ජීවිතේ බබල්ගම් එකක් කරගන්නෙපා.

ගොඩක් වෙලාවට අපි බබල්ගම් කන්න ආසයි. ඒක ලොකු පොඩි කියලා බේදයක් නෑ. හිතන්න එහෙම ආස නැති අයත් අපි එක්ක ඉන්න පුළුවන්.

හැබැයි අපි හැමෝම එකම එක පාරක් හරි ඔය කියන එ බබල්ගම් එක කාලා ඇති. සමහර විට අනිත් අය කාලා ඒ ගැන කියන කතා නිසා අපිටත් ඒක කාලා රස බලන්න ආස හිතෙන්න ඇති. ගොඩක් වෙලාවට එහෙමනේ වෙන්නේ.

එ බබල්ගම් එකක් චොකලට් එකක් වගේ කන්න බෑ. අයිස්ක්‍රීම් කනවා වගේ කන්නත් බෑ. ටොෆියක් කනවා වගේ කන්නත් බෑ. ඒක බොහොම පරිස්ස්මට කන්න ඕන දෙයක්. බබල්ගම් එක ක්ෂණිකව ඇලවෙනවා. පොඩි කාලේ ඒක ඇඟ පුරාම අලවගෙන කරකියා ගන්න නැති වුණ අවස්ථාත් ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒක පරිස්සමට කන්න ඕන. 

අනිත් දේ තමයි බබල්ගම් එකක කටට ගන්න කොට තීන රස කාලා ඉවරවෙන කොට.. අන්තිමට රසයක් නැති වෙනකම් කාලා අපි ඒක කොහේට හරි විසි කරනවා. මොකද අපි දන්නවා දැන් ඒකේ රස නෑ කියලා.

ජීවිතේ කියන්නේ කට්ටක්. ඒක බබල්ගම් එකක් කනවා තරම් රස නෑ. සුන්දරත් නෑ. හැබැයි ඒක බබල්ගම් එකක් කනවා වගේ පරිස්සමට තමා කන්න ඕන. මොකද මේක අනවබෝධයෙන් යන්න බැරි ගමනක්. බබල්ගම් එකේ රස නැති වුණාම අපි ඒක විසී කලා වගේ ජීවිතේට දුක, ප්‍රශ්න, කලකිරීම් එන කොට දැන් මේ ජීවිතේ කිසිම රහක් නෑ කියලා අපිට අතාරින්න බෑ. අපිට එපා වුණත් ඕන වුණත් මැරෙනකම් අපි මේක අල්ලගෙන ඉන්න ඕන. මොකද මැරෙන්න කියලා අපි මේක අතාරියොත් අපිට වෙන්නේ ආයෙමත් මුල ඉදගෙන පටන් ගන්න. මේක රහයි. හැබැයි මුලදී තිත්තයි. ඇඹුලයි. අමාරු ටික කෑවට පස්සේ මැරෙනකම්ම ජීවිතේ ලස්සනයි. අපි මේ මහන්සි වෙන්නේ අන්න ඒ රහ තියෙන තැන හොයා ගන්න. 

හැමෝටොම අවස්ථාවක් තියෙනවා. ජීවිතේ රහ විඳින්න. ඒ නිසා අවබෝධයක් ඇතුව මේ ගමන යන්න. හැබැයි අත්හරින්න එපා. කෝමම හරි අල්ලගෙන ඉන්න. ජීවිතේ රහත් නෑ, තිත්තත් නෑ..! ඒ නිසා ජීවිතේ බබල්ගම් එකක් කරගන්නෙපා.
.
~.දිදූ.~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *