ගමු. සීමා මායිම් ගලවා ඔබේ සිතුවිලි සිහින ගැන විශ්වාස කරන්න. ඔබට අවශ්‍ය දෙවල් ලැබෙන අකාරය ගැන නිර්මාණශිලි වන්න. ඔබේ සිතුවිලි අදහස් ඔබට මහා සම්පතකි. එයින් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ සිතුවිලි වලට වටිනාකමක් ⁣දෙන්න. ඔබේ පළමු පියවර වෙනස් කරන්න. බිය නැති කරගන්න. හැමදාම අවදියෙන් සිහින දකින්න. එ සිහින නිර්මාණ ගන්වන්න. සුභවාදිව උත්සාහයෙන් සිහින සැබෑවීමට තල්ලු කරන්න. එවිට ඔබ දුටු ඉහල ජිවන රටාව, රැකියාවේ උසස්වීම්, ඉහල දැනුම සතුට ඔබට ළගා වේවී නොදනීම.

….සද…

One thought on “සිහින දකිමු, ඒවා සැබෑ කරගනිමු.. – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි – 04

  • July 11, 2019 at 4:03 pm
    Permalink

    Samaniyena jivithe ekavara ekavage avastha 2k lebunu velavaka wada sarthaka de thora ganne kohamada (vihiluvata nemei)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *